බිත්තර ඩෙවල්

March 5, 2019
5,106
Devilled Egg Recipe
හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීල බිත්තර ඩෙවල් එකක් ගෙදරදීම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා ගත් බිත්තර 3ක් 
තම්බා පොඩි කර ගත් අල ගෙඩි 1/2
බටර් ස්වල්පයක් 
කඩා ගන්නා ලද බිත්තරයක්
පාන් කුඩු ස්වල්පයක්
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
ලුණු සහ ගම්මිරිස් රස අනුව  

සාදන ක්‍රමය :

01. මුලින්ම තම්බා ගත් බිත්තර දෙකට කපා කහ මදය ඉවත් කරගන්න.

02. භාජනයක් ගෙන කහ මද ටික හොඳින් පොඩි කර ගෙන පොඩි කර ගත් අල එකතු කර හොදින් මිශ්‍ර කරන්න.

03. එයට බටර් ස්වල්පයක් ද එක්කර ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් පොඩිකර කවලම් කර පසෙකින් තබා ගන්න.

04. පසුව  බිත්තර සුදු මද 3 ගෙන කඩා ගන්නා ලද බිත්තරයෙන් දවටා පාන්කුඞු වල දවටා ගැඹුරු තෙලේ ඉතාම ප්‍රවේශමෙන් බැදගන්න.

05. විනාඩි දෙකක් පමණ බැඳුණු පසු එම බිත්තර සුදු මද එළියට ