මේ වගේ පෙම්වතෙක් වෙනුවෙන් නම් කවදාවත් ඔබේ වටිනා කාලය විනාශ කරගන්න එපා

May 29, 2017
14,059
7 Signs You Are Wasting Your Precious Time On Him
අපි හැමෝටම අපි හිතන පතන විදිහටම ජීවත් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? හැබැයි එහෙම ජීවත් වෙන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සමහර අයට එහෙම ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුනත් ඒ අය කරන කියන සමහර දේවල් නිසා ඒ අයගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම දෙයක් තමයි ආදර සබදතාවයක් කියන්නේ. ඇය අනාගතය ගත කරන්න තෝරාගන්න සහකරුවා මත ඇයගේ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වෙනවා. ඒ නිසා කවදාවත් මේ වගේ පිරිමියෙක් වෙනුවෙන් නම් ඔබේ වටිනා කාලය කවදාවත් විනාශ කරගන්න එපා.

1. ඔහු ඔබට ඇහුන්කම් දෙන්නේ නැත්නම්

ඔබ ඔහුත් සමග කතාබහ කරන්න උත්සහ කරන හැම අවස්ථාවකම ඔහු ඔබව මග හරිනවා නම්. ඔහුත් සමග ඔබේ ජිවිතයේ කිසිම වැදගත් දෙයක් ගැන කතාබහ කරන්න බැරිනම්. තව දුරටත් ඔබ ඔබේ වටිනා කාලය ඔහු වෙනුවෙන් විනාශ කරගන්න එපා.

2. ඔහු අධිකව බීමට ඇබ්බැහි වූ අයෙක් නම්

සමහර පිරිමින් සිටිනවා ඔවුන්ගේ දවසේ වැදගත්ම කාර්ය මත් පැන් පානය කිරීමයි. ජිවිතයේ වෙනත් කිසිදු වැදගත් කාර්යක් සදහා ඔවුන් කාලය වෙන් කරන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයේ කිසිදු ආකාරයක බරපතල කමක් තේරෙන්නේ නැහැ. මේ වගේ පිරිමියෙක් කිසිම දවසක සාර්ථක ජිවිතයක් ගත කරන්න උත්සහ කරන්නේ නැහැ. ඒ නිසා ඔබේ කාලය මේ වගේ පිරිමියෙක් වෙනුවෙන් කැප කරන්න එපා.

3. ඔහු ඔබේ සාර්ථකත්වයට උදවු නොකරන අයෙක් නම්

ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට සතුටුවෙන ඒ සදහා ඔබට උදවු කරන සහකරුවෙක් හැම දවසකම ඔබේ ජීවිතයට ගෙන එන්නේ සතුට පමණයි. නමුත් මේ කිසිම දෙයකට ඔබට උදවු නොකරන ඔබ ගැන සතුටු නොවන පෙම්වතෙක් සමග නම් ඔබ කාලය ගත කරන්නේ ඔහු ඔබට ගැලපෙන අයෙක් නොවෙයි.

4. ඔහු හොද සන්නිවේදකයෙක් නොවෙයි නම්.

ඔබ ඔහුත් සමග යම් දෙයක් ගැන කතාබහ කරන විට ඔහු ඒ දේවල් ගණන් නොගන්න, නැතිනම් ඉක්මනින් ඒ දේවල් ගැන තරහ ගන්න අයෙක් නම්, ඔබට ඉතා අපහසුයි ඔහුත් සමග කටයුතු කරන්න. මේ නිසා ඔබ ඔහු වෙනුවෙන් කැප කරන කාලය ගැන දෙපාරක් සිතන්න.

5. ඔබගේ සිහින ගැන තැකීමක් නොකරන අයෙක් නම්

අපි හැමොගේම ජීවිත වලට යා යුතු මාර්ගය පෙන්වා දෙන්නේ අපි දකින සිහින. හැම කෙනෙගේම ජීවිතයේ සාර්ථකත්වයට සිහින කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. නමුත් ඔබේ පෙම්වතා ඔබේ සිහින ගැන තැකීමක් නොකරන ඒවාට දොස් නගන අයෙක් නම් තවත් ඔබේ වටිනා කාලය ඔහු වෙනුවෙන් කැප කරන්න එපා.

6. වෙනත් කාන්තාවන් ගැන වැඩි උනන්දුවක් දක්වන අයෙක් නම්

ලස්සන කාන්තාවන් දෙස දෙපාරක් බලන එක ඕනෑම පිරිමියෙක්ගේ ලක්ෂණයක්. නමුත් ඔබේ පෙම්වතා අනවශ්‍ය විදිහට වෙනත් කාන්තාවන් ඇසුරු කරන අයෙක් නම්, ඔහුට කිසිම දවසක ඔබේ ආදරය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා මේ වගේ පිරිමින් ඔබේ ජිවිතයෙන් ඉක්මනින් ඉවත් කරන්න.

7. පරණ පෙම්වතිය ගැන තවමත් සිතන කෙනෙක් නම්

ඔහු ඔබත් සමග සිටියත් නිතරම ඉන්නේ පරණ පෙම්වතිය ගැන කල්පනා කරමින් නම්, ඇයව සිතින් මවා ගනිමින් නම්, ඔහුට ඉතා අපහසුයි ඔබත් සමග ජීවිතයක් ගොඩනගා ගන්න. ඔහු අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම පරණ පෙම්වතිය වෙතට යනවා. මේ නිසා හොදම දෙය තමයි ඔහුව අමතක කර ඔබට සැබෑවටම ආදරය කරන කෙනෙකු සොයාගැනීම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 293 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:54:54 PM
Script:/article/293/7-signs-you-are-wasting-your-precious-time-on-him.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:54:55 PM
Script:/article/293/7-signs-you-are-wasting-your-precious-time-on-him.html