ඔබේ ආදරේ ඔහුට දැනෙන්න මේ දේවල් නිතරම ඔහුට කියන්න

April 5, 2017
54,983
compliments for your boyfriend that he will love to hear
අපේ වචන සමහර වෙලාවට අපි හිතනවාටත් වඩා ප්‍රබලයි. කෙනෙක්ගේ වචන වලට පුළුවන් කෙනෙක්ගේ හිත හදන්න වගේම හිත බිදලා දාන්නත්. මේ නිසා අපි වචන පාවිච්චි කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ආදරේදී ඔබේ වචන වලට පුළුවන් ඔබේ ආදරේ ඔහුට දනවන්න වගේම ඔබ ගැන ඔහුගේ හිතේ ඇති ආදරය වැඩිකර ගන්න. ඔබ මේ දේවල් ඔබේ සැමියාට, පෙම්වතාට කියන කාන්තාවක් නම් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් ඔබේ ආදර කතාව මේ ලෝකේ තියන සුන්දරම ආදර කතාව බවට පත්කර ගන්න.

1. මට ඔයා ලග ඉන්නකොට ලොකු ආරක්ෂාවක් දැනෙනවා

පිරිමි කොහොමත් කැමතියි කාන්තාවකගේ ආරක්ෂකයා විදිහට පෙනී හිටින්න. මොකද ඒක ඔහුගේ හිතට ලොකු සතුටක් වගේම ආඩම්බරයක්. මේ නිසා ඔබ නිතරම ඔහුට මේ විදිහට කියන්න. එය හේතුවක් වේවි ඔහු ඔබව ජිවිත කාලයම ආරක්ෂා කරන්නත් ආදරයෙන් රැකබලා ගන්නත්.

2. මට මේ වැඩේට උදවු කරන්න පුලුවන්ද?

ඔබ බොහොම ආඩම්බරෙන් තනියම වැඩ කරන්න උත්සහ කරනවට වඩා ඔහුගෙන් ඒ සදහා උදවූ ලබා ගන්නවානම් ඔහු ඇත්තටම එයට කැමති වෙනවා. බොහෝ කාන්තාවන් කරන්නේ හැම වැඩක්ම තමන්ගේ හිතුමනාපෙට කරන්න ගිහින් අවසානයේ සැමියටම බනින එක. එහෙම නැතුව වැඩක් කරන වෙලාවට ඔහුගේ අදහස් වගේම උදවුවත් ඔබ ලබාගන්න උත්සාහ කරා නම් අනිවාර්යෙන්ම ඔහු ඒ ගැන සතුටු වේවි.

3. ඔයා මාව සතුටින් තියනවා

මේක බොහොම පොඩි වාක්‍යක් උනාට බොහොම ශක්තිමත් වාක්‍යක්. ඔබ ඔහුට මෙහෙම කියලා බලන්නකෝ ඔහු ඒ නිසා කොච්චර සතුටු වේවීද කියලා. මොකද හැම පිරිමියාම කැමතියි ඔහු බිරිදගේ හරි පෙම්වතියගේ හරි සතුටට හේතුවක් වෙනවට.

4. මම ඔයාගේ විදිහට ගොඩක් කැමතියි

ඔබේ සහකරුවාගේ ආත්ම ශක්තිය වැඩි කරන්න මේ විදිහට ඔබට කියන්න පුළුවන්. මොකද එයින් හැඟවෙනවා ඔහු කටයුතු කරන විදිහට ඔහුගේ හැසිරීමට ඔබ කැමැත්තක් දක්වන බව. මේ නිසා ඔහුට පුළුවන් විස්වාසයකින් ඔහුගේ කටයුතු කරන්න.

5. ඔයා හොද driver කෙනෙක්

පිරිමි අය කොහොමත් කැමතියි තමන් හොදින් වාහන පදවන කෙනෙක් බව අනෙක් අය කියනවානම්. විශේෂයෙන් ඔබ. මේ නිසා ඔබ මෙහෙම කියන එක ඔහුට තවත් හොදින් සහ අවධානයෙන් වාහන පදවන්න විශාල උදවුවක් වගේම මානසික ශක්තියක්.

6. ඔයා ගෙදර ඉන්න දවසට අපි ඉන්නේ හරිම සතුටින්

ඔහුට තියන වැඩත් එක්ක හැමදාම ඔහුට ගෙදරට වෙලා ඔබත් එක්කම කාලය ගත කරන්න බෑ. නමුත් ඔහු ගෙදර ඉන්න දවසට ඔහුට හඟවන්න ඔහු ගෙදර ඉන්න දවසට ඔබ කොතරම් සතුටකින් සිටිනවද කියන වග. එය ඔහුගේ හිතේ ඔබ ගැන ආදරය තව තවත් වැඩි කරාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 182 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:48 PM
Script:/article/182/compliments-for-your-boyfriend-that-he-will-love-to-hear.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:48 PM
Script:/article/182/compliments-for-your-boyfriend-that-he-will-love-to-hear.html