ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

July 23, 2020
49,824
Food to regulate your menstrual circle
නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය කියන්නේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මෙම අක්‍රමවත් කාල පරිච්ඡේදයන් කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති කරනවා. එය භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රමාද වූ ඔසප් වීම Amenorrhea ලෙස හදුන්වනවා.

ඔසප් ප්‍රමාද වීම බොහෝ කාන්තාවන්ට නිදන්ගත ගැටලුවක් විදිහටත් පවතිනවා. එහෙම වුණාම බොහෝ විට පියයුරු වල වේදනාවක් ඇති වන අතර ඔසප් ප්‍රමාදය නිසා යටිබඩ බර ගතියක් දැනෙනවා. ඒ වගේම අලස බවක් දැනෙන අතර ඔක්කාරය සමඟ පීඩා විඳින්නට පුළුවන්. කොහොම වුණත් ඔසප් වීම ප්‍රමාද වීමට විවිධ හේතු තියෙනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙම ගැටලුවට විසඳුමක් විදිහට නිවෙස් පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්නම්.

ඔයා ගෙදරදීම කරන පිළියම් වලට අමතරව ඖෂධ ගැනීමට කැමති නම් ඒ සඳහා ඔයාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. අද අපි ඔබට කියන පිළියම් භාවිතා කර ගනිමින් ඔසප් චක්‍රය විධිමත් හා යථා තත්වයට පත් කර ගැනීමට උපකාරී කරගන්න ඔබට පුලුවන්. ඔබට අනුගමනය කරන්න පුලුවන් ස්වාභාවික උපදෙස් කිහිපයක් මෙන්න.

* මිදි ද ඉතා ඵලදායී ප්‍රතිකාරයක්. දිනපතා මිදි යුෂ පානය කිරීම ඔසප් චක්‍රය විධිමත් කිරීමට උපකාරී වෙනවා. නැවුම් මිදි ආහාරයට ගැනීම ද එක සේ ප්‍රථිඵලදායකයි. නමුත් මිදි දිනකට අධික ලෙස ආහාරයට ගන්න එපා. එයින් බඩ බුරුල්වී යාම වගේ තත්ව ඇතිවෙන්න පුලුවන්.

* පාස්ලි කියන්නේ තවත් ඵලදායී ඔසු වර්ගයක්. ඔසප් වීමේ ආබාධ වළක්වා ගත හැකි වඩාත් කාර්යක්ෂම නිවෙස් පිළියම් වලින් එකක් ඒ. පාස්ලි යුෂ ඖෂධයක් ලෙස දිනපතා පානය කරන්න පුළුවන්.

* කරවිල මුල් වලින් කසායක් හදලා දිනකට එකක් හෝ දෙවරක් පානය කරන්න. 

* ඔසප් අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා මහදුරු ඇට ද බෙහෙවින් උපකාරී වෙනවා.

* කොත්තමල්ලි කොළ හෝ ඇට පානය ඔසප් වීමට බෙහෙවින් උපකාරී වෙනවා.  ඔයා එය දිනකට තුන් වරක් පානය කරන්න.

* ඔයාගේ අක්‍රමවත් ඔසප් චක්‍රය විධිමත් කිරීම සඳහා වඩාත් පොදු ක්‍රමයක් තමයි පැසුනු පැපොල් ආහාරයට ගන්න එක. 

* ඔසප් චක්‍රය උත්තේජනය කිරීම සඳහා කැරට් ද ආහාරයට එකතු කර ගන්න පුළුවන්.

* කෝමාරිකා පල්ප් එක හෝ යුෂ ආහාරයට ගන්න. ඒවා දිනපතා අරගැනීමෙන් ඔයාට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා.

මේවා ඔයාගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට උපකාරී වන නිවෙස් පිළියම් කිහිපයක් පමණයි. ඉහත සඳහන් ඕනෑම පිළියමක් ඔයාට අසාත්මික නම් ඒවායින් වළකින්න. ඔසප් චක්‍රය ප්‍රමාද වීම සෞඛ්‍යයට යහපත් නොවන නිසා එය සමහර හානිකර හා භයානක රෝග වලට තුඩු දෙන්නත් පුලුවන්. මෙම නිවෙස් පිළියම් විශ්වාසදායක වන අතර ඔබේ ප්‍රමාද වූ ඔසප් වීම මඟහරවා ගැනීම සඳහා හොඳ විකල්ප ප්‍රතිකාර විදිහට ද හඳුන්වා දෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1722 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:38 AM
Script:/article/1722/food-to-regulate-your-menstrual-circle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:39 AM
Script:/article/1722/food-to-regulate-your-menstrual-circle.html