එකාකාර ආහාර රටාවකට වඩා පුංචි පුංචි වෙනස්කම් කිරීමෙන් හැඩකාරියන්ට යම් වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම කලබල වේලාවට ව්‍යංජනයක් සමග රටඉඳි චට්නි ටිකක් එකතු කර ගත්තොත් හිතේ පිරියෙන් කන්න පුලුවනි. එහෙමනම් රටඉඳි චට්නියක් ගෙදරදීම හදා ගමු...
අවශ්‍ය දේ :
රටඉඳි ග්‍රෑම් 500 ක්
විනාකිරි බෝතල් බාගයක්
කරදමුංගු කැබැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි දෙකක්
කුරුඳුපොතු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
වියලි මිදි ග්‍රෑම් 100 ක්
සීනි ග්‍රෑම් 150 ක්
අඹරා ගත් සුදුළූණු, ඉඟුරු සහ අබ මේස හැන්දක්
සාදන්නේ මෙහෙමයි :
01. මුලින්ම රටඉඳි සෝදා කැබලි කරන්න. මේ රටඉඳි කැබලි විනාකිරි සහ සීනි මිශ්‍රණයේ බහා පැය එකහමාරක් පමණ තබන්න.
02. දැන් භාජනයකට මිරිස් කුඩු, අඹරා ගත් සුදුළූණු, ඉඟුරු සහ අබ, කරාබු නැටි, කරදමුංගු සහ කුරුඳු එකතු කර ගන්න. එයට කැබලිවලට පොඟවන ලද රටඉඳි දමා පිසින්න.
03. රටඉඳි හොඳින් ඉදුන පදමට පැමිණි පසු ලිපෙන් බාන්න.
04. දැන් මෙයට වියලි මිදි, ලුණු එකතු කර නිවෙන්න තබන්න. තෙතමනයක් නැති බෝතලයක මේ චට්නිය අසුරන්න. අවශ්‍ය වේලාවට මේ චට්නිය ආහාරයට ගන්න.