ඔබේ අඬන දරුවා ඉක්මනින් නළවා ගන්න පහසු උපක්‍රමයක්..

December 17, 2021
59,728
A funny trick that stops your baby crying immediately
පවුලට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා කියන්නේ ඕනෑම දෙමව්පියෙකුට ආශීර්වාදයක්.. ඒත් යථාර්ථය නම් අලුත උපන් දරුවා අඬන එක දෙමාපියන්ට පැවරෙන වැඩ රාජකාරි එක්ක බොහෝ වෙලාවට මව පියාට ආතතියක් ගෙන එනවා.. දරුවා නළවා ගැනීමට ඔවුන් කරන්න පුලුවන් ඔක්කොම කරනවා. ඔබේ නිවසේත් කුඩා දරුවකු සිටිනවා නම් මේ අත්දැකීම ඔබටත් ඇති..

නමුත් ඔබ දන්නවාද කැලිෆෝනියාවේ සිටින ළමා රෝග විශේෂඥයකු වන වෛද්‍ය රොබට් හැමිල්ටන් බොහෝමයක් වෛද්‍යවරුන්ට සහ දෙමවුපියන්ට පොදු ගැටළුවක් වන අලුත උපන් බිළිඳෙකු සන්සුන් කරන්නේ කෙසේද යන්න පිළිබද පරීක්ශණයක් පවත්වා දරුවා සන්සුන් කරගැනීමට හැකි ඉක්මන් සහ සරළ පුදුම සහගත ක්‍රමයක් සොයාගෙන තිබෙන බව.

වෛද්‍ය හැමිල්ටන් විසින් "අඬන ළදරුවෙකු සන්සුන් කරන්නේ කෙසේද" යන මාතෘකාව යටතේ, සරළ පියවර 4කින් අඬන දරුවකු පහසුවෙන් නලවා ගන්නේ කෙසේදැයි විස්තර කරනවා..



1. දරුවාගේ දෙඅත් කතිරයක් සේ දිස්වන ආකාරයට ඔවුන්ගේ පපුව ඉදිරියෙන් නමන්න

2. නැමීමෙන් පසු දෑත් නොරිදෙන සේ ආරක්ෂාකාරිව තිබීම වැදගත්

3. ඔබට වඩා හුරු අතින් දරුවාගේ පිටුපස අල්ලා ගන්න; ඔබ දරුවාට ඩයිපරය අන්දා ඇතිනම් ඒ මතින් අත දමා දරුවා ඔබගේ අතෙහි රඳවා ගන්න.

4. අනෙක් අත දරුවාගේ නවන ලද දෙඅත් මත රඳවා දරුවා ඉහල පහළ කරන්න..

ඔබගේ අඬන දරුවා හාස්කමකින් මෙන් ඉක්මනින් නැළවෙනවා ඔබට පෙනේවී..( වීඩියෝ එක හොඳින් බැලීමෙන් ඔබට වඩා හොඳින් ක්‍රමය වටහා ගත හැකියි).

මෙම ක්‍රමය උපතේ සිට මාස 2 ත් 3 ත් අතර දරුවන් සන්සුන් කර ගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් බව වෛද්‍ය හැමිල්ටන් පවසනවා.. මන්ද එම වයසේ දී ඔවුන් එම ඉරියව්වේ තබාගැනීමට හැකි බරකින් යුතුයි.

ලොව පුරා මිලියන ගණනාවක් ජනතාව වෛද්‍ය හැමිල්ටන්ගේ වීඩියෝව නරඹා ඇති අතර බොහෝ දෙනා එය අත් හදා බලා දරුවන් ඉක්මනින් නළවාගෙන තිබෙනවා. නමුත් ඇතැම් දරුවන් සඳහා එය වැඩකළ නොහැකි විය හැකියි.. එසේ නොමැතිනම් දරුවා නොනවත්වා හඬන්නේ වෙනත් අසනීප තත්ත්වයකින් හෝ කුසගින්න, බඩ පිපුම වැනි වෙනත් හේතුවක් නිසාද විය හැකියි.. කෙසේ නමුත් දරුවා නොනවත්වා දිගින් දිගටම හඬනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.



Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,632
   30

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,085
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,033
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed