ආදරයේ වැඩි අයිතිය යොවුන් පරපුරටයි

April 8, 2017
5,882
Love, sex and young people
ආදරය කියන්නේ විශ්ව සනාතන සම්බන්ධතාවයක්. විවිධ අර්ථයෙන් ආදරය විස්තර කළ හැකියි. පෙම්වතුන්ගේ ආදරය, විවාහකයින්ගේ ආදරය, දෙමාපිය දරු ආදරය, සහෝදරත්වයේ ආදරය, අනුකම්පාව මුසු වු ආදරය, ගෞරවය මුසු වු ආදරය, වියපත් වුවන්ගේ ආදරය නන් අයුරින් ආදරය අරුත් දක්වන වියත්තු විවිධ වු අදහස් දක්වති. සියල්ල බොළඳය සියල්ල රසවත්ය. ගොළු හදවත නම් කෘතියේ කරුණාසේන ජයලත් මහතාගේ ආචරය අර්තවත් කරන්නේ එලෙසයි. මාස්ටර්ස් සහ ජොන්සන් තම කෘතියක ආදරය එලෙස අර්ථ දක්වයි. කිසියම් වචනයකින් ආදරයේ දිග පළල ගැඹුර ප්‍රකාශ නොවේ. ප්‍රකාශ කිරීමට භාෂාව අපොහොසත් වේ. කාලයෙන් සීමිත නැත. ජාති කුල භේද, පත්ති භේද නැත. අතීතය හෝ අනාගතයක් නැත. කිසවකුට දෙවැනි නැත. ක්‍රිෂ්ණමුර්ති තුමා ආදරය අර්ථකථනය කර ඇත්තේ එසේය. මිනිසුන් වෙනස් කිරීමට නම් ඔවුන්ට ආදරය කළ යුතු බව ඊවා හෙබර් නම් කතුවරිය දක්වා ඇත.

කවුරුත් කෙසේ කීවත් සියල්ල තීරණ වන්නේ අවබෝධය මතය. ආදරයේ වැඩි අයිතිය යොවුන් පරපුරටයි. නමුත් අද යොවුන් පරපුර ආදරය කරන්නේ අවබෝධයෙන්ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඔවුන්ට ආදරය පිළිබඳ පාඩමක් ඉගැන්විය යුතුව ඇත. යොවුන් පරපුර යනු රටක අනාගතයයි. ඔවුන් විනාශ වී යාමට ඉඩ දිය යුතු නොවේ. ආදරයේ ආකර්ශනීය බවින් මුලාවි ජීවිතය විනාශ කරගත් තරුණ තරුණීයන්ගේ ශෝකලාපයන් මනෝ විද්‍යා උපදේශන සේවා සඳහා යොමු වෙන පිරිස් අතර සුළභය. ලස්සනට සිනහවකට, ආකර්ශනීය බැල්මකට ආදරය සැග වී සිට එබීකම් කරන්නේ වෙස්වලාගෙනය. බොහෝ යෞවණියන් වෙස්මුහුණ වලට රැවටෙති. මංමුලාවු ඔවුන්ගේ ජීවිත ඉලක්ක දිය වී බොඳ වී යයි. ආදරය කරන්නන්ගේ සැබෑ සිත් පිළිබඳව අවබෝධ වන විට ඔවුන් යතාර්ථය ඉවත් වී ගොස්ය. ජීවිතයට වටිනාකම පිළිබඳ හැගීම්ද බොඳ වී ඇත. බොහෝ අය වෙස්මුහුණු දිගුකල් දරා සිටීමට සමත් වන්නේය. වෙස් මුහුණු දිගුකල් දරා සිටීමට සමත්වන්නෝය. වෙස් මුහුණ පිළිබඳ අවබෝධ වුවත් සමහරු විවාහයට පෙර ආදරයෙන් සමුගෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන හොඳ මගකසට අවතීර්ණ වෙති. ඔවුහු ඥානවන්තයෝය. තවත් සමහරු සැබෑ මුහුණ වෙනස් කිරීමට උත්සාහ දරමින් තව තවත් පඹගාලේ පැටලෙති. තවත් සමහරු වෙන කරන්නට දෙයක් නොමැති හෙයින් අප්‍රසන්න, කටුක සැබෑ මුහුණ සමග ජීවන අරගලයක යෙදෙති.

