යෝනි මාර්ගයේ නිරෝගී බාවයට කාන්තාවන් ලබාගත යුතුම ආහාර

June 7, 2018
11,606
Food to take for the health of your vagina
නිරෝගී වෙනවා කියලා අපි හඳුන්වන්නේ සමස්ත සිරුරේම නිරෝගී බව ආරක්ෂා කර ගන්න එක. ඒ සඳහා ඕන කරන හැම මඟ පෙන්වීමක්ම අපි ඔයාට නොඅඩුව ලබා දෙනවා. කාන්තාවකගේ යෝනි මාර්ගය කියන්නේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව වගේම සෑම විටකම පිරිසිදුව තබා ගත යුතු අවයවයක්. යෝනි මාර්ගය ආශ්‍රිතව බැක්ටීරියා ආසාදන ඇති වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා එය පිරිසිදුව හා වියළිව තබා ගැනීම ගැන හැම කාන්තාවක්ම වැඩි අවදානයක් ලබා දිය යුතුයි.

ඒ වගේම යෝනි මාර්ගයේ නිරෝගී බාවයට ඉවහල් වන ආහාර පාන ලබා ගැනීමත් අමතක නොකළ යුතුයි. ඒ වෙනුවෙන් කාන්තාවක් අනිවාර්යෙන් ලබා ගත යුතු ආහාර වර්ග තමයි මේ.

1. යෝගට්

යෝගට් කියන්නේ ප්‍රෝබයෝටික් අඩංගු ආහාරයක්. යෝගට් යෝනි මාර්ගය ආශ්‍රිතව හිතකර බැක්ටීරියා වර්ධනයට හේතු වෙනවා. ඒ වගේම යෝනි මාර්ගය ආශ්‍රිත සමේ ph අගය සමබරව පවත්වාගෙන යන්නත් වැදගත්. ග්‍රීක් යෝගට් තමයි මේ සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ.

2. බතල

බතල පෝෂ්‍ය පදාර්ථ රැසකින් අනුනයි. විටමින් A ඉහළ අගයක් බතල වල අඩංගුයි. යෝනි මාර්ගය ආශ්‍රිත සෛල බිත්ති ශක්තිමත් කිරීම සඳහාත් පේශි, පටක ශක්තිමත් කිරීමටත් උපකාරී වෙනවා.

3. ගෝවා

ගෝවා කියන්නේ විටමින්, කැල්සියම්, සින්ක්, කොපර් සහ මැග්නීසියම් බහුල ආහාරයක්. පෙනහළු සහ පියයුරු පිළිකා අවම කරනවා. ඒ වගේම ඒ මඟිනුත් යෝනි මාර්ගයේ මාංශ පේශි වර්ධනය කරනවා. ගෝවා, මල් ගෝවා, ඒ වගේම බ්‍රකෝලි සතියට වරක් වත් ආහාරයට ගන්න අමතක කරන්න එපා.

4. ධාන්‍ය

ධාන්‍ය සිරුරේ වර්ධනයට වගේම නිරෝගී කරන්නත් උදවු වෙනවා. විශේෂයෙන් එහි ප්‍රෝබයෝටික් අඩංගු නිසා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ධනය කරමින් යෝනි මාර්ගයේ අහිතකර බැක්ටීරියා ආසාදන අඩු කරන්න උදවු වෙනවා.

5. ඔමේගා-3 මේද අම්ල

ඔමේගා-3 මේද අම්ල හෘද රෝග අවම කරමින් හා සිරුරේ රුධිර සංසරණය ප්‍රවර්ධනය කරනවා. ඒ මඟින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා උත්තේජනය ඇති කරවනවා.

6. විටමින් C

විටමින් C අඩංගු ආහාර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම හා ආසාදන ඇති වීම අවම කරන්න වැදගත් වෙනවා. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වියහැකි ආසාදන වලින් ආරක්ෂා වෙන්න විටමින් C අනිවාර්යෙන් වැදගත් වෙනවා

මේ ආහාර වලට අමතරව සැමන්, තේ, කෙසෙල්, සුදු ළූනු, පොල් තෙල්, රතු වයින්, මුහුදු බෙල්ලන්, කියන්නෙත් යෝනි මාර්ගයේ නිරෝගී බාවයට උදවු වෙන ආහාර. ඒ වගේම වැඩි පුර වතුර පානය කරන එකත් අවශ්‍යම කරුණක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 859 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:31:56 AM
Script:/article/859/food-to-take-for-the-health-of-your-vagina.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:31:56 AM
Script:/article/859/food-to-take-for-the-health-of-your-vagina.html