පොරොන්දුවක් ඉටු කිරීමේ සතුට - Story

September 28, 2020
506
Happiness of fulfilling a promise - Story
මේ කතාවේ ආරම්භයේ ඉඳන්ම තරුණියගේ පවුලේ අය ඇය ආදරය කරපු තරුණයා එක්ක තිබ්බ සම්බන්ධයට අනුමැතිය දීලා නෙමෙයි තිබ්බේ. ඔවුන් කිව්වේ ඇය පුංචි කාලයේ ඉඳන්ම හැදී වැඩුණේ උසස් පවුල් පසුබිමක නිසා ඇය ඒ පිරිමි ළමයා සමඟ එකට ජීවත් වෙන්න ගියොත් ඇයට ඇගේ මුළු ජීවිත කාලය පුරාම දුක් විඳින්න වෙයි කියලායි.

පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වෙන පීඩනය නිසා ඇය නිතරම ඔහු සමඟ රණ්ඩු වෙනවා. ඒත් ගැහැණු ළමයා පිරිමි ළමයාට ආදරෙයි. දවසක් ඇය ඔහුගෙන් ඇහුවා “ඔයා මට කොච්චර ආදරෙයිද?” කියලා. ඒ ප්‍රශ්නයට පිරිමි ළමයා ඔහුගේ වචන වලින් ඇය බලාපොරොත්තු වුණ තරම් හොඳ උත්තරයක් දුන්නේ නැති නිසා ඔහු ඇයව කෝපයට පත් කළා. ඇගේ දෙමව්පියන්ගෙන් හැමදාම ලැබෙන අමතර බලපෑම් එක්ක ඇගේ මනෝභාවයන් තවත් නරක අතට හැරෙන්න පටන් ගත්තා. ඒ නිසාම පිරිමි ළමයා, ඇගේ “කෝපය මුදා හැරීමේ ඉලක්කය” බවට පත් වෙලායි තිබ්බේ. නමුත් පිරිමි ළමයා නිහඬව ම ඇයට ඔහු පිටින් කෝපය පිට කරන්න දිගින් දිගටම ඉඩ හැරියා.

ටික කාලයකට පස්සේ පිරිමි ළමයා විශ්ව විද්‍යාලයෙන් පිටත් වෙමින් උපාධිය ලබා ගන්න සමත් වුණා. එතනින් පස්සේ ඔහු වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගත වෙන්න සැලසුම් කළා. ඔහු පිටත් වෙලා යන්න කලින් ගැහැණු ළමයාට මෙසේ යෝජනා කළා… “මම හොඳ වචන කියන්න දන්නේ නෑ තමයි, නමුත් මම එකක් දන්නවා, මම ඔයාට ඇත්තටම ආදරෙයි. ඔයා එකඟ නම් මුළු ජීවිත කාලයේම ඔයාව බලා ගන්න මම කැමැතියි. ඔයාගේ පවුලේ සාමාජිකයන්ට මගේ ආදරය ගැන ඒත්තු ගැන්වීමට සහ අපි දෙන්නාට එයාලාගේ කැමැත්ත ලබා ගන්න මම මහන්සි වෙනවා.”

“මාව විවාහ කරගන්න” ලෙස ඔහු කල යෝජනාවට ඇය එකඟ වුණා.

පිරිමි ළමයා අවංකවම පෙන්වපු උත්සාහය දැකලා අවසානයේදී ඇගේ දෙමාපියන් ඔවුන් දෙදෙනාට කැමැත්ත දුන්නා. අවසාන වශයෙන් පිරිමි ළමයා විදේශ ගත අධ්‍යාපනය ලබන්න යන්න කලින් ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත්තා. ගැහැණු ළමයා නැවත උපන් ගමේම රැඳී සිටිමින් ඇගේ වැඩ කටයුතු පටන් ගත්තා. ඔවුන් දුරකථන හා ලිපි මගින් තමන්ගේ සම්බන්ධතාවය පවත්වාගෙන ගියා. ඒ විදිහට එකිනෙකා නොදැක කාලය ගත කිරීම දුෂ්කර වුණත්, ඔවුන් දෙදෙනාම කිසි විටෙකත් උත්සාහය අත් හැරියේ නෑ.

