පිරිපුන් නිරෝගී කෙස් කළඹක් සඳහා ස්වභාවික රහසක්

April 6, 2021
31,470
How neem oil can help to have full healthy hair
ඔබ කොතරම් උත්සාහ කලත් පිරිපුන් නීරෝගි කෙස් කළඹක් තවමත් සිහිනයක් පමණක්ද.. එසේනම් මෙන්න කොහොඹ තෙල් (Neem Oil) භාවිතයෙන් පහසුවෙන් දිගු නීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබාගැනීමට උපදෙස්.

කොහොඹ තෙල් විශේෂයෙන් හිස කෙස් වැටීම පාලනය කරන අතර එය භාවිතයෙන් නිරෝගී පිරිපුන් කෙස් කළඹක් තබා ගැනීම්ට හැකි බවයි පුරාතනයේ සිට විශ්වාසය. බොහෝ දෙනෙක් කොහොඹ වල ඇති ඖෂධීය ගුණය පිළිබඳව දැනුවත් අතර ඉන්දියානුවන් කොහොඹ ශාකය හඳුන්වන්නේ අරුම පුදුම ශාකයක් ලෙසයි. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර පැපොල වැනි සමේ රෝග සඳහා ඖෂධයක් ලෙසත් කොහොඹ භාවිතා කරනවා. කොහොඹ පත්‍ර මගින් විෂ නසන අතර එය ප්‍රති ඔක්සිකාරක හා විටමින් E වලින් පොහොසත්. එබැවින් හිස් කබලෙහි සහ හිස්කෙස් වල පෝෂණයට මනා පිටු පිටුවහලක් එමඟින් ඉටු වන අතර හිස් කෙස් වැටීමල කෙස් අග පැලීම වැනි ගැටලු රැසකට පිළියම් ලබා දෙනවා.. දැන් අපි බලමු කොහොමද කොහොඹ තෙල් එසේත් නැතිනම් Neem Oil ඉතා පහසුවෙන් හිසකෙස් සඳහා භාවිතා කරන්නේ කියලා..

1. කෙලින්ම හිසකෙස් මත ගැල්වීමෙන්
යන්තමින් රත් කරන ලද කොහොඹ තෙල් හිසකෙස් මත ගල්වා හොඳින් සම්බාහනය කිරීමෙන් හිසෙහි රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර හිසකෙස් ශක්තිමත් කරයි. එමෙන්ම කෙස් කළඹට ප්‍රාණවත් බවක් ලබාදෙනවා මෙන්ම මනස සන්සුන් කර මානසික ආතතිය දුරු කිරීමද සිදු කරයි. යන්තමින් රත් කරන ලද කොහොඹ තෙල් හිසෙහි ගැල්වීම මගින් සමෙහි සිදුරු විවර කර තෙල් උරාගනී. හිස් කබලේ සහ කොණ්ඩයේ හොඳින් තෙල් ගා විනාඩි විස්සක් පමණ සම්බාහනය කර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට වතාවක්වත් මෙය සිදු කරන්න.

2. හෙයා මාස්ක් එකක් ලෙස භාවිතා කිරීමෙන්..
හිස්කෙස් හි පෝෂණය සඳහා කොහොඹ තෙල් හෙයා මාස්ක් එකක් ලෙසද භාවිතා කළ හැකියි. විටමින් වලින් සහ omega3 වලින් පරිපූර්ණ හන ඇට එක් කර මෙම hair mask එක සාදා ගත හැකියි. මෙමගින් හිසකෙස් අග පැලීම වලකා, දුර්වල හිසකෙස්වල වර්ධනයට හා හිසකෙස් අලුත්වැඩියාවටත් උපකාරී වෙයි.
හන ඇට ස්වල්පයක් වතුර භාජනයකට දමා මද ගින්නේ උණුකර :ජෙල් එකක්- වූ පසු පැය 3ක් පමණ නිවෙන්න තබා කොහොඹ තෙල් මේස හැඳි 3ක් එක්කර හොඳින් හිසේ තවරා සම්බාහනය කර පසුව මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න.

3. ෂැම්පු හෝ කන්ඩිෂනර් සමග එක් කිරීමෙන්..
ඔබට මෙම ආයුර්වේද සත්කාරය වඩාත් පහසුවෙන් කළ හැකි ක්‍රමයක් වන්නේ එය ඔබ හාවිතා කරන ෂැම්පූ හෝ කන්ඩිෂනර් එක සමඟ එක් කිරීමයි.. ස්නානය කිරීමට පෙර කොහොඹ තෙල් තේ හැඳි දෙකක් පමණ ෂැම්පු එකට එක්කර හොඳින් සම්බාහනය කර හෝදා දමන්න.

අපි සමහර විටෙක ඉතා සංකීර්ණ ප්‍රතිකර්ම කොණ්ඩය සඳහා භාවිතා කලත් බොහෝ විට ප්‍රතිඵල නොලැබෙන්න පුලුවන්.. එහෙත් ලේසියෙන් හොයාගන්න පුලුවන් ආයුර්වේද ගුණයෙන් අනූන කොහොඹ තෙල් භාවිතා කිරීමෙන් ඔබට ඉතා නිරෝගී දිගු පිරිපුන් කෙස් කළඹක් ලබා ගන්නත් පුළුවන්.. එසේ නම් ඔබත් අදම ඉහත ක්‍රම භාවිතා කර වෙනස අත් විඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1961 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:49:03 PM
Script:/article/1961/how-neem-oil-can-help-to-have-full-healthy-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:49:04 PM
Script:/article/1961/how-neem-oil-can-help-to-have-full-healthy-hair.html