රස ම රස බුරිටෝ රෙසිපි එක අත්හදා බලන්න

June 24, 2021
4,466
Have a burrito to loose weight
ඔබත් සිරුරේ බර වැඩිවීම ගැන කනස්සල්ලෙන්ද.. එහෙනම් රස ම රස බුරිටෝ රෙසිපි එක අත්හදා බලන්න.. රසයි, ගුණයි, පහසුයි ඒ වගේම බර අඩු කර ගැනීමටත් උපකාරි වෙනවා.. මෙන්න ඔබට පහසුවෙන් බුරිටෝ එකක් ඔතා ගන්න සරළ පියවර කිහිපයක්..

සිරැරේ බර අඩු කර ගැනීම කියලා කියන්නේ ඔබ කුසගින්නේ සිටීම හෝ ආහාර වේල් මග හැරීම නෙමෙයි.. හැමදාම කන ඒකාකාරී ආහාර රටාවෙන් මිදිලා රසවත් ආහාරයක් හදා ගන්නත් ඔබට පුළුවන්.. ඔබට අවශ්‍ය වන්නේ කැලරි, මේද අඩු අමුද්‍රව්‍ය වලින් රසවත් ආහාරයක් සාදා ගැනීමට ඇති උනන්දුවයි. බුරිටො කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක්.. බුරිටෝ (Burrito) ඔබට අවශ්‍ය පෝෂණය රසවත්ව ඔතන ලද ආහාරයක්.. දැන් අපි බලමු බුරිටෝ (Burrito) හදාගන්න අවශ්‍ය වන්නේ මොනවද කියලා..

ඔබට බුරිටෝ එතුම සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය..

1. අඩක් පිසින ලද තිරිඟු පිටිවලින් සාදන ලද චපාති
2. තම්බන ලද බෝංචි 10 g
3. සිහින් පෙති කපන ලද මාළු මිරිස් කරල් 10 g
4. සිහින් පෙති කපන ලද ළුණු 10 g
5. සිහින්ව පෙති කපන ලද පිපිඤ්ඤා 10 g
6. සිහින්ව පෙති කපන ලද බීට් රූට් 10 g
7. සිහින්ව පෙති කපන ලද කැරට් 10 g
8. තම්බාගත් බඩ ඉරිඟු ඇට
9. හොඳින් පොඩි කර ගත් අලිගැටපේර 20 g
10. උයාගත් රතු කැකුළු බත් 20 g
11. ලෙමන් ගෙඩියක යුෂ
12. ලුණු සහ ගම්මිරිස් රස අනුව
13. පිරවුම සඳහා ඔලිව් තෙල් මේස හැඳි එකක්


සාදාගන්නා ආකාරය :

01. භාජනයක් ගෙන එයට තම්බාගත් බෝංචි, මාළු මිරිස්, ලූනු, පිපිඤ්ඤා, කැරට්, බීට්රූට්, බත්, බඩ ඉරිඟු ඇට සමඟ ඔබට අවශ්‍ය පරිදි ලුණු ගම්මිරිස්, ඔලිව් තෙල් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

02. පොඩිකර කරගත් අලිගැටපේර එක හොඳින් මිශ්‍ර කරන්න.

03. පෑන් එකක් ලිප මත තබා ඔලිව් තෙල් එක්කර සාමාන්‍ය ගින්දරේ රත් කරන්න. පසුව භාගයට පිසින ලද චපාති එක දමා හොඳින් ක්‍රිස්පි ගතිය එනතුරු පුළුස්සා ගන්න. හොඳින් දුඹුරු පැහැවන තුරු දෙපැත්ත පුළුස්සා ගෙන ලිපෙන් ඉවත් කර පිඟානක් මතින් තබන්න.

04. ඔබ සාදාගත් මිශ්‍රණය චපාති එක මැදින් තබා රෝල් කරන්න.

05. දැන් ඔබගේ රසවත් එළවළු බුරිටෝ එක සූදානම්.. සතුටින් රසවිඳින්න..

එළවළු බුරිටෝ බර අඩු කිරීමට උපකාරී වෙනවා ද..

ඇත්ත වශයෙන්ම මෙය සියලුම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ආහාරයක්. විශේෂයෙන් ඔබ ශරීරයේ බර පිළිබඳව සැලකිලිමත් වනවා නම් මෙය ඔබට ඉතාමත්ම හොඳින් ගැලපෙන ආහාරයක්..

- තන්තුමය ගතියෙන් වැඩි එළවළු භාවිතා කරන නිසා පරිවෘත්තිය ක්‍රියා සඳහා උපකාරී වනවා.
- සාදා ගැනීමට ගත වන්නේ විනාඩි විස්සක් වැනි සුළු කාලයක්.
- නිර්මාංශ ආහාරයක් වන මෙහි ඔබගේ ශරීරයේට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට්, මේදය, විටමින් සහ ප්‍රෝටීන් සහ තන්තු අඩංගු පරිපුර්ණ අහාරයක්.
- විශේෂයෙන් බර අඩු වීමට වැදගත් අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාරයයක්.
ඉතින් බර වැඩි වෙනවට බයේ මුකුත්ම නොකා ඉන්නවට වඩා රසයෙන් වගේම ගුණයෙන් අනූන burrito අත්දැකීමක් ලබා ගත්තා නම් හිතටත් ගතටත් දෙකටම හොඳයි නේද...

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1997 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:48 AM
Script:/article/1997/have-a-burrito-to-loose-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:48 AM
Script:/article/1997/have-a-burrito-to-loose-weight.html