දවසක් ඇය සුපුරුදු පරිදි රැකියාව සඳහා නිවසින් පිට වෙලා යන අතරතුර බස් නැවතුම්පොළට යන අතරමගදී , පාරේ වේගයෙන් ආපු මෝටර් රථයක හැප්පිලා ඇයව පාර මැදදීම බිමට වැටුණා. සිහිසුන්ව හිටපු ඇය අවදි වෙද්දී හිටියේ රෝහල්ගත කරලායි. ඒ වෙලාවේ ඇගේ ළඟ හිටියේ දෙමව්පියන් දෙදෙනායි. ඇයට කොයි තරම් බරපතළ ලෙස තුවාල වෙලා ද සහ ඇය කොයි තරම් වාසනාවන්තද කියන එක ඇය තේරුම් ගත්තේ තමන් මරණයට පත් වෙලා නෑ කියලා දැනගත්තාමයි.

ඇගේ දෙමව්පියන් දිහා බැලුවාම ඔවුන්ගේ මුහුණු කඳුළු වලින් තෙත් වෙලා තියනවා දැක්කා. ඇයට ඔවුන්ව සනසන්න ඕනේ නිසා කතා කරන්න උත්සහ කළා. නමුත් ඒ සඳහා ඇයට වචනයක්වත් උච්චාරණය කර ගන්න බැරි බව ඇය දැනගත්තා. ඇය යම් හඬක් නැගීමට උපරිම උත්සාහ කළත් ඇයට කළමණාකරනය කර ගන්න පුලුවන් වුණේ කටහඬින් තොරව හුස්ම ගැනීම පමණයි. ඇය ගොළු වෙලා. වෛද්‍යවරයා පවසන විදිහට තුවාලය ඇගේ මොළයට බලපා ඇති අතර, එය ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව නිහඬ කිරීමට හේතු වෙලා තියනවා. ඇය ලෙඩ ඇඳේදී දෙමව්පියන්ට ඇහුම්කන් දෙන බව ඒත්තු ගැන්වූ නමුත් එක වචනයකින්වත් පිළිතුරු දෙන්න බැරි නිසා ඇය සම්පූර්ණයෙන්ම මානසිකව කඩා වැටුණා. දවස් පුරාම අනෙක් අය ඇය වෙනුවෙන් හඬද්දී, ඇය ඔවුන්ට වඩා වේදනාවකින් හදවතින් අඬමින් හිටියේ.

පසුව ඇය රෝහලෙන් පිටත් වෙලා යන දවස උදා වුණා. ඇය නිවසට නැවත පැමිණීමත් එක්ක සෑම දෙයක්ම ඉස්සර වගේ සාමාන්‍ය විදිහට තියාගන්න දෙමවුපියන් කටයුතු කළා. දුරකථනය නාද වීම ඇයගේ නරකම බියකරු සිහිනය බවට පත් වුණා. එය වරින් වර නාද වෙන වාරයක් පාසා දිගින් දිගටම ඇයව උත්තේජනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇගේ වේදනාවත් උත්තේජනය වුණා. නමුත් වෙච්ච දේ පිරිමි ළමයාට කියන්න තරම් හ‍යියක් ඇයට ලැබුණේ නෑ. විශේෂයෙන්ම ඔහුට බරක් වීමට ඇයට අවශ්‍ය වුණේ නෑ. ඒ නිසා තවදුරටත් ඇය වෙනුවෙන් බලා සිටීමට අවශ්‍ය නැති බව පවසමින් ඇය ඔහුට ලිපියක් ලිව්වා. ඒ එක්කම ඔවුන් අතර සම්බන්ධතාවය අවසන් කරපු බව දන්වමින් විවාහ ගිවිස ගැනීමේ මුදුව පවා ඔහුට ආපසු යවන්න ඇය කටයුතු කළා. පිරිමි ළමයාගේ ලිපි වලට සහ දුරකථනයට පිළිතුරු දීම වෙනුවට ඇයට කරන්න පුලුවන් වෙලා තිබ්බේ ඇගේ දෑස් වලින් කඳුළු වැටීමට ඉඩ දීම විතරයි.