ආදරය මෙවැනි බේදාන්තයක් විය යුතු නැත. ආදරය අධ්‍යාත්මික වටිනාකමක් ඇති. උසස් මිහිරි වින්දනයක් ඇති දස දහස් ගණනින් ජීවත් කරවීමට තරම් මහා බලසම්පන්න ශක්තියක් ඇති උත්තරීතර අපුර්වතම හැගීම් සමුදායකින් යුක්තයි. මෙවන් හැගීම් සමුදායක් භූක්ති විදීමට නම් ආදරය කරන්නන් එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් අන්තර් සම්බන්ධතා පැවැත්විය යුතුව ඇත. සොබාදහමින් ඉවත්වන්නට ජීවිතයේ යථාර්ථයම එපිටින් සිතන්නට අවබෝධය දුරස්ව ඈතින් ඈතට පලා යයි. වර්තමාන තරුණ පරපුර සහ වැඩිහිටියන්ද නිල් චිත්‍රපට සහ වෙනත් අසාමාන්‍ය ලිංගික චාර්යා සහිත වීඩියෝ පට බැලීම තුළ ආදරය ලිංගිකත්වයේ සීමාන්තික හැගීම් තුළින් දුෂණය වී ඇත. මේ නිසා කෙතරම් ජීවිත විනාශ මුඛයට ගොස් ඇත්ද? බොහෝ සිද්ධීන් ලැජ්ජාව නිසා සැගවී ඇත. තවත් ජිවිත අකාලයේ මිය ගොස්ය. වත්මන් මනෝ විද්‍යා උපදේශන සේවාවල ව්‍යාප්තිය නිසා සේවා ලබා ගැනීමට යොමු වු තරුණ තරුණීයන් ජීවිතාවබෝධය ලබා ඉදිරි ජීවිතයට සාර්ථක කර ගැනීමට මං පේ පාදා ගැනීම සතුටට කරුණක්.

අනෙකාගේ සිතුම් පැතුම්වලට ඉඩක් නැති නැන සවන් නොදෙන තැන සතුටක් නැත. හෙඳ අවබෝධයක්ද නැති. සිතන්නේ වැරදි ලෙසටය. අවබෝධ කරගන්නේද වැරදි ලෙසටය. වැරදි අවබෝධය තුළ තව තවත් බොහෝ වැරදි සිදුවන්නට ඉඩ ඇත. වැරදි එකින් එක තට්ටු ගසමින් වැඩි වෙයි. ආදරය කරන දෙපාර්ශවයට එකිනෙකාට ප්‍රතිචාර දක්වන්නේ ගොඩගසාගත් වැරදි වල එල්බසිටගෙන. එවිට දෙපාර්ශවයම තව තවත් දුරස් වෙයි. ආදරය ඈතින් ඈතට පලායයි. යළී ලං නොවන්නටම පලා යයි. පලාගිය ආදරය පෙරටු කොට යන මග ඉදිරියට හමුවන්නේ කටුක අමිහිරි අත්දැකීම්ය.
ආදරය හුවමාරු කර ගත යුතු දෙයක් වාගේම රැක ගත යුතු දෙයකි. එසේම රැකගන්නට නම් පළුදු වන හැම මෙහොතක්ම යළී පිළිසකර කර තග යුතුයි. පිළිසකර කිරිමේ සීමාවක්ද ඇත. සාර්ථක අදහස් හුවමාරු කර ගැනීම් සහ යහපත් හැසීරිම් තුළින් පළුදු වු සිත් පිළිසකර කර ගත හැකියි. පාපෝච්චාරණය සහ සමාව තුළින් ආදරය තව තවත් අලූත් වෙනවා. හැමවිටම අනෙකාගේ අදහස්වලට සවන් දෙන්න. ගරු කරන්න.මුවින් පිට නොවන හැඟීම් සහ චාර්යා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න. පරස්පර තැන්වලදී සාමකාමීව මුදු මොළොක් ලෙස සංවාදශීලි වන්න. එකිනෙකාගේ හැඟීම් මුදා හැරීමට අවස්ථා සම්දපාදනය කර ගන්න.

නියපොත්තෙන් කඩන්නට හැකිදේ පොරවෙන් කැපීමට ඉඩ නොතබන්න. අවශ්‍ය විට මනෝවිද්‍යා උපදේශන සේවාවන්හි සහාය ලබා ගන්න.

අනුරාධා දිලිනි ඉලංකෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 193 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:17 AM
Script:/article/193/love-sex-and-young-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:18 AM
Script:/article/193/love-sex-and-young-people.html