අවසානයේදී ආදරය වෙනත් ආකාරයකින් නැවත ඔබ වෙතට පැමිණෙනවා-Story

September 30, 2020
10,961
At last love come in another form - Story
ෆ්‍රාන්ස් කෆ්කා (1883 ජූලි 3 - 1924 ජුනි 3) කියන්නේ ජර්මානු භාෂාව කතා කරන බොහීමියානු නවකතාකරුවෙක් හා කෙටිකතා රචකයෙක්. ඔහු 20 වන සියවසේ පැවතුණු සාහිත්‍ය ලෝකයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙනවා. ඔහුගේ කෘති 20 සහ 21 වන සියවස්වලදී ලෝකයේ ලේඛකයින්, විචාරකයින්, කලාකරුවන් සහ දාර්ශනිකයින් විශාල පිරිසකට විශාල මතවාදීමය බලපෑමක් කරලා තිබ්බා .  

කිසිම දවසක විවාහ නොවූ සහ දරුවන් ද නොමැති වූ කෆ්කා දවසක් බර්ලිනයේ උද්‍යානයක් හරහා ගමන් කරමින් හිටියා. එතකොට ඔහුට වයස අවුරුදු 40 යි. එහෙම ඇවිදන් යනකොට කෆ්කා දකිනවා උද්‍යානයේ අඬ අඩ ඉන්න ගෑණු ළමයෙක්ව. දරුවාගේ හැඬීමට සංවේදී වුණු කෆ්කා ඇය ළඟට යනවා. ගිහින් අහනවා අඬන්නේ ඇයි කියලා. එතකොට ඇය කියනවා ඇගේ ප්‍රියතම බෝනික්කා නැති වෙලා කියලා. ඊට පස්සේ කෆ්කා ඇයත් සමඟ එකතු වෙලා උද්‍යානය පුරාම බෝනික්කා හොයන්න පටන් ගන්නවා. ඒත් දෙන්නාගේම උත්සහයන් අසාර්ථක වෙනවා. අවසානයේදී ඔහු ඒ පුංචි ගැහැණු ළමයාට කියනවා පහුවෙදාට උද්‍යානයට ආවම නැවතත් ඔහුව හමු වෙන්න කියලා. කිව්ව විදිහටම ගැහැණු ළමයා ඊට පහුවදා ඔහුව හමු වෙන්න ඇවිල්ලා හිටියා.

ඊළඟ දවසේත් දෙන්නාම එකතු වෙලා බෝනික්කා හොයනවා. ඒත් හම්බ වෙන්නේ නෑ. පුංචි ගැහැණු දරුවාගේ මූණ ටික ටික බෙරි වෙන්න පටන් ගන්නවා දුකට ම. ඒත් කෆ්කා හදිසියේම  සාක්කුවට අත දාලා දෙයක් එළියට ගන්නවා. ඒක ලියුමක්. කෆ්කා ඇයට බෝනික්කා විසින් ලියන ලද ලිපියක් ගෙනල්ලා. ඇය කඳුළු පිහිදගන්න ගමන් ලියුම අතට අරන් කියවන්න පටන් ගත්තා. ඒකේ තිබ්බේ මෙහෙමයි.          

"මගේ පුංචි මිතුරිය, කරුණාකරලා ඔයා අඬන්න එපා. මට ලෝකය බලන්න ආස නිසා සංචාරයක් ගියා. මගේ වික්‍රමාන්විත සංචාර ගැන ඔයාට දිගට ම ලියන්නම්... "

මේ අනුව එදා ඉඳන් කෆ්කාගේ ජීවිතයේ අවසානය දක්වාම ලියවෙන කතාවක් ආරම්භ වෙනවා. එදා ඉඳන් උද්‍යානයේදී හම්බ වුණ පුංචි සුන්දර මිතුරිය සහ කෆ්කාගේ නිරන්තර හමුවීම් පිරවුණේ ඇයගේ අතට පත් කිරීමේ අරමුණින් ඔහු විසින් පරිස්සමට ලියපු බෝනික්කාගේ වික්‍රමාන්විත ලිපි හා සංවාද වලිනුයි.

