බිත්තර වල පෝෂණ ගුණය රැකෙන ලෙස පිලියෙල කරගන්නේ කෙසේද?

June 6, 2021
5,181
Best ways to cook eggs to keep the nutrients safe
ඔබත් ආහාර පිළියෙල කිරීමේදී ඒවායේ අන්තර්ගත පෝශණ ගුණයන් සම්බන්ධ‍යෙන් බෙහෙවින් සැලකිලිමත් වනවා ඇති.. ඔබ දන්නවාද වෙළඳපොලේ ඉතා අඩු මිලකට ඔබට මිලදී ගන්න පුළුවන් බිත්තර මගින් ඔබගේ පවුලේ දෛනික පෝෂණ අවශ්‍යතා රාශියක් සපුරා ගැනීමට ඔබට හැකිබව..ඇත්ත වශයෙන්ම එහි ඔබ මෙතෙක් දැන සිටියාට වඩා විශිෂ්ඨ පෝශ්‍ය පදාර්ථයන් අන්තර්ගත වනවා..

බිත්තර හි අඩංගු පෝශ්‍ය පදාර්ථ..
1. දෛනික විටමින් D අවශ්‍යතාවයෙන් 40%
2. දෛනික ෆොලේට් අවශ්‍යතාවයෙන් 25%
3. දෛනික විටමින් B2 අවශ්‍යතාවයෙන් 15%
4. දෛනික සෙලේනියම් (selenium) අවශ්‍යතාවයෙන් 20%
5. ප්‍රෝටින්
6. යකඩ, අයඩින්, පොස්පරස්

විශේෂයෙන් උදෑසන ආහාරය සඳහා බිත්තර එක්කර ගැනීම මගින් ඔබගේ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු පෝෂණයක් ලැබෙන බව පෝෂණවේදින්ගේ අදහස වනවා..බිත්තර පහසුවෙන් විවිධ ආකාරයට පිළියෙල කිරීමට පුළුවන් ආහාරයක් වන අතර විවිධ වූ ආහාර සමග එක්කර සකස් කර ගැනීමටද ඔබට පුළුවන්..

බිත්තර පිළියෙල කරගත හැකි විවිධ ක්‍රම

1. හොඳින් තම්බා - Boiled Egg
භාජනයක දමා වතුර එක්කර විනාඩි 6ත් 10ත් අතර කාලයක් පිස ගැනීමෙන් ආහාරයට ගැනීමට පුළුවන්.. කහ මදය ඝණ වීම අවශ්‍ය නම් විනාඩි 10ක් පමණ පිසගත යුතු අතර එසේ අවශ්‍ය නොවන්නේ නම් විනාඩි 5ක් හෝ 6ක් පිස ගැනීම ප්‍රමාණවත්.

2. මද වශයෙන් තම්බනු ලැබූ බිත්තර - Poached Egg
ෆැරන්හ‍යිට් අංශක 160 ත් 180ත් අතර රත්වු වතුරට දමා විනාඩි 3ක් පමණ තම්බා ආහාරයට ගත හැකියි.

3. බදින ලද බිත්තර - Fried egg
තෙල් ස්වල්පයක් දමා තාච්චියක හෝ පෑන් එකක දමා බැදිමෙන් ද පහසුවෙන් සහ ඉක්මණින් ආහාරයට ගැනීමට පුළුවන්. ඔබට කැමති නම් බිත්තර කහ මදය උඩ බැදීමකින් තොරව සකස් කර ගැනීමට පුළුවන්.. එවිට එය “sunny side up,” ලෙස හඳුන්වන අතර කැමතිනම් දෙපසම හොඳින් බැද ආහාරයට ගැනීමට පුළුවන්.. එය "over easy" ලෙස හඳුන්වනු ලබනවා..

4. බේක් කරන ලද බිත්තර - Baked egg
විදුලි උදුනක දැමිය හැකි තැටියක දමා හොඳින් බේක් කර ගැනීම.

