අනිත් අය ඔයාගේ ඇසුර පතන්නේ ඔයා ළඟ තියෙන මේ ලක්ෂණ නිසා තමයි

October 31, 2017
5,799
What makes others to stick around you
කවුරුවත් කැමති නැහැනේ පිරිසක් අතරින් කැපිලා යන්න. අපි හැමෝම කැමතියිනේ අනිත් අයගේ අවධානය දිනා ගන්න. එත් හැමෝටම ඒ දේ කරන්නත් බැහැ. මොකද අපි ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණ, ගති පැවතුම්, හැසිරීම, අපි තවත් කෙනෙක් එක්ක ගනු දෙනු කරන ආකාරය එයට බලපානවා. අපිට අනිත් අය අතරේ කැපිලා පේන්න සහ අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න මෙන්න මේ දේවල් හේතු වෙනවා. බලන්න මේ කියන ලක්ෂණ ඔයා ළඟත් තියෙනවද කියලා.

1. ඔයාට තවත් කෙනෙක් හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන

තවත් කෙනෙක්ගේ දුක, වේදනාව හැගීම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් ඔයා ඇත්තටම අනිත් අයට වඩා සුවිශේෂී කෙනෙක්. මොකද ඒ ගුණය හැමෝම ළඟ නැහැ. ඔයා තුල තියෙන මෙම ගතිගුණය අනිත් අයව ඔයා වෙත ආකර්ශනය වීමට වඩාත් හේතුවනවා. මොකද අඩුම තරම අනිත් කෙනා කියන්නේ මොකද්ද කියලා වත් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක තව කෙනෙක් කිසිම දෙයක් ගැන කතා කරන්න, බෙදා හදා ගන්න හිතන්නේ නැහැ.

2. ඔයා කාරුණික හදවතක් තියෙන කෙනෙක්ද?

තව කෙනෙක්ගේ දුකකදී, වේදනාවකදී හදවත උණු වීමේ ගුණය ඔයා ළඟත් තියෙනවද? එහෙනම් අනිත් අයගේ අවධානය, ආකර්ෂණය වගේම ආදරය දිනා ගන්න ඔයාට වෙන මොනවත් ඕන නැහැ.

3. ඔයා අඳින පළඳින විදිහත් වැදගත්

මේක නම් ඉතාමත් වැදගත් කාරණාවක්. ගොඩාක් ගෑණු ළමයි විවිධ විලාසිතා කරන්නේ අනිත් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණෙන්ම යි. ඒක තමන්ට ගැලපෙනවද, තැනට සුදුසු ඇඳුමක්ද කියලා හිතන්නේ නැහැ. ඒත් ඔයාට පුළුවන් නම් තැනට සුදුසු විදිහට අඳින්න සහ පළඳින්න ඒක ගොඩාක් වැදගත්. ඒ වගේම ඔයාගේ රැකියාව, වයස, තත්ත්වය මොකද්ද කියලා හොඳින් හිතලා විලාසිතා කරන්න. අනවශ්‍ය විදිහට හා නොගැලපෙන විදිහට ජේත්තු වෙලා අනිත් අයගේ දෝෂාරෝපණ එල්ල වෙද්දී කැපී පෙනීම කෙසේ වෙතත් අනිත් අයට ප්‍රිය නොවූ කෙනෙක් බවට පත් වෙනවා.

4. ඔයා ගැන තවත් කෙනෙක්ට විශ්වාස තබන්න පුලුවන්ද?

එහෙම පුළුවන් නම් තවත් කෙනෙක් ඔයාට ලං වෙන්න ,ඒ අයගේ දේවල් ඔයා එක්ක බෙදා හදා ගන්න පැකිලෙන්නේ නැහැ. එහෙම වුනොත් ඔයා එයාලට ඉන්න විශ්වාසවන්තම මිතුරා වෙයි. විශ්වාසය කියන්නේ ඉක්මනින්ම බිඳෙන සුළු දෙයක්නේ. ඔයාගේ පොඩි අතපසු වීමක් වුනත් එයට ප්‍රමාණවත්. ඒ නිසා හැම වෙලාවකම අනිත් අයගේ විශ්වාසය රැකෙන විදිහට වැඩ කරන්න. ඔයා අනිත් අය අතරේ කැපිලා පේන්න එයම හේතුවක්.

5. වගකීම් සහගත බව

ඔයා කරන කියන දේවල් ගැන වගකීමක් ඇතුව වැඩ කරන කෙනෙක් වීම ඔයාගේ ප්‍රතිරූපය වැඩි කරන්න හේතු වෙනවා. ඔයා කරන වැරදි වෙන අය පිට පටවන්න දක්ෂයෙක් නම් කිසිම කෙනෙක් ඔයාට ලං වෙන්නේ නැහැ. ලං වෙලා නැති ලෙඩ දාගන්න ඒ අය බිය වෙනවා. එහෙම වුනොත් අනිත් අය අතරේ ඔයා කැපී පෙනෙන්නේ හොඳ පුද්ගලයෙක් විදිහට නෙවෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 486 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:05 AM
Script:/article/486/what-makes-others-to-stick-around-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:05 AM
Script:/article/486/what-makes-others-to-stick-around-you.html