ඔයා දකින සිහින පාලනය කරන්න විද්‍යාඥයින් ක්‍රමයක් සොයාගෙන

August 21, 2020
3,288
This is how you control your dreams
අපි කවුරුත් සැබෑ ලෝකයට වඩා සිහින ලෝකය තුල ජිවත් වෙන්න කැමතියි නේ… ඔයා නිවාඩු දවසක චිත්‍රපටයක් නරඹද්දී ඒ චිත්‍රපටිය විදිහට ඔයත් සුන්දර සිහින දකින්න කැමති ඇති. පැහැදිලි සිහින දැකීම (Lucid dreaming)  කියන්නේ නින්ද සහ අවදියෙන් සිටීම අතර ඇතිවෙන දෙමුහුන් තත්වයක්. පැහැදිලි සිහිනයක් තුළ සිහින දකින තැනැත්තාට සිහිනයේ චරිත සහ පරිසරය පිළිබඳ යම් පාලනයක් කිරීමට හැකියාවක් තියෙනවා. විද්‍යාඥයින් මෙම තත්වය හොඳ අරමුණු සඳහා භාවිතා කිරීමට ක්‍රමයක් සොයා ගෙන තියෙනවා. මානසික ආතතිය, කාංසාව සහ වෙනත් මානසික ගැටලු සමඟ ක්ෂණික නින්ද අපට උපකාර කරගන්නේ කොහොමද යන්න ගැන විද්‍යාඥයින් සොයාගත් දේ බලන්නකෝ....

පැහැදිලි සිහින හා මනෝවිශ්ලේෂණය අතර මොළයේ ක්‍රියාකාරිත්වයේ සමානකම් තිබෙනවා. එබැවින් මූලික වශයෙන් ඔයා සිහිනයක් දකිනකොට එය බොහෝ විට මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු හා සමාන හැඟීමක් තමයි ඇත්තේ. අමුතුයි වගේ නේද? මේ සංසිද්ධිය විද්‍යාඥයින් මිනිසුන්ට ඇති රෝග තත්වයන් සමනය කරන්න යොදාගන්න සිතුවා.

පොදුවේ ගත්තම විද්‍යාඥයින් කියන්නේ :

- නපුරු සිහින වලින් පෙළෙන පුද්ගලයින්ට සමහර වෙලාවට පැහැදිලිව සිහින දැකීමට පුහුණු කරන්න පුලුවන් බවයි. එතකොට ඔවුන්ට සිහිකල්පනාවෙන් යුක්තව අවදි වෙන්න පුලුවන් වෙනවා.
- ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාටම සිහින ගොඩනඟා ගන්න පුලුවන්. සුන්දර අවස්ථාවන් සැබෑවක් ලෙස අත්විඳින්නේ කොහොමද කියලා සිතා බලන්න! භෞතික ශරීරයට පැහැදිලි සිහින වල ක්‍රියාවන් බලපාන අතර මානසික ආතතිය හා කාංසාවට ප්‍රතිකාර කිරීමට ද ඒකෙන් ධනාත්මක විසදුමක් ලැබෙනවා.
- ඒ විතරක් නෙමෙයි, කලාකරුවන්ට ද සිහින වලින් ඔවුන්ගේ ආශ්වාදය ලබා ගන්න පුළුවන්. 

ඔයාගේ සිහිනේ ලොක්කා ඔයයි. ඉතින් ඔයාට සුපිරි තරුවක් වෙලා ලස්සන දිවයිනකට සිහිනයකින් යන්න පුළුවන්.  නිදා සිටියදී සිහිනයෙන් තමා කැමති දේ කිරීමට හැකි වීම නිසා විශාල සතුටක් සමග මානසික ආතතිය හා කාංසාව අඩු කර ගැනීමට ඒ ක්‍රමය උපකාරී වෙනවා.

පැහැදිලි සිහින දැකීම ආරම්භ කරන්නේ කොහොමද යන්න පිළිබඳව ඔයා තුළ කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. රාත්‍රියේදී ඔයා කැමති සිහිනයක් දකින්න අවශ්‍ය නම් දිවා කාලයේදී ඔයාගේ මනසෙන් ඒ ගැන දකිමින් පුහුණු වෙන්න ඕනේ.

සිහිනයක් තුළින් යම් ගැටළුවක් විසඳීමට ඔයාට අවශ්‍ය නම් ඔයා නින්දට යන්න කලින් ගැටළුව ගැන හොදින් සිතන්න. නින්දට යාමට පෙර ඔයාගේ මනසෙ අවසානයට රැදි තිබිය යුත්තේ ඒ දේ පමණයි. උදාහරණයක් විදිහට ඔයාට පුද්ගලික ගැටළුවක් තියනවා නම්, ඔයා ගැටුම ඇති කර ගත් පුද්ගලයා ගැන සිතිය යුතුයි. ඔයා නිදා ගත්තාට පස්සේ ඔයාගේ සිහිසුන් මනස ඊට විසඳුමක් සෙවීමට උත්සාහ කරනවා.

එසේම සිහින දිනපොතක් තබා ගැනීම ද හොඳයි. ඔයා අවදි වූණු ගමන් ඔයාගේ සිහිනය ලියන්න, එතකොට ඔයාට ඒවා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම කලබල නොවී සෙමින්, ඔයාගේ සියලු සිහින අතර පොදු සංඥ සොයා ගන්න පුළුවන් වේවි.

තාක්‍ෂණය ඉතා වේගයෙන් ඉදිරියට ගිහින් තියන නිසා විද්‍යාඥයන් අපි වෙනුවෙන් පැහැදිලි සිහින පෙනෙන උපකරණයක් පවා නිර්මාණය කරලා තියෙනවා. එය හිසේ විද්‍යුත් උත්තේජනය මත පදනම් වන අතර ඔවුන් පවසන්නේ එය 100%ක් ආරක්ෂිත බවයි.

දුක්බර හැඟීම් සහ බිය නැති කිරීමට සිහින අපට උපකාර කරන බව පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා. ඔයාගේ සිහිසුන් මනසට විවෘත වූණාට පස්සේ ඔයාට ඔයා තුළම ඇති සාමය සොයා ගන්න පුලුවන්. මානසික කම්පනය සුව ක‍ර ගන්න පුලුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මානසික ආතතිය හා කාංසාව අඩු කර ගන්න පුළුවන්.

ඔයා කවදා හෝ පැහැදිලි සිහින දැකලා තිබෙනවාද? ඔයාගේ සිහින පාලනය කිරීමට ඔයා කැමතිද? එහෙනම් මේ ක්‍රමය ඔයත් උත්සහ කරලා බලන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1786 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:27 AM
Script:/article/1786/this-is-how-you-control-your-dreams.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:27 AM
Script:/article/1786/this-is-how-you-control-your-dreams.html