5. ස්ක්‍රැම්බල් කරන ලද - Scrambled egg
බිත්තරය හොඳින් බීට් කර රත් වී බදුනකට දමා කැබලි වන සේ කලවම් කර සකස් කර ගැනීමට හැකියි.

6. ඔම්ලට් - Omelet
බිත්තරය කඩා බඳුනකට දමා හොඳින් ගසා කැමතිනම් ඔබ කැමති එළවලු, ලූණු ආදිය දමා කලවම් කර රත්වූ පෑන් එකකට දමා හොඳින් පිසුණු පසු ආහරයට ගැනීමට පුලුවන්.. ඔබ කැමති නම් එය දෙකට නවා ගැනීමටද පුලුවන්.

බිත්තර වල අඩංගු ගුණාංග වලට හානියක් නොවන පරිදි සකස් කරගන්නා ආකාරය

බිත්තර අවශය ප්‍රමාණයට වඩා වැඩි වේලවක් තැම්බීමෙන්, බැදීමෙන් හෝ බේක් කිරීම මගින් එහි අන්තර්ගත පෝශ්‍යපදාර්ථ වලට හානි විය හැකියි. විශේෂ‍යෙන් එහි අඩංගු විටමින් හා ප්‍රති ඔක්සිකාරක ගුණාංග වලට හානිදායක විය හැකියි.

අධික උෂ්ණත්වය යටතේ පිසීමෙන් බිත්තර වල අන්තර්ගත කොලෙස්ට්‍ර්‍රෝල් ප්‍රතිශතය ඔක්සිකරණය වීමට ඉඩ තිබෙන අතර එමගින් නිපදවෙන ඔක්සිකාරක අඩංගු කොලෙස්‍ට්‍රෝල් ආහරයට ගැනීම එතරම් හිතකර නොවේ..

සෞඛ්‍ය ආරක්ෂිතව බිත්තර සකස් කිරීමට උපදෙස් 5ක්..

ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ කරනවා නම් බාගෙට තම්බන ලද හෝ සම්පූරණයෙන් තම්බන ලද බිත්තර ආහාරයට ගන්න.. අමතර තෙල් එක්කර නොගන්න..

2. එළවලු සමග මිශ්‍ර කර ආහාරයට ගැනීම. හැකිනම් තැබ්මූ බ්ත්තර සමග බාගෙට තම්බන ලද එළවලු වැනි දෑ එක්කර ගැනීමෙන් අමතර පෝශණයක් මෙන්ම රසවත් බවක්ද එක්කර ගැනීමට පුළුවන්.

3. වැඩි උශ්ණත්වයක් යටතේ සකස්කර ගැනීමෙන් වළකින්න.. හැකිනම් බිත්තර බදින විට සූරියකාන්ත තෙල්/ අලිගැටපේර තෙල් වැනි දෑ එක්කරගන්න..එසේ නොමැතිව ඔලිව් තෙල් සඳහා ෆැරන්හයිට් අංශක 350 ත් පොල්තෙල් එක්කරනවා නම් උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 410 ත් අතර ප්‍රමාණයේ සකස් කරගත් යුතුයි..එවිට බිත්තර වල ශරීරයට අහිතකර ඔක්සිකාරක නිපදවීම පාලනය කරනවා..

4. ඔබට හැකි සෑම විටම පෝශණ ගුණයෙන් ඉහළ බිත්තර වර්ගයක් තෝරාගන්න.. සාමානයයෙන් ෆාම් හි ඇතිකරන කිකිළියන්ගේ බිත්තර වලට වඩා ගම් බිත්තර පෝෂණයෙන් ඉහල බවයි පෝශණවේදීන්ගේ මතය වන්නෙ..

5. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් පිසීමෙන් වළකින්න..එසේ වැඩි වේලාවක් පිසීමෙන් එහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ විනාශ වී යනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1980 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:29:21 PM
Script:/article/1980/best-ways-to-cook-eggs-to-keep-the-nutrients-safe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:29:21 PM
Script:/article/1980/best-ways-to-cook-eggs-to-keep-the-nutrients-safe.html