ඇය විඳින වේදනාව දැක්ක ඇගේ පියා වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට තීරණය කළා. සියල්ල අමතක කරමින් අලුත් පරිසරයකට ගිය නිසා ඇය නැවත සතුටින් ජීවත් වෙන්න පටන් ගනියි කියලා දෙමවුපියන් බලාපොරොත්තු වුණා. ඇය සංඥා භාෂාව ඉගෙනීමට පටන් ගත්තා. ටිකෙන් ටික අධ්‍යාපන වැඩ කටයුතු ද ඒ හරහා පටන් ගන්න පුලුවන් වුණා. කාලයත් එක්ක පිරිමි ළමයාව අමතක කරන්න කියලා ඇය තමාටම කියා ගත්තා.

දවසක් ඇගේ හොඳම මිතුරිය ඇයට කියනවා පිරිමි ළමයා ආපහු ආවා කියලා. ඔහු ඇය ගැන සෑම තැනකම සොයමින් ඉඳලා තියනවා. ඇය තමන්ගේ හොඳම මිතුරියගෙන් ඇයට වුණු දේවල් ගැන කිසි දෙයක් නොකියන ලෙස ඉල්ලා සිටි අතර ඇයව අමතක කරන්නැයි ඔහුට කියන්න කියලා ඉල්ලීමක් ද කළා. ඊට පස්සේ අවුරුද්දකට වැඩි කාලයක් පිරිමි ළමයා ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ. දිනක් ඇගේ හොඳම මිතුරිය ඇයට පවසන්නේ පිරිමි ළමයා ඉක්මනින් විවාහ වන බවයි. එම විවාහ කාඩ්පත ද මිතුරිය අරන් ඇවිල්ලා තිබ්බා. ඒ මොහොතේම කනගාටුවෙන් වුණත් එම කාඩ්පත අතට අරන් විවෘත කළා. නමුත් කාඩ්පතේ තිබ්බේ ඇයගේ නමයි. ඒ බව දැකලා ඇය අතිශයින්ම පුදුමයට පත් වුණා.

ඇය ඒ ගැන හොඳම මිතුරියගෙන් ඇසීමට අවශ්‍ය වුණු මොහොතේම පිරිමි ළමයා ඇය ඉදිරිපිට පෙනී සිටියා. ඔහු නිවසට ඇවිල්ලා ඇයව සොයාගෙන. නුහුරු සංඥා භාෂාවෙන් ඔහු ඇයට කීවේ, 
”මම වසරකට වැඩි කාලයක් ගත කළා සංඥා භාෂාව ඉගෙන ගැනීමට. මොකද මට කියන්න ඕනේ වුණා මම අපේ පොරොන්දුව අමතක කරලා නෑ කියලා. මට අවස්ථාවක් දෙන්න. මට ඔයාගේ කටහඬ වෙන්න උත්සහ කරන්නම්. මම ඔයාට තාමත් ආදරෙයි."

ඔහුගේ මන්දගාමී සංඥා භාෂාව සහ ඇය ඔහුට නැවත ලබා දුන් විවාහ ගිවිස ගැනීමේ මුදුව දෙස බැලූ ඇය අවසානයේ අතිශයින් පුදුමයට පත් වුණා. ඇගේ සතුට වැඩි කමට දීර්ඝ කාලයකට පස්සේ ඇය සිනාසුණා.

පාඩම : ජීවිතයේදී ගැටලුවක් ඇති වුණාම බියගුල්ලෙක් වෙලා පලා යන්න උත්සහ කරන්න එපා. සෑම ගැටලුවකටම මේ ලෝකේ විසඳුමක් ඇති බව මතක තබා ගන්න. කිසි විටෙකත් කෙනෙක්ගේ හදවත බිඳ දමන්න උත්සහ කරන්න එපා. මොකද පෙරලා ඒ වගේ දෙයක් ඔබටත් කවදා සිද්ධ වෙයිද කියලා ඔබ දන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,023
   6,197

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,487
   1,121

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Things Guys Notice When You First Meet
   47,272
   223

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි
Day to day protection ideas from cover 19
   2,084
   176

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Day to day tips for a outstanding beauty
   21,548
   176

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ

Latest Articles

Most Viwed