කාන්තාවන් බහුතරයක් පීඩා විදින ප්‍රශ්නයක් තමයි යටිපතුල් පැලීම කියන්නේ. මෙය වයස් බේදයකින් තොරව තරුණ වැඩිහිටි කාන්තාවන් බහුතරයක් අතර දක්නට ලැබෙන ප්‍රශ්නයක්. මේ නිසා ඔවුන්ගේ දෙපා අවලස්සන වෙනවා වගේම ඇතැම් අයට මේ පැලීම් නිසා ඇතිවෙන තුවාල මගින් අධික වේදනාවක් ගෙන දෙනවා. හැම කාන්තාවක්ම කැමති ලස්සනම ලස්සන රෝසපාට දෙපතුලකට හිමිකම් කියන්න. ඔබට ඇත්තටම මේ ගැන උනන්දුවක් තියනවානම් ඒ හීනේ හැබෑ කරගන්න එක එච්චර අමාරු දෙයක් නොවෙයි.
1. මීපැණි
මීපැණි කියන්නේ ස්භාවිකව ඔබේ සමේ තෙතමනය රදවා ගැනීමට උදවු වෙන දෙයක්. ඒ වගේම මීපැණි වලට හැකියාවක් තියනවා සමේ වර්නධය වෙන බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරමින් සම රැකගන්න. ඔබට කරන්න තියෙන්නේ හොදින් සෝදා තෙත මාත්තු කරගත් ඔබේ දෙපතුල් මද රස්නයක් සහිත මීපැණි වල දමාගෙන විනාඩි 20 ක් පමණ සිටීමයි. මේ වැඩේ ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් ක්‍රමයක් තමයි කකුල් දෙක දැමිය හැකි භාජනයක් ගෙන එයට මීපැණි දමා වෙනත් භාජනයක් ගෙන එයට සාමාන්‍ය රස්නයක් සහිත උණුවතුර ටිකක් දමා මීපැණි භාජනය ඒ තුල තබා මදක් රත්වූ පසු ඔබේ කකුල් එයට දමාගෙන විනාඩි 20 ක් සිටීම. මේ ප්‍රතිකාරය ඔබේ දෙපතුල් පැලීමේ ගැටළුවට ඉක්මන් ප්‍රථිපල ලබාදේවි.
2. පිරිසිදු පොල් තෙල්
ඔබ නින්දට යාමට පළමුව කකුල් දෙක මද රස්නේ වතුරින් සෝදා හොදින් තෙත මාත්තු කර පිරිසිදු පොල්තෙල් හොදින් දෙපතුල් වල ආලේප කර මද වෙලාවක් සම්භාහනය කර නින්දට යන්න. උදේ ඔබ අවදි වූ පසු නැවත මද රස්නේ වතුරින් දෙපතුල් සෝදා හරින්න.
3. කෙසෙල් සහ පොල් තෙල්
පොල්තෙල් මේස හැදි තුනකට කෙසෙල් ගෙඩි දෙකක් හොදින් පොඩිකර දමා මිශ්‍ර කරගන්න. දැන් මේ මිශ්‍රණය මද රස්නේ වතුරින් සෝදා හොදින් තෙත මාත්තු කරගත් ඔබේ දෙපතුල් වල අලේප කර විනාඩි 20ක් තබා නැවත මද රස්නේ වතුරින් සෝදා හරින්න.
4. දෙහි, ලුණු සහ ආමන්ඩ් තෙල්
ලුණු මේස හැදි 4 ක්, දෙහි ගෙඩියක යුෂ, ආමන්ඩ් තෙල් මේස හැන්දක් මේ දේවල් ටික මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය හොදින් පිරිසිදු කරගත් ඔබේ දෙපතුල් වල ආලේප කර හොදින් සම්භාහනය කරන්න. මෙමගින් ඔබේ මැරුණ සම ඉවත් කරමින් නව සෛල වර්ධනය කරමින් ඔබේ දෙපතුල් නීරෝගිමත් කරනවා.
5. ඔලිවු තෙල්
ඔබට ඔලිවු තෙල් ඉහත ඕනෑම ආලේපනයක් සමග මිශ්‍ර කර උවද භාවිතා කල හැකියි. එසේම ඔබේ දෙපතුලේ පැළුන ස්ථාන වලින් වේදනාවක් ඇතිවෙන විට ඔලිවු තෙල් ටිකක් අලේප කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකියි.