ප්‍රේමයේ බැඳීම සහ සත්‍යය අතර වෙනස - Story

September 16, 2020
10,188
Difference between love and truth - Story
ඉතා ආදරණීය යුවළක් වන ඩේව් සහ සාරා විවාහ වෙලා වසර 10 ක් වෙනවා. ඒ කාලය ඇතුළත දරුවෙක් හදන්න ඔවුන් දෙදෙනාට බැරි වුණත්, දෙදෙනාම දරුවෙක් නැතුව ඉතාම හොඳින් විවාහ ජීවිතය ගත කරමින් හිටියා. ඊට පස්සේ උදා වෙමින් තිබ්බේ ඔවුන්ගේ විවාහ ජීවිතයේ 11 වන වසරයි. 11 වන අවුරුද්ද අවසන් වීමට කලින් වත් තමන්ට දරු පැටියෙක් ලැබෙයි කියලා හිතමින් ඩේව් සහ සාරා බොහෝ සෙයින් බලාපොරොත්තු සහගතව ජීවත් වුණා. මොකද මේ පාර වත් දරුවෙක් ලැබුණේ නැත්නම් දික්කසාද වෙන්න කියලා දෙදෙනාගේම මිතුරන් සහ පවුලේ සාමාජිකයින් එයාලාව පෙළඹවමින් හිටියේ. නමුත් ඔවුන් අතර තියන දැඩි ප්‍රේමය නිසා ඔවුන්ට ඒ තීරණය අරන් වෙන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. 

ඒ ආකාරයට මාස ගණනක් ගෙවී යන අතරතුරදී දවසක් ඩේව් රැකියාවෙ වැඩ කටයුතු ඉවර කරලා ආපසු ගෙදර යමින් සිටියදී ඔහුගේ බිරිඳ වෙනත් පිරිමියෙක් සමඟ පාරේ ඇවිදිමින් ඉන්නවා ඔහු දැක්කා. එම පුද්ගලයා හිටියේ ඇගේ බෙල්ල වටා අතක් තබාගෙනයි. පෙනුණ විදිහට නම් දෙදෙනා ඉතා සතුටින් ඉන්නවා කියලා තමයි ඩේව් දැක්කේ. ඒ වගේම සතියකට අධික කාලයක් ඒ පුද්ගලයා එක්කම තමන්ගේ බිරිඳ විවිධ ස්ථානවල සිටිනවා ඩේව් දැක්කා. ඒ අතර එක් සැන්දෑවක ඩේව් වැඩ නිම කරලා ආපසු යමින් සිටියදී ඔහු දුටුවේ එම පුද්ගලයා තමන්ගේ බිරිඳගේ කම්මුලට හාදුවක් දීලා ඇයව නිවසට ඇරලවන ආකාරයයි. ඒ සිද්ධිය නිසා ඩේව් කෝපයෙන් හා දුකින් සිටියත් ඔහු ඒ ගැන තම බිරිඳ සමඟ කතා කරන්න ගියේ නෑ.

දින දෙකකට පස්සේ කාර්යබහුල දිනයක වැඩ කටයුතු ඉවර කරලා ගෙදර ආවාට පස්සේ, බොන්න අරගත්ත වතුර ජෝග්ගුවක් අතේ තියෙද්දී ඩේව්ගේ ගෙදර දුරකථනය නාද වෙනවා ඇහුණා. ඔහු එයට පිළිතුරු දෙන්න දුරකථනය අතට ගත්තාම එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්. “හෙලෝ ඩියර්, පොරොන්දු වුණු විදිහටම ඔබව බලන්නට මම අද සවස ඔබේ නිවසට එනවා.” ඩේව් දුරකථනය වහාම විසන්ධි කළා. ඒක පිරිමි කටහඬක්. ඒ වගේම ඒ පුද්ගලයා තමන්ගේ බිරිඳ සමඟ ඉන්නවා දැකපු පුද්ගලයා බව ද ඔහුට විශ්වාසයි. තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙක්ට හිමි වෙන්නයි යන්නේ කියන සිතිවිල්ලෙන් ඩේව්ගේ හදවත හදිසියේම කම්පා වෙන්න පටන් ගත්තා. අතේ තිබ්බ වීදුරු බඳුන ඔහුගේ අතින් බිමට වැටිලා කැබලිවලට කැඩී ගියා.

ඒ ශබ්දය ඇහිලා බය වුණු ඩේව්ගේ බිරිඳ ඉක්මනින්ම කාමරයට දුවගෙන ආවා. “හැමදේම හොඳින්ද?” ඇය ඔහුව ස්පර්ෂ කරමින් ඇහුවා. ඩේව් හිටියේ කෝපයෙන් නිසා ඔහුව ඇය අල්ලපු පාර ඇයව වේගයෙන් තල්ලු කරලා දැම්මා. ඒ තල්ලුවේ වේගයට ඇයව බිම ඇදන් වැටුණා. ඇය වැටුණ තැන එහෙම්ම හිටියා මිසක් සෙලවුණේ වත් නෑ. ඩේව්ට ටික වෙලාවක් ගියා පියවි සිහියට එන්න. එතකොටයි ඔහු තේරුම් ගත්තේ ඔහු වීදුරු බඳුන කඩා දැමූ තැන ඇයව ඇද වැටී ඇති බව. විශාල වීදුරු කැබැල්ලක් ඇනිලා ඇයට තුවාල වෙලා තිබ්බා. ඇගේ හුස්ම සහ හෘද ස්පන්දනය ඔහුට දැනුන නමුත් ඒ වෙලාවේ ඇයට පණ නැති වෙලායි හිටියේ. හිටිහැටියේම වුණ දේ නිසා ඩේව්ගේ මනස සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලායි තිබ්බේ. එක වරම ඔහු ඇගේ අතේ ලියුම් කවරයක් තියනවා දැක්කා. ඔහු එය අතට රැගෙන එය විවෘත කරා. ඒකේ තිබ්බ අන්තර්ගතය කියවන්න පටන් ගත්තා. කියවගෙන යද්දී හිතාගන්න බැරි විදිහට ඩේව්ව නැවතත් කම්පනයට පත් වෙන්න පටන් ගත්තා - ඒක ලිපියක්. ලිපියේ සඳහන් වෙලා තිබ්බේ මෙහෙමයි :

