හිස්හොරි කරදරයෙන් ඔබත් පීඩා විඳිනවද?

July 8, 2018
18,527
Still suffering from dandruff?
අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ‍ප්‍රශ්ණයක් තමයි කොච්චර ලස්සනට කොණ්ඩා මෝස්තරයක් දැම්මත් හිස්හොරි කරදරය නිසා ලස්සනට කොණ්ඩේ තියා ගන්න බැරි එක. විශේෂයෙන්ම හිස්හොරි බහුලව පැවතීම තුළින් බොහෝ දෙනෙක් මහත් පීඩාවට පත් වෙනවා. හිස්හොරි කරදරයට පිළියමක් නොගත්තොත් ඔයාගේ හිසකෙස් තවත් අවලස්සන වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

ඇයි හිස්හොරි හැදෙන්නේ?

බොහෝ දෙනෙක් වැඩ රාජකාරී එක්ක ඉතාමත් කාර්යබහුලයි. හිසකෙස් ලස්සනට තියා ගන්න ගොඩක් දෙනෙක් විවිධ ස්ප්‍රේ‍ වර්ග, ඔයිල් වර්ග හා ජෙල් වර්ග භාවිත කරනවා. අපි විවිධ ක්‍රම මගින් හිස කෙස්වලට ලස්සන කොණ්ඩා මෝස්තර කළත් පසුව නිසියාකරයෙන් හිස්කබල සහ කෙස් පිරිසිදු කර ගන්නේ නෑ. සමහර විට කොණ්ඩා මෝස්තර කිරීමෙන් පසුව දින දෙකක් තුනකින් තමයි ඇතැම් අය හිසකෙස් පිරිසිදු කරන්නේ. ඉතිං හිසකේ ගැල්වු ද්‍රව්‍ය, දහඩිය හා කුණු දුහුවිලි
එකට මුහු වුණාට පස්සේ හිස් හොරි හැදෙනවා.

හිස්හොරි හැදෙන්න තවත් ‍ප්‍රධාන හේතුවක් තමයි එයාර් කන්ඩිෂනර් කාමරවල වැඩිපුර සිටීම. එමගින් අපගේ හිස් කබල වියළීමකට ලක් වෙනවා හිසේ තෙතමනය
නැති වීමත් එක්ක. ඉතිං වියලුණු හිස් කබලේ සම කුඩා කෑලී හිස්හොරි විදිහට ඉවත් වෙලා යනවා. ඉතිං අද අපි ඔබට කියලා දෙන්න යන්නේ නිවසේ ඉදලම හිස් හොරි නැති කර ගන්න ‍ක්‍රම කිහිපයක් ගැන.

01. බේකින් සෝඩා

ඔබත් හිස්හොරිවලින් පීඩා විඳිනවා නම් නිවසේ ඉඳන්ම මේ සත්කාරය කරන්න පුළුවන්. මුලින්ම ඔයාගේ හිස හොදින් ජලයෙන් තෙත් කරගන්න. ඉන් පසුව බේකින්
සෝඩා ස්වල්පයක් ගෙන හොදින් ඔබේ හිස් කබල සම්බාහනය කරන්න. ඉන්පසු ෂැම්පු හෝ සබන් නොදා පිරිසිදු කරගන්න. බේකින් සෝඩා හිස්හොරි ඇතිකරන දිලීරවලට එරෙහිව ‍ප්‍රතික්‍රියා කරන නිසා ඔබට හිස්හොරි කරදරයෙන් බේරෙන්න පුළුවන්.

02. මී පැණි

ඔබ දන්වානේ මී පැණිවල වටිනා ඖෂධ සංඝටක රැසක් තියෙනවා. මී පැණි මගින් ඔබගේ හිසට පෝෂණයක් සපයනවා වගේම ඔබව හිස්හොරි කරදරයෙනුත් මුදවනවා. හිස කැසීම තුළින් ඇතිවන තුවාල වලටත් මී පැණි කියන්නේ හොද ප්‍රතිකාරයක්. මී පැණි හැන්දක් පමණ උණු වතුර සමග මිශ්‍ර‍ කර හිසේ ගල්වා විනාඩි 02 ක් හෝ 03 ක් සම්බාහනය කර සෝදා හරින්න. දින කිහිපයක් මෙම ප්‍ර‍රතිකාරය කිරීමෙන් හිස්හොරි අවම කරගත හැකියි.

