අද හදනන් යන අල බෝල වලට පාන් කුඩු හෝ බිත්තර අවශ්‍ය වෙන්නේ නෑ. ස්නැක් වෙලාවට කන්න මේ විදිහට අල බෝල හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
සාමාන්‍ය තරමේ තම්බාගත් අල 5
අමු මිරිස් කරල් 3
මාළු මිරිස් කරල් 1
කුඩාවට කපා ගත් ලූණු ගෙඩි 1/2
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල කෝප්ප 1/4
කෝන් පිටි මේස හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු තේ හැඳි 1 (රස අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්)
සාදන ආකාරය :
01. හොඳින් පොඩි කරගත් අල ටිකට ලූණු, අමු මිරිස්, මාළු මිරිස් සහ කොත්තමල්ලි කොල එකතු කරන්න.
02. එයට කෝන් පිටි, මිරිස් සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරන්න.
03. දැන් මිශ්‍රණයෙන් බෝල සාදා ගැඹුරු තෙලේ බදින්න. උණුවෙන් පිළිගන්වන්න.
04. මේ බෝල සාදා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට බැදගන්නත් පුලුවන්.