ටික්කා මසාලා කිව්වම අපිට මතක් වෙන්නේ චිකන් ටික්කා මසාලා. ඒත් අපි අද කියලා දෙන්න යන්නේ ගුණදායී වෙජිටේරියන් ටික්කා මසාලා එකක් හදන හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳින් තම්බා ගත් කඩල කෝප්ප 1
කුඩාවට කපාගත් තක්කලි කෝප්ප 1
පොල් කිරි කෝප්ප 2 (මිටි කිරි )
තලාගත් සුදුලූණු බික් 6
ගරම් මසාලා තේ හැඳි 4
රස පදමට ලුණු සහ ගම්මිරිස්
ලොකු කොටු කපාගත් ලූණු ගෙඩි 1/2
සදන ආකාරය :
01. මුලින්ම කොටු කපාගත් ලූණු ටික පෑන් එකට තෙල් පොඩ්ඩක් දමා විනාඩි 2-3ක් පිස ගෙන පසෙකින් තියාගන්න.
02. දැන් පිසින බඳුනට කඩල, තක්කලි, පොල්කිරි, සුදුලූණු, ගරම් මසාලා, ලුණු සහ ගම්මිරිස් එකතු කර විනාඩි 10ක් පමණ අඩු ගින්දරේ පිසගන්න.
03. පොල්කිරි තික් වෙනකොට පිසගත් ලූණු ටික එකතු කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.
04. උණුසුම්ව බත්, පරාට, රොටී හෝ නාන් සමඟ පිළිගන්වන්න.