03. දෙහි

දෙහි හිස්හොරි වලට සාර්ථක ප්‍ර‍රතිකාරයක්. තේ හැදි දෙකක් පමණ දෙහි යුෂ ගෙන හිස්කබල විනාඩි 02 ක් 03 ක් සම්භාහනය කරන්න. දෙහි යුෂ වැඩි වේලාවක්
හිසෙහි තිබෙන්නට ඉඩ නොදී හිස සෝදා ඉවත් කර හරින්න. හිස්හොරි හිසෙන් නැති වෙලා යන තෙක් මෙම සත්කාරය කරන්න.

04. ඇස්ප්‍රින්

ඇස්ප්‍රින්වල අන්තර්ගත සැලිසිලික් අම්ලය හිසහොරි මර්ධනය සදහා උපකාරී වෙනවා. ඔබ දිනපතා භාවිත කරන ෂැම්පු වර්ගයකට ඇස්ප්‍රින් පෙති දෙකක් පමණ
කුඩු කර මිශ්‍ර‍රණයක් සේ  සකස් කර විනාඩි 02 ක් 03 ක් හිසේ තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

05. පොල් තෙල්

හිසෙහි පවතින හිස්සොරි මර්දනය කරන්න ගොඩක් දෙනෙක් භාවිත කරන ප්‍ර‍රතිකර්මයක් තමයි පොල් තෙල්. ස්නානයට පෙර පොල්තෙල් තේ හැදි 3 ක් 5 ක්
ගෙන හොදින් හිසෙහි ගල්වා සම්බාහනය කරන්න. පැයක පමණ කාලයක් හිසෙහි තිබෙන්නට හැර ඔබ සාමන්‍යයෙන් භාවිත කරන ෂැම්පු එකක් භාවිත කර හිස්කෙස් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක්ම මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබගේ හිස්සොරි අඩු වෙලා යන ආකාරය හදුනා ගන්න පුළුවන්.

06. ලුණු

ලුණු භාවිතය තුළින්ද හිස්සොරි ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. ලුණු කියන්නේ විෂබීජ නාශකයක්. ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි. ලුණු ස්වල්පයක් රගෙන හිසට ෂැම්පු දැමීමට පෙර හිසෙහි ගල්වා විනාඩි 02 ක් 03 ක් පමණ හොදින් සම්බාහනය කරන්න. ඉන්පසු ෂැම්පු යොදා සෝදා ඉවත් කරන්න. හිස්හොරිවලට වගේම හිස කසන ගතියටත් මේ ප්‍ර‍රතිකාරය ඉතාමත් විශිෂ්ටයි.

07. ඔලිව් තෙල්

ඔලිව් තෙල් ඔබේ හිස්හොරි මර්දනය කරනවා වගේම හිසකෙස් වර්ධනය කිරීමටද බෙහෙවින් ඉවහල් වෙනවා. ඉතා ඝන මෙන්ම දිදුලන කෙස් කලඹක් ලබා ගැනීමටද උපකාරී වෙනවා. ඔලිව් තෙල් බින්දු 10 ක් පමණ ගෙන හිස් කබලේ ගල්වා හොදින් විනාඩි 10 ක පමණ  කාලයක් සම්බාහනය කරන්න. පසුව එය තුවායකින් හෝ ෂවර් කැප් එකකින් ආවරණය කොට මුළු රැයක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

08. කෝමාරිකා

හිස්හොරි ඇති වීම මගින් බොහෝ වේලාවට හිස් කබල කසන්න පටන් ගන්නවා. එමගින් හිස තුවාලද විය හැකියි. නමුත් කෝමාරිකා යුෂ වලින් ඔබේ හිස හොදින්
සම්බාහනය කිරීමෙන් අනතුරුව හිසට සිසිලසක් දැනෙනවා වගේම කෝමාරිකාවල අන්තර්ගත සිසිල්කාරක ගුණය නිසා නැවුම් ස්නානයක් ලබාගන්න පුළුවන්. ඒ
විතරක් නෙමෙයි හිසේ තිබෙන හිස්හොරිද ක්‍රමයෙන් ඉවත් වී යනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 926 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:49:10 AM
Script:/article/926/still-suffering-from-dandruff.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:49:10 AM
Script:/article/926/still-suffering-from-dandruff.html