අන්ධ මිනිසෙකුගේ ආදරය - Story

September 22, 2020
2,797
Love of a blind man - Story
එක්තරා තරුණයෙක් ලස්සන ගැහැණු ළමයෙක් එක්ක විවාහ වුණා. ඔහු ඇයට බොහෝ සෙයින් ආදරය කළා. දවසක් ඇයට හදිසියේම සමේ රෝගයක් වැළඳෙන්න පටන් ගත්තා. ඒ රෝගයත් එක්ක සෙමෙන් සෙමෙන් ඇයට ඇගේ සුන්දරත්වය නැති වෙන්න පටන් ගත්තා. මේ අතරතුරදී දවසක් ඇගේ සැමියා රැකියාවේ වැඩ කටයුත්තක් සඳහා සංචාරයකට පිටත් වෙලා ගියා. වැඩ කටයුතු ඉවර කරලා ආයි ගෙදර එන ගමනේදී ඔහුට අවාසනාවන්ත හදිසි අනතුරකට මුහුණ දෙන්න වුණා. රෝහල්ගත කරලා සිහිය ආවාට පස්සෙයි බිරිඳ දැනගත්තේ ඔහුගේ ඇස් වල පෙනීම නැති වෙලා කියලා. කෙසේවෙතත් ඔවුන් දෙදෙනා අතර පැවතුණ ආදරය නිසාම විවාහ ජීවිතය සුපුරුදු පරිදි පැවතුණා.

නමුත් දවස් ගෙවිලා යනකොට ඇයට ඇගේ රෝගය නිසා තිබ්බ සුන්දරත්වය ක්‍රම ක්‍රමයෙන් නැති වෙලාම ගියා. ඇගේ අන්ධ ස්වාමිපුරුෂයාට මේක දැනගන්න ලැබුණේ නැති නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයේ කිසිම වෙනසක් වුණේ නෑ. ඔහු ඇයට දිගටම ආදරය කළ අතර ඇයද ඔහුට බොහෝ සේ ආදරය කළා. එක් අඳුරු දවසක ඇය මිය ගියා. ඇගේ මරණය ඔහුට දරා ගන්න අමාරු, ඉතා විශාල ශෝකයක් ගෙන දුන්නා. ඒ නිසාම ඇගේ අවසන් කටයුතු සියල්ලම අවසන් කළාට පස්සේ ඔහුට එම නගරයෙන් පිටවීමට අවශ්‍ය වුණා.

ඔහු නගරයෙන් පිටත් වෙන්න සූදානම් වුණු දවසේ නිවසට ආපු ඔහුගේ මිත්‍රයෙක් මෙහෙම ඇහුවා. “දැන් ඔයාට තනිවම ඇවිදින්න පුලුවන් ද? කොහොමද ඔය විදිහට අලුත් නගරයකට ගිහින් ජීවත් වෙන්නේ? ඒ දවස්වල ඔයාගේ බිරිඳ ඔයාට උදව් කරපු නිසා ඒක ඔයාට හයියක් වුණා. ඒත් දැන් ඒ උදව් නැතුව ජීවත් වෙන්නේ කොහොමද?" මිත්‍රයා අහපු සාධාරණ ප්‍රශ්න වලට උත්තර දෙමින් ඔහු අවසානයේදී මෙහෙමයි කිව්වේ. 

“මම අන්ධ වෙලා හිටියේ නෑ. මම ඒ ව්දිහට ක්‍රියා කළේ එයාගේ රෝග තත්ත්වය නිසා. මොකද මම එයාගේ සමේ තත්වය දැක්කා. ඒත් ඒක මම දන්නවා කියලා එයා දැනන් හිටියා නම්, ඒක එයාගේ රෝගයට වඩා විශාල වේදනා ගෙන දෙන තත්ත්වයක් වෙනවා. ඇත්තටම මම එයාගේ සුන්දරත්වයට විතරක් නෙමෙයි ආදරය කළේ. එයාගේ හදවතේ මං ගැන තිබ්බ සැලකිලිමත්බව හා ආදරණීය ස්වභාවය නිසායි මම එයා එක්ක ගොඩාක් ආදරයෙන් බැඳිලා හිටියේ. ඒ කාලයේදී එයාගේ සමේ තත්ත්වය මම දැක්කොත් ඇයට ඇය ගැනම ලොකු ලැජ්ජාවක් ඇති වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම අන්ධයි කියලා එයා ඉස්සරහදී මවාපෑවා. මට අවශ්‍ය වුණේ එයා ජීවත් වෙන ටික කාලයේ හරි එයාව සතුටින් තියා ගන්න විතරයි.”

පාඩම : ඔබ කෙනෙක්ට සැබවින්ම ආදරය කරනකොට, ඔබ ඔබේ ආදරණීයාව සතුටින් තබා ගැනීමට ඕනෑම දුරකට යන්න සූදානම් ඇති. ඒ නිසාම සමහර වෙලාවට එකිනෙකාගෙන් නොදැනුවත්වම සිද්ධ වෙන හිත රිදෙන වචන, ක්‍රියාවන් සහ පාලනය කරගන්න බැරි සිදුවීම් වලදී අන්ධ විදිහට හැසිරෙමින් ඒ වගේ තත්ත්වයන් නොසලකා හරින්න පුරුදු වෙන එක ඔබ දෙදෙනාටම ගොඩක් හොඳයි. දෙදෙනාටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ එතකොටයි. රූපයේ අලංකාරය කාලයත් සමඟ මැකී යනවා. නමුත් හදවතේ සහ ආත්මයේ වටිනාකම් සැමවිටම එක හා සමානයි. ඒ නිසා කෙනෙක්ට ආදරය කරද්දී ඔහුගේ/ඇයගේ පිටතින් පේන දේට නෙමෙයි ඇතුළාන්තයේ තියන වටිනාකම් වලට ආදරය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1837 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:37:03 AM
Script:/article/1837/love-of-a-blind-man-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:37:04 AM
Script:/article/1837/love-of-a-blind-man-story.html