කාන්තාවන්ට වදකරන කොන්දේ අමාරුවට සදහටම bye කියන්නේ මෙහෙමයි

April 10, 2017
6,817
Quick and easy ways to stop back pain
කාන්තාවන් බහුතරයකට තියන ප්‍රශ්නයක් තමයි කොන්දේ අමාරුව කියන්නේ. සාමාන්යෙන් කොන්දේ අමාරුව විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. ඔබ නිදාගන්න වැරදි ඉරියවු, අධික බරක් සහිත දේවල් එසවීම, නැතිනම් ඔබේ ශරීරයේ යම් රෝගී තත්වයක් බොහෝ විට මේ සදහා හේතු විය හැකියි. කොහොම උනත් කාන්තාවකට කොන්දේ අමාරුවක් හැදෙනවා කියන්නේ ඇයගේ දවසෙම කටයුතු අඩාල වෙනවා කියන එකයි. මොකද ඇවිද්දත් එකම තැනකට වෙලා හිටියත් කොන්දේ අමාරුව නිසා දැනෙන්නේ අධික වේදනාවක්. මේ ක්‍රම ටිකෙන් ඔබට පුළුවන් ඔබට වද කරන කොන්දේ අමාරුවට ඉක්මනින්ම විසදුමක් ලබාගන්න

1. නම්‍යශීලි ව්‍යායාම වල නිරත වීම

Quick and easy ways to stop back pain
මිනිස් සිරුර නිර්මාණ වෙලා තියෙන්නේ එකම ඉරියවුවකින් බොහෝ වෙලාවක් එකම තැනකට වෙලා ඉන්න නෙවෙයි. මේ නිසා අනිවාර්යෙන්ම ඔබ විනාඩි 20 කට සැරයක් වත් ඔබ ඉන්න ඉරියවුව වෙනස් කරලා ටිකක් ශරීරයට පහසු වෙන ලෙස ඇවිදීම හෝ හැකියාවක් ඇත්නම් සිරුරේ නම්‍යශීලිබාවය වැඩි කරන ව්‍යායාමයක් සිදු කරන එක වැදගත්. මෙය ඔබට එකම ඉරියවුවකින් සිටීම නිසා ඇතිවෙන කොන්දේ වේදනාවට ඉක්මන් සහනය ගෙනදෙනවා.

2. හොද නින්දක් ලබා ගැනීම

Quick and easy ways to stop back pain
සුවපහසු හොද රාත්‍රී නින්දක් ලැබීමෙන් ඔබේ සිරුරේ පිටුපස මාංශ පේෂීන් වලට හොදින් ප්‍රතිසංස්කරණය වීමේ හැකියාවක් ලැබෙනවා. මේ නිසා ඔබ හොද නින්දක් ලබාගැනීම ඉතා වැදගත්. නමුත් ඔබ නිදාගන්න ඇදේ මෙට්ටයේ ස්භාවය සමහර විට ඔබේ කොන්දේ අමාරුවට හේතුවක් විය හැකියි. මේ නිසා හොද තත්වයේ මෙට්ටයක් නිදාගැනීම සදහා භාවිතා කරන්න.

3. ඔබේ ශරීරයේ බර පාලනය කරගන්න

Quick and easy ways to stop back pain
බොහෝමයක් දෙනා දන්නේ නැහැ ඔවුන්ගේ ශරීරයේ බර කොන්දේ අමාරුව හැදෙන්න හේතුවක් වෙන බව. ඔබේ ශරීරයේ බර වැඩි නම් එයින් ඔබේ කොන්දට වෙන බලපෑම වැඩියි. මේ නිසා හොද ශරීර බරක් පවත්වාගෙන යාමෙන් ඔබට පුළුවන් කොන්දේ අමාරුව ඇතිවීම පාලනය කරගන්න.

4. තරහා පාලනය කරගන්න

Quick and easy ways to stop back pain
ඔබ තරහ පාලනය කරගත්තේ නැතිනම් ඔබ මානසික ආතතියට පත් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. මොකද අපි තරහ ගන්න අවස්ථාවල අපේ ශරීරයේ රසායනික වෙනස්කම් විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. මේ නිසා වෙන්නේ අපේ ශරීර සෞඛ්‍ය පිරිහෙන එක. ඒ වගේම පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා ආතතිය හා කාංසිය සෘජුවම කොන්දේ අමාරුව ඇතිවීමට හේතුවෙන බව.

5. මනස සැහැල්ලු කරන ව්‍යායාම වල නිරත වෙන්න

Quick and easy ways to stop back pain
මේ සදහා භාවනාව ඔබට යොදාගන්න පුළුවන්. මේ මගින් ඔබේ මනස සැහැල්ලු කරනවා වගේම ඔබේ ශරීරයත් සුවපත් කරනවා. යුරෝපිය රටවල සිදුකල පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා භාවනාව මගින් කොන්දේ අමාරුවක් ඇතිවීමට හැකි අවධානම 70% කින් අඩුකර ගත හැකි බව.

මේ ක්‍රම වලට අනුව ඔබට පුළුවන් ඔබට වදයක් උන කොන්දේ අමාරුවට සාර්ථක විසදුමක් ලබාගන්න. නමුත් ඔබට පවතින්නේ දිගින් දිගටම අඩු නොවන කොන්දේ අමාරුවක් නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 201 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:21:23 AM
Script:/article/201/quick-and-easy-ways-to-stop-back-pain.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:21:23 AM
Script:/article/201/quick-and-easy-ways-to-stop-back-pain.html