මුහුණ තරම් අත් කකුල් සුදු නැතිද?

January 8, 2018
16,309
Aren't your arms and legs less fair like your face?
තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්නේ. විශේෂයෙන් ගොඩක් දෙනෙක් තමන්ගේ සමේ පැහැය ගැන හිතනවා. පැහැපත් සමක් කියන්නේ ගොඩක් කාන්තාවන් බලාපොරොත්තු වෙන දෙයක්. මේ කියන සමේ පැහැය ගැන හිතන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රධාන ගැටළුවක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි ගොඩක් දෙනෙක්ගේ මුහුණේ තියෙන පැහැපත් බව අත් වල සහ කකුල් වල නැහැ. මුහුණේ සහ අත් කකුල් වල පැහැය දෙආකාරයි. ගොඩක් අයගේ මුහුණ සුදුයි. ඒත් අත් ,කකුල් අවපැහැගැන්විලා.

මොකද්ද මෙහෙම වෙන්න හේතුව?

සම අවපැහැ වෙන්න ප්‍රධාන හේතුව තමයි අධික හිරු එළියට කෙලින්ම ශරීරය නිරාවරණය වීම. ඔයා නිතරම වගේ දැඩි හිරු රශ්මියට හසු වෙනවා නම් මේ වගේ
තත්ත්වයක් ඇති වෙන එක හරිම සාමාන්‍යයි. ඒ නිසා නිතරම හිරු එලියට නිරාවරණය වෙන ඔයා එයින් ඔයාගේ සම ආරක්ෂා කර ගන්න සුදුසු ක්‍රමයක් අනුගමනය කර ගන්න ඕන එක අනිවාර්යයි. නැත්තන් අහිතකර හිරු කිරණ ඔයාගේ සමට ඉතා දැඩි ලෙස හානි කරනවා. සම අවපැහැ වෙන්න විතරක් නෙවෙයි සම මත පැල්ලම් ඇති කරන්න, සම පිළිස්සීමට ලක් වෙන්න සහ භයානක පිළිකා තත්ත්වයන් ඇති වෙන්නත් මේ දැඩි හිරු එලිය හේතුවක්.

මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න අහිතකර හිරු කිරණ වලින් ඔයාගේ සම සුරකින ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ sun cream. එළිමහනට යන්නට පැය භාගයකට කලින් sun cream අලේප කරන්න. ඒ වගේම තත්වයෙන් උසස් අලේපනයක් තෝර ගන්න එකත් ඉතා වැදගත්. අඳුරු වූ සමක් පැහැපත් කර ගැනීමට ස්වභාවික ක්‍රම අනුගමනය කරන්න පුළුවන් නම් කෘතීම ආලේපන ගල්වනවාට වඩා ඉතාමත් හොඳයි. එවැනි සමකට ගල්වන්න පුළුවන් ස්වභාවික ආලේපන සකස් කර ගන්නේ කොහොමද කියලත් බලන්න.

වේලා ගත් දොඩම් ලෙලි කුඩූ කර දෙහි යුෂ, අත් කහ, යෝගටි, මි පැණි බිංදු කීපයක් යොදා පැක් එකක් සාදාගන්න. මුහුණ සහ අත් පා හොඳින් පිරිසිදු කර පැක් එක ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු වතුරින් සෝදා හරින්න.

එහම නැත්තන් ඔයාට තවත් පැක් එකක් විදියට කැකුළු හාල් පිටි, කිරි සමග මිශ්‍ර කිරීමෙන් ද භාවිතා කරන්න පුළුවන්.

ස්වභාවික ආලේපන වලට අමතරව ඔයාට විවිධ කෘතීම නිෂ්පාදන ඕන තරම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. එත් එම ආලේපන නිතර භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ. ඒවායේ ඇති කෘතීම රසායනික ද්‍රව්‍ය නිසා විවිධ අසාත්මිකතා සහ අහිතකර බලපෑම් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා එවැනි ආලේපන වර්ග මසකට එක් වරක් පමණ භාවිත කිරීම ප්‍රමාණවත්. ඒ වගේම සම මතුපිට සීරිම් තුවාල ආදිය තියෙනවා නම් එම ස්ථානවල බ්ලීචින් ක්‍රීම් ආලේප කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 609 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:38:54 AM
Script:/article/609/arent-your-arms-and-legs-less-fair-like-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:38:54 AM
Script:/article/609/arent-your-arms-and-legs-less-fair-like-your-face.html