ඇස් පෙනීම වර්ධනය කරන සුපිරිම ආහාර

December 6, 2017
7,651
Food that improve your eye sight
ඇස් පෙනීම වර්ධනය කර ගන්න වගේම එහි නිරෝගී බව රැක ගැනීමේ වැදගත්කම කොතරම්ද කියන එක කුඩා අවදියේ ඉඳලම අපි දන්න දෙයක්නේ. සෞඛ්‍ය සම්පන්න දෑසකට අපි ලබා ගන්න ආහාර වල අඩංගු විටමින් වර්ග රැසක්ම වැදගත් වෙනවා. විශේෂයෙන් විටමින් A වලින් පොහොසත් ආහාර වැඩි පුර ලබා ගැනීමෙන් ඇස්වල සෞඛ්‍යය දිගු කාලීනව රැක ගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඇස් සම්බන්ධව ඇති වන විවිධ ආසාදන, පෙනීමේ දුර්වලතා ඇතුළු විවිධ අක්ෂි ගැටළු මගහරවා ගන්නට විටමින් A, විටමින් C, D බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න.

1. බිත්තර

බිත්තර වල අඩංගු ලූයිටීන් සහ විටමින් A ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීමට ඉවහල් වනවා වගේම හා ඇස් වියළි වීමට ඇති අවස්ථාව අඩු කරනවා. ඒ වහෙම අක්ෂි සෞඛ්‍යය හා ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.

2. බතල

බතල කියන්නේ විටමින් A බහුල තවත් ආහාරයක්. බතල සතු මහත් පෝෂණ ගුණය නිසාම සාමාන්‍ය ප්‍රමාණයක බතල අලයක් මගින් ඉතා ඉහල කැලරි ලබා ගන්න පුළුවන්.

3. කිරි

කිරි වීදුරුවක් මගින් විටමින් D සහ A මෙන්ම කැල්සියම්, ප්‍රෝටීන් සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගන්න පුළුවන්. යොදය රහිත කිරි පරිභෝජනය ඇස් පෙනීමට ඉවහල් වන විටමින් A අවශ්‍යතාව නොඅඩුව සපුරා ගන්න පුළුවන්.

4. පලතුරු හා බෙරි වර්ග

දොඩම්, මිදි, ලෙමන් සහ බෙරි විටමින් C වලින් පොහොසත් පලතුරු අතර ඉහලින්ම ඉන්නවා. මේ පළතුරු වර්ග ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

5. නිවිති

නිවිති කියන්නේ දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න තරම් වටිනා ඖෂධිය ගුණයක් සහිත පලා වර්ගයක්. නිවිති කෝප්පයක් මගින් දිනකට අවශ්‍ය වන විටමින් A, විටමින් C, K, මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් ශරීරයට සපයා ගන්නට පුළුවන්.

6. තක්කාලි

විටමින් සහ ඛනිජ වලින් පොහොසත් තක්කාලි පළතුරක් සහ එළවළුවක් යන දෙයාකාරයටම පරිභෝජනයට ගන්න පුළුවන්.

7. ඔමේගා 3 අඩංගු ආහාර

ඔමේගා 3 අඩංගු වන ආහාර වර්ග මඟින් අක්ෂි ගැටළු රාශියක් මඟහරවා ගන්න පුළුවන් වගේම ඇස් පෙනීම වර්ධනය කර ගන්නත් පුළුවන්. මාළු, ධාන්‍ය වර්ග, සව්, ඕට්ස් වැනි ආහාර වර්ග ඔමේගා 3 වලින් පොහොසත්.

8. කැරට්

ඇස් පෙනීම වර්ධනය කරන ආහාර කියද්දී මුලින්ම මතක් වෙන ආහාරයක් තමයි කැරට්. කැරට් ආහාරයට ගැනීම මගින් අක්‍ෂි සෞඛ්‍යය සැබවින්ම වර්ධනය කර ගන්න පුළුවන්. කැරට් වල අඩංගු විටමින් A විටමින් K, B, මැග්නීසියම් සහ තන්තු ශරීරයට වගේම ඇස් පෙනීම වර්ධනයටත් උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 565 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/565/food-that-improve-your-eye-sight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/565/food-that-improve-your-eye-sight.html