අවසාන දවසේදී කෆ්කා නැවත බර්ලිනයට පැමිණියාම බෝනික්කෙක් (දැරිය ළඟ තිබ්බ එක වගේම එකක්) මිලදී ගෙන ඇයව බලන්න ආවා. ඔබ මොකද හිතන්නේ? ඒක දැක්කා ම ඇයට සතුටු හිතෙන්න ඇති ද?                                                             

ඇත්තටම නෑ....                                                    

අලුත් බෝනික්කා දැකපු ඇය මුහුණ අඳුරු කරන් කෆ්කාට මෙහෙම කිව්වා.
“ඒක මගේ බෝනික්කා වගේ පෙනෙන්නේ නෑනේ.”

ඒක අහපු කෆ්කා බෝනික්කා ලියූ තවත් ලිපියක් ඇයට භාර දුන්නා.                     
“මගේ සංචාරයන් විසින් මාව වෙනස් කරලයි තියෙන්නේ.”                           
ඒක කියවපු පුංචි දැරිය අලුත් බෝනික්කා බදාගෙන සතුටින් ගෙදරට අරන් ආවා. ඒ සිද්ධියෙන් වසරකට පස්සේ කෆ්කා මිය ගියා.
                                                                        
අවුරුදු ගණනාවකට පස්සේ පුංචි දැරිය සුන්දර තරුණියක් බවට පත් වෙනවා. දවසක් ඇය තමන්ගේ බෝනික්කා තුළ තිබිලා කොළයක් සොයා ගන්නවා. ඒකේ තිබ්බේ කෆ්කා විසින් ඇයට ලියලා අත්සන් කරපු කුඩා ලිපියක්. ඇය ඒක එළියට අරන් කියවන්න පටන් ගන්නවා :
                                                                             
“ඔබ ආදරය කරන සෑම දෙයක්ම බොහෝ විට නැති වෙලා යන්න පුලුවන්. නමුත් සියල්ල අවසානයේදී ආදරය වෙනත් ආකාරයකින් නැවත ඔබ වෙතට පැමිණෙනවා.”     
                                                                  
“ඔබ ආදරය කරන හා ආශා කරන සෑම දෙයක්ම කිසියම් නිශ්චිත අවස්ථාවකදී ඔබෙන් ඉවත් වෙලා යන්න පුලුවන්... නමුත් ඒ තමයි ඔබ වගේම මමත් ගෙවන මේ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඒ හුදකලා අහිමිවීම මත ඉඳන් සමස්ත ජීවිත පිළිබඳව ම තීන්දු තීරණ ගන්න ඔබ උත්සහ කරන්න එපා. මොකද ඉතාම කෙටි කාලයකට විතරක් ඔබ විඳින වේදනාවෙ අඳුරු අත්දැකීම් හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබව ඔබේ සමස්ත ජීවිතයම යථාර්ථය වෙත ළං කරන එකයි. ඊට පස්සේ ඔබ ජීවත් වුණාට වඩා පුළුල් අවබෝධාත්මක ඇසකින් බලලා හැම දෙයක්ම තේරුම් ගන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබ ජීවිතය දිහා බලන ආකාරය, ඔබේ ඉදිරි දර්ශනය ද සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒ අත්දැකීම් චාරිකාව අවසානයේදී ඔබ වෙනස් වෙනවා වගේම වෙනස් ම ආකාරයකින් "ආදරය" ද අනිවාර්යයෙන්ම හමු වෙයි. ඒ නිසා අවධානයෙන් ජීවත් වෙන්න.”

මේ සිද්ධිය පදනම් කරගෙන තමයි “Kafka and the Travelling Doll" කියන පොත ලියවෙන්නේ...

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1853 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:17 AM
Script:/article/1853/at-last-love-come-in-another-form-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:18 AM
Script:/article/1853/at-last-love-come-in-another-form-story.html