මානසික අවපීඩනය කියන්නේ බැරෑරුම් තත්ත්වයක්ද?

December 16, 2019
2,076
Is depression a serious issue?
මානසික අවපීඩනය යනු බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඕනෑම අයෙක් ගොදුරු වීමේ ඉඩකඩක් ඇති රෝගයකි. මානසික අවපීඩනය නිසා දුකෙන් ඉන්න එකත් හරියට නොදන්න පළාතක අතරමං වෙලා ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. අද හැඩකාරී අපි මානසික අවපීඩනය නිසා අපහසුතාවයට වෙලා ඉන්න ඔයාට එය හඳුනා ගන්න සහ පිලියම් සොයා දෙන්න සිතුවා. මානසික අවපීඩනය උග්‍ර වූ විට සියදිවි හානි කර ගැනීම් පවා සිදු වන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. 

මානසික අවපීඩනය යනු?
සරලව කිවහොත් ඔයා විසින් කිසි විටෙකත් අපේක්ෂා නොකරන යම් දෙයක් සිදු වීමෙන් සිතේ ඇති වන තදබල දුක හා කළකිරීම මානසික අවපීඩනය ලෙස හඳුන්වයි.

මෙම තත්ත්වය ඇති වීමට හේතු 
අධික කාර්යබහුලත්වය
ආදරය කළ කෙනාගේ දරාගත නොහැකි වෙනස් වීම 
කිසි විටෙකත් අපේක්ෂා නොකල කළකිරීම් 

රෝග ලක්ෂණ
දිනපතා සිදු කල ක්‍රියාකාරකම් කෙරෙහි දැක්වූ උනන්දුව නැතහොත් කැමැත්ත අඩු වී යෑම
ආහාර ගැනීමේ වැරදි පුරුදු සහ දුර්වල පුරුදු 
නිදා ගැනීමේ ඇති වන අපහසුතා 
මානසිකව බිඳ වැටීම නිසා ශාරීරික ගැටලු වලට මුහුණ දීම
තම මරණය පිළිබඳ හෝ සිය දිවි නසා ගැනීම පිළිබඳ සිතුවිල්ල වරින් වර මනසේ දෝංකාර දීම
හැසිරීමේ හදිසි වෙනසක්  (මුරණ්ඩු ලෙස හැසිරීම)
නිතර කල්පනා කිරීම
සාංකාව

මානසික අවපීඩනය ඇති කෙනෙකුට දිය යුතු ප්‍රතිකාර 

ආදරය, කරුණාව ලබා දෙන්න 
තීරණ ගැනීමට උදව් කරන්න 
රෝගියාට දොස් පැවරීමෙන් වළකින්න 
ප්‍රයෝගික ඉලක්කයන් කරා යොමු කරන්න

හැමදාම වගේ ඔයා ඉන්නේ දුකෙන් නම් ඔයාට තියෙන්නේ මානසික අවපීඩන තත්ත්වයක්. මේ සඳහා මුලින්ම කරන්න ඕන සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න එක. එහෙම එකවර වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න අපහසු නම් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි මනෝ උපදේශණ ආයතනයක් හරහා අවශ්‍ය ප්‍රතිකාර වලට යොමුවීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How pranayama help to improve our health
   141
   109

අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය අපේ යහපත් සෞඛ්‍යයට කෙතරම් උදවු වෙනවාද කියන එක ගැන..
How magnesium help us to have a better sleep
   255
   44

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,954
   32

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce belly fat without exercise
   7,059
   30

කිසිදු ව්‍යායාමයකින් තොරව උදරයේ මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රම

ව්‍යායාම නොකර බඩ අඩු කර ගන්න මෙම සරල කරුණු ටික අනුගමනය කරලා බලන්න
Hath Maluwa Sinhala Food Recipe
   13,375
   29

ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කරමුද?

සිංහල අලුත් අවුරැදු කෑම මේසයට නැතිවම බැරි කෑමක් හත්මාළුව. ඈත අතීතයේ පටන්ම සිංහල අවුරැදු කෑම මේසයේ විශේෂ තැනක් හිමිකරගත් හත්මාළුව

Latest Articles

Most Viwed