හාල්පිටි 1kg
පාන්පිටි 1/2kg
සීනී 1/2kg
ලුණු තේ හැදි1ක්
උකු පොල්කිරි 1ක්
තෙල් බෝතල් 1/2ක්
භාජනයක් ගෙන හාල්පිටි, පාන්පිටි, ලුණු, සීනී එකිනෙකට මිශ්‍ර කරගන්න. හැකිනම් සීනී පිටිකරගෙන එක්කිරීමෙන් ඉතා හොදින් කවලම් කරගන්න පුලුවන්. ඔබට අවශය නම් සූදුරු ස්වල්පයක් එක්කරගන්න. දැන් උකුපොල්කිරි එම මිශ්‍රණයයට ක්‍රමයෙන් එකතුකරගන්න. මිශ්‍රණය හරි ආකරයට සාදාගන්න වැඩිය උකුත් නැති දියාරුත් නැති ආකාරයට.
අවශය නම් බිත්තරයක් මිශ්‍රණයට එකතුකර ගැනීමට හැකියි.
දැන් තෙල් හොදින් රත්කරගන්න. කොකිස් අච්චුව රත් වු තෙල් මත ගිල්වා මිශ්‍රණයේ ගිල්වා ගන්න. දැන් රත් වු ගැඹුරු තෙලේ රන්වන් පැහැවල තුරු බැදගන්න. මිශ්‍රණය කොකිස් අච්චුවේ සම්පුර්ණයෙන් ගිල්වා නොගන්න,මොකද නැත්තම් අච්චුවෙන් ගලව ගන්න බැරි නිසා.