ඔබේ සිහිනය සුන්දර නිරෝගී කෙස් කළබක් නම් මේ වැරදි කවදාවත් කරන්න එපා

May 13, 2017
10,395
07 Deadly Hair Sins You Should Really Stop
බොහොමයක් දෙනා හිතන්නේ පිරිමි කැමති දිග කොණ්ඩයක් තියන කාන්තාවන්ට කියලා. නමුත් ඔවුන් නොදන්නා දෙයක් තමයි පිරිමි දිග කොණ්ඩයක් තියන කාන්තාවන්ට වඩා නිරෝගී ලස්සන කොණ්ඩයක් තියෙන කාන්තාවන්ට කැමති බව.

ඇත්තටම කොණ්ඩය දිග උනත් කොට උනත් එකේ වටිනාකම තියෙන්නේ ඔබ එය රැකබලා ගන්න ආකාරය අනුවයි. බහුතරයක් කාන්තාවන් නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා තමන්ගේ කොණ්ඩයට හානි සිදුකර ගන්නවා. ඒ වගේම සමහර කාන්තාවන් ඕනෑවට වඩා කොණ්ඩයට සත්කාර කරන්න ගිහින් කොණ්ඩයට හානි සිදුකර ගන්නවා.

මේ තියෙන්නෙත් ඒ විදිහට කොන්ඩේ ලස්සන නැතිවෙන්න කාන්තාවන් අතින් සිදුවෙන වැරදි කිහිපයක්.

1. ඕනෑවට වඩා නිෂ්පාදන හිසකෙස් සදහා භාවිතා කිරීම

කාන්තාවන් කිසිම විදිහක සොයා බැලීමකින් තොරව වෙළදපොළේ තිබෙන ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගන්නවා. ඒ වගේම ඔවුන් ඉක්මනින් ඉක්මනින් මේ නිෂ්පාදන මාරු කරනවා. ඒ වගේම සමහර කාන්තාවන් හිතන්නේ shampoo, conditioner වැඩි ප්‍රමාණයක් වරකට භාවිතා කරහම කොණ්ඩය නිරෝගී වෙනවා කියා. නමුත් මේ හැම ක්‍රියාවකින්ම වෙන්නේ ඔබ නොහිතන විදිහට ඔබේ හිසකෙස් වලට හානි සිදුවීම.

2. වැරදි ක්‍රමයට හිසකෙස් පීරීම

කොණ්ඩය පීරීම නිවැරදිව සිදුකල යුත්තේ පියවරෙන් පියවරට කොණ්ඩයේ අග සිට මුලටයි. එහිදී ගැටගැසී ඇති කොණ්ඩය සෙමින් ලිහමින් තමයි මේ කාර්ය කල යුත්තේ. එහෙම නැතුව ඔබ ඔබේ පහසුව ගැන සිතා මුල සිට ඉක්මනින් අගට කොණ්ඩය පීරීමෙන් සිදුවෙන්නේ ඔබේ කොණ්ඩයට හානි වීමයි.

3. නිතරම හිසකෙස් සේදීම

මේ නිසා ඔබේ හිසකෙස් වල තිබෙන හිතකර දේවල් බොහොමයක් ඔබට අහිමි වෙනවා. ඔබේ හිසකෙස් වල පැවතිය යුතු ස්භාවික තෙල් ගතිය ඉවත්ව ගොස් හිසකෙස් වියලි බාවයට පත් වෙනවා. සාමාන්යෙන් පුද්ගලයෙක් හිසකෙස් සේදීය යුත්තේ සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණයි.

4. අධික රස්නය

බොහෝ කාන්තාවන් කොණ්ඩයට විලාසිතා කිරීම සදහා විවිධ උපකරණ භාවිතා කරනවා. මේ උපකරණ බොහොමයක් රත් කිරීමෙන් අනතුරුව තමයි කොන්ඩ විලාසිතා සදහා භාවිතා කරන්නේ. මේ විදිහේ උපකරණ නිතර නිතර භාවිතා කිරීම සහ වැරදි ලෙස භාවිතා කිරීම නිසා කාන්තාවන්ගේ හිසකෙස් වලට හානි සිදුවෙනවා

5. උණුසුම් වතුරින් හිසකෙස් සේදීම

කාන්තාවන් බහුතරයක් සීතල අවස්තාවන් වලදී උණු වතුරින් නෑමට පුරුදුව සිටිනවා. නමුත් මේ නිසා ඔබේ හිසකෙස් වල ඇති ස්භාවික තෙල් ගතිය ඉවත් වී කොණ්ඩය වියළි භාවයට පත්ව ඉක්මනින් කැඩීයන තත්වයට පත් වෙනවා.

6. කොණ්ඩය ඉහලට කර තදින් ගැටගැසීම

කාන්තාවන් අතර බොහොම ජනප්‍රිය විලාසිතාවක් තමයි ponytails කියන්නේ. නමුත් මේ විලාසිතාව අනවශ්‍ය ලෙස තද කර දැමීමෙන් ඔබේ කොණ්ඩය කැඩෙන්න වගේම ගැලවී යන්නත් තියෙන ඉඩකඩ වැඩියි.

7. තෙත කොණ්ඩයට විලාසිතා කිරීම

කිසිම අවස්ථාවක තෙත කොණ්ඩය පීරීම හෝ වෙනත් විලාසිතාවන් කිරීම සුදුසු නැහැ. ඔබ කොණ්ඩය පීරීම සිදුකල යුත්තේ එය හොදින් වේලුන පසුව පමණයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 272 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:56 AM
Script:/article/272/07-deadly-hair-sins-you-should-really-stop.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/272/07-deadly-hair-sins-you-should-really-stop.html