කිරි කොස්

July 13, 2020
2,578
Kiri kos
කොස් කන්න කැමති කවුරුත් කන්න කැමති ව්‍යාංජනයක් තමයි කිරි කොස්. කියනකොටත් කෙල උනන කිරි කොස් රසට හදන හැටි බලමු.

අවශ්‍ය දේ :

හොඳින් පැසුන කොස් මදුලු 25 ක් පමණ
කහ තේ හැඳි බාගයක්
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
තුනපහ කුඩු තේ හැඳි බාගයක්
අමුමිරිස් කරල් දෙක තුනක්
රතුළුණු ගෙඩි කීපයක්
සුදුළුණු බික් හතරක්
කරපිංචා ඉති දෙකක්
රම්පෙ කැබැල්ලක්
උම්මලකඩ කුඩු තේ හැඳි බාගයක්
කුරුඳු කැබැල්ලක්
මිටිකිරි කෝප්ප බාගයක්
දියකිරි කෝප්පයක් හෝ කොස් තැම්බීමට අවශ්‍ය පමණට ගන්න
තෙම්පරාදු කරනවා නම් පොල්තෙල් මේස හැන්දක් පමණ
අබ ස්වල්පයක්

සාදන අන්දම :

01. මුලින්ම කොස් මදුලු දිග අතට කපා ගන්න. ඇට තලා ගන්න. කොස් ඇටත් දෙකට තලා ගත් විට ඉක්මනින් තම්බා ගන්න පුලුවනි.

02. මුලින්ම කොස් ඇට වතුර දමා ලිප තබන්න.

03. කොස් මදුළු වලට දියකිරි එකතු කර වෙනම භාජනයක දමා එයට ලියාගත් රතුළුණු, සුදුළුණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, උම්මලකඩ, කහ, ගම්මිරිස්, කුරුඳු ආදිය එකතු කරන්න.

04. කොස් ඇට තැම්බී ගෙන එන විට දියකිරි සමග කොස් මදුළු එකතු කරන්න.

05. මෙය හොඳින් ඉදුන විට මිටිකිරි කෝප්ප බාගයත් එකතු කරන්න. එය පැසෙන විට බිමට ගන්න.

06. කැමැති නම් තෙම්පරාදු කිරීමට, භාජනයක් ලිප තබා තෙල් එකතු කට එය රත් වන විට අබ එකතු කර පුපුරවන්න. රතුලුනු සහ කරපිංචාද එක් කරන්න. ඩැන් එයට කොස් ව්‍යාංජනය එකතු කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න. තෙම්පරාදු නොකලත් රසයේ වෙනසක් නැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1696 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:16 AM
Script:/article/1696/kiri-kos.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:06:16 AM
Script:/article/1696/kiri-kos.html