විවාහයට සුදුසුම කාන්තාව 02

April 22, 2017
35,386
The 3 best women to marry according to the zodiac signs - Part 2
සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උපන් ලග්නයෙන් අදාළ කෙනා ගැන ගොඩාක් විස්තර කියන්න පුළුවන් නේ. ඒ විදිහට තමයි ජෝතිෂ්‍යයේ සඳහන් වෙන්නේ. ඉතින් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාව ඉපදිලා තියෙන්නේ මොන ලග්නයෙන්ද? එයට අදාළ චරිත ලක්ෂණ මොනවද කියලා සැලකිලිමත් වෙනවා නේ නේද?

විවාහයට සුදුසුම කාන්තාවෝ ඉපදෙන්නේ ප්‍රධාන ලග්න දොළහෙන් ලග්න 3කට අදාලව බව අපි කලින් කිව්වා මතකනේ. අපි කලින් කතා කලා කටක ලගනයෙන් උපන් කාන්තාව විවාහයට සුදුසුම කාන්තාවක් වෙන්නේ කොහොමද කියල. අද කතා කරන්න යන්නේ මේෂ ලග්නයෙන් උපන් කාන්තාවන් ගැන. ඔබේ බිරිඳ, පෙම්වතිය මේෂ ලග්නයෙන් උපන් කාන්තාවක් නම් ඔබත් සැබෑම වාසනාවන්තයෙක්.

මේෂ ලග්නය

මේෂ ලගන්යෙන් උපන් කාන්තාව සැබෑවටම තමන්ගේ සහකරුවා වෙනුවෙන් කැප වෙන අවංකව ඔහුට ආදරය කරන අයයි. තමන්ගේ අදහසේ ස්ථිරවම එල්බගෙන කටයුතු කරන මොවුන් දැඩි අදහස් ඇත්තියන්. ඒ වගේම ස්වාමියා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනවා. ඔහු වෙනුවෙන්ම තමන්ගේ දැඩි බව මකාගෙන, දැඩිව නම්‍යශීලි වෙනවා.

මොවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ කටයුතු සඳහා තමන්ගේ සහකරුගේ සහයෝගය බලාපොරොත්තු වෙන අය. ලොකුවට උදව් නොකලත්, ඔහු ඇය සමගින්ය කියන අදහස, දැනීම නිරන්තරයෙන් මේෂ ලග්න හිමිකරිනියන් සම්බන්ධතාවයකදී දිරිමත් කරවනවා. එහෙම කලාම පෙරලා ඔබට ලොකු සමාජ පිළිගැනීමක් ලැබෙනවා. කොහොමත් මේ අය තමන්ගේ සහකරු සමාජයේ ගෞරවයට, විශේෂ පිළිගැනීමකට ලක් කරන්න මහන්සි වෙනවා. ඔබව ඉතාමත් ශක්තිමත් සහ වගකීම් සහගත පිරිමියෙක් කරන්න ඇය හැම අවස්ථාවකදීම කැප වෙනවා.

පොලවේ පය ගහලා ඉන්න මේ අය ගන්නා තීරණ හරිම ප්‍රායෝගිකයි. පොඩි අවුලකට කියල තියෙන්නේ මේ අයව ලේසියෙන් සතුටු කරවන්න අමාරුයි. මේෂ ලග්න හිමිකරියොත් කොහොමත් සුපිරි වැඩකාරියෝ නිසා, සහකරුගෙනුත් ඇය එවැනිම සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැතිනම්, කොහොමින් හරි ඔහුව ජිවිතයේ හිනිපෙත්තටම ගෙන යනවා. රටේ අනාගත නායකයන් කරන දරුවන් හදන අම්මලා ගොඩක් වෙලාවට මේ ලග්නයෙන් ඉපදුනු අය.

ඉතින් මේෂ ලග්න හිමිකරිනියක්ව කසාද බඳින්න දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඔබට නිසැකවම යහපත් වගේම ශක්තිමත්, අවබෝධයෙන් යුත් විවාහ ජිවිතයක් ගත කරන්න පුළුවන්.

විවාහයට සුදුසුම කාන්තාව 01 (කටක ලගනයෙන් උපන් කාන්තාව)

විවාහයට සුදුසුම කාන්තාව 03 (සිංහ ලගනයෙන් උපන් කාන්තාව)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 230 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:01 AM
Script:/article/230/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs-part-2.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:01 AM
Script:/article/230/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs-part-2.html