“මගේ ආදරණීය ඩේව්, වචනවලින් මට හැඟෙන සතුට ප්‍රකාශ කරන්න බැරි නිසා නිසා මට මේ දේ ලියන්නට සිද්ධ වුණා. මම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගිහින් දැන් සතියකට වැඩි කාලයක් ගත වෙලායි තියෙන්නේ. ඔයාට ඒ ප්‍රවෘත්තිය කියන්න කලින් මට ඒක සහතික කරගන්න අවශ්‍ය වුණා.

වෛද්‍යවරයා තහවුරු කළා මම නිවුන් දරුවන් දෙදෙනෙක් එක්ක ගැබ්ගෙන ඉන්නේ කියලා. දැනටමත් අපේ දරුවන්ට මාස 2 ක් ගත වෙන්න නියමිත බවත් ඔහු කිව්වා. ඔයා දන්නවාද? ඒ වෛද්‍යවරයා තමයි මම පොඩි කාලයේදී අපේ පවුලට අහිමි වුණු මගේ සහෝදරයා. ඔහු මාව සහ අපේ දරුවන් බිහි වෙනකල් රැකබලා ගැනීමටත්, සතයක්වත් අරගන්නේ නැතුව අපිට හොඳම වෛද්‍ය සේවාවක් ලබා දීමටත් පොරොන්දු වුණා.

ඉතින්, අද අපි සමඟ රාත්‍රී ආහාරය ගන්න මෙහෙ එන්න ඔහු පොරොන්දු වුණා. ඩේව්, මෙච්චරකල් මේ සතුට විඳින්නට ඔයා මාත් එක්ක ජීවත් වුණ එකට ගොඩාක් ස්තූතියි ! 

ඔබේ ආදරණීය බිරිඳ සාරා... "

මේ සටහන කියෙව්වාට පස්සේ ලිපිය ඔහුගේ අතින් ගිලිහිලා වැටුණා. එක් වරම කෙනෙක් ගෙදර දොරට තට්ටු කළා. ඒ තමන්ගේ බිරිඳ සමඟ දුටු එම පුද්ගලයා බව ඩේව් අඳුනගත්තා. “හෙලෝ ඩේව්, මම හිතන්නේ මම හරි නිවසට ඇවිල්ලා. මම මැක්ස්, ඔයාගේ බිරිඳගේ සහෝදරයා ”

ඒ ටික කියන ගමන් තමන්ගේ සහෝදරියව හොයපු මැක්ස්, හදිසියේම තමන්ගේ සහෝදරිය ඇගේ නිවස මැද ලේ විලක වැටිලා ඉන්න ආකාරය දැක්කා. ඔහු වහාම ක්‍රියාත්මක වෙලා ඇයව රෝහලට ගෙන ගියා. ඒත් ඇය සිටියේ කෝමා තත්වයකයි. අවාසනාවන්ත ආකාරයට ඒ වෙද්දීත් ඇයට නිවුන් දරුවන් අහිමි වෙලායි තිබ්බේ.

පාඩම : අපි ආදරය කරන අපේ සහකරු හෝ සහකාරිය ගැන අපි දකින හෝ අසන දේවල් පිළිබඳව අපිට ප්‍රශ්න සහගත අවස්ථා ඕනේ තරම් උදා වෙනවා. ඒ වගේ වෙලාවට ඒ දේවල් ගැන සාකච්ඡා නොකර ඉන්නවා නම්, අපගේ සම්බන්ධතාවය හෝ විවාහය ගැන අනවශ්‍ය ක්‍රියාමාර්ග/තීර්ණ ගැනීමට අපි ඉක්මන් නොවිය යුතුයි. අපි හැමෝටම අපේම චරිතයේ සැඟවුණු වැරදි තියෙනවා. ඒ නිසා දකින හැමදේම නිසා අපි අනෙකාව විනිශ්චය කිරීමට ඉක්මන් නොවිය යුතුයි. යමෙක් ගැන ඔබ දකින, අසන හෝ විශ්වාස කරන සෑම දෙයක්ම සත්‍ය නෙමෙයි. ඔබ අසන හෝ දකින දේවල් ගැන මත පමණක් විශ්වාසය තබන්නේ නැතිව, ඕනෑම තත්වයකදී හෝ සිදුවීමකදී ඔබව පාලනය කර ගන්නට හැම වෙලාවේම සිතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1827 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:33:51 AM
Script:/article/1827/difference-between-love-and-truth-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:33:52 AM
Script:/article/1827/difference-between-love-and-truth-story.html