වැඩියෙන්ම කේන්ති යන්නේ මොන ලග්න හිමියන්ටද?

August 30, 2021
5,535
Which zodiac personalities get angry most?
කෝපය ඇතිවීම සහ එය පාලනය කරගන්නා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා.. සෑම කෙනෙකුම තමන්ටම ආවේණික ක්‍රමයකට තරහව, කෝපය සමග ගණුදෙනු කරනු ලබනවා. ඇතැම් පුද්ගලයන් සාර්ථකව කෝපය මැඩපවත්වා ගන්නා අතර ඇතැමුන් එසේ නොහැකිව පීඩා විඳිනවා. ඔවුන් අයත් වන්නේ කුමන ජෝතීශ්‍ය චක්‍රයටද යන්න ඔබත් කල්පනා කර ඇති.

ජෝතිශවේදීන් මෙසේ කෝපය පාලනය කරගැනීමට අසීරු ග්‍රහ රාශීන් 3ක් පිළිබඳව අදහස් දක්වා තිබෙන අතර ඔවුන් හදිසි කෝපය පාලනය කරගත යුත්තේ කෙසේදැයි උපදෙස් කිහිපයක්ද ලබාදී තිබෙනවා.

සාමාන්‍යයෙන් ජෝතිශවේදය තුල සෑම ලග්න රාශියකටම සුවිශේෂි වූ පෞරුෂයන් පිළිබඳව අර්ථකතනයන් ලබාදී තිබෙනවා.. ඒවා පිළිබඳ ගැඹුරින් විශ්ලේශනය කිරීමේදී පෙනීයන්නෙ සමහර පුද්ගලයන් ඉක්මනින් කෝපයට පත්වන අතර ඇතැමුන් සංයමයෙන් සහ සූක්ශමව එයට මුහුණදෙන බවයි. කෝපය යනු විනාශකාරී චිත්තවේගයක් වන අතර එය පාලනය කිරීමට ඉතා අසීරු වන අතර පාලනය ප්‍රගුණ කිරීමට නම් ඔහු හෝ ඇය තුල ඉවසීම සහ ශක්තිය මනාව තිබිය යුතු වනවා.

1. මේශ ලග්න හිමියන්
අඟහරු මේෂ රාශියේ පාලක ග්‍රහයා වන අතර එම ග්‍රහයා සැමවිටම සක්‍රීයව හා චලනය වෙමින් පවතී.. රාශී චක්‍රයේ පළමු ලග්නය ලෙස මේෂ ලග්නය සෑම විටම කාර්‍යශූරි වන අතර අතර නිර්මාණශීලි වීමට ද ප්‍රිය කරයි. ඔවුන් වැඩිදුර සිතා බලා කටයුතු නොකරන අතර බලා සිටීම සහ කිසිත් නොකර සිටීම ප්‍රිය නොකරයි. ඔවුන් බොහෝවිට නොඉවසිලිමත් වන අතර ඉක්මනින් කෝපයට සහ ආතතියට පත්වීමට නොයෙකුත් හේතුන් බලපානු ලබනවා.

ජෝතිශයට අනුව ඉහත ලක්ෂණ පාලනයට කළ යුතු දෑ..
- පීඩනය සහ ආතතිය මගහරවා ගැනීම සඳහා දිවීම, ඇවිදීම සහ බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් හි නිරත වීම.
- මේශ ලග්න හිමියකු සමග කල්ගත කිරීමේදි ඔවුන්ගේ මනස සංසුන් කිරීමට උපකාරි වන මළල ක්‍රීඩා වැනි දෑ හි නිරත වීමට ඉඩ දෙන්න.

2. වෘශ්චික ලග්න හිමියන්
වෘශ්චික ලග්න හිමියන්ගේ අනන්‍යතාවය වන්නේ අධික කෝපයයි. ප්ලූටෝ සහ අඟහරු ලග්නාධිපතියන් ලෙස කටයුතු කරන අතර මෙම ලග්න හිමියන් බොහෝ විට ආවේගශීලී, දැඩි හිතැති, රළු පරුෂ ගති ඇත්තන් වනවා. තම සතුරන් නැසීමට මෙන්ම ඔවුන්ගේ ඕපාදූප සෙවීමට දක්ශ වනවා.. එමෙන්ම අනතුරු සම්බන්ධව නොසැලකිමත් සහ උපාය ශීලි නොවෙති.

ජෝතිශයට අනුව ඉහත ලක්ෂණ පාලනයට කළ යුතු දෑ..
- සටන් කලාව ප්‍රගුණ කිරීමෙන් වෘශ්චික ලග්නයට තම ශක්තිය වැය කල හැකියි.

3. කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන් කිසිවිටකත් තෘප්තිමත් පුද්ගලයන් නොවන අතර වෙනත් මතයන් මත රදා නොපවතින අතර තම මතය අනුව කටයුතු කරනවා.. බොහෝ විට හදිසි ආවේගශීලි ගති ලක්ෂනයන් පෙන්නුම් කරනවා. එමෙන්ම අන් පුද්ගලයන් කුමක් සිතුවත් විනෝදයෙන් සිටීම ප්‍රිය කරනවා.

ජෝතිශයට අනුව ඉහත ලක්ෂණ පාලනයට කළ යුතු දෑ..
- සාමකාමිව ගත කිරීම ප්‍රගුණ කිරීමට භාවනාව වැනි ක්‍රමයන් ප්‍රගුණ කල යුතුයි.
- කුම්භ ලග්න හිමියන් සමග සබඳතා පැවැත්වීමේදි ඔවුන් සිතන දේ අනුව ක්‍රියා කිරීමට ඉඩ සලසන්න; කාලය ලබාදෙන්න.
- ඔවුන්ගේ සිතැඟි එහා මෙහා යාමට ඉඩ නොදෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2057 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:28:07 AM
Script:/article/2057/which-zodiac-personalities-get-angry-most.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:28:07 AM
Script:/article/2057/which-zodiac-personalities-get-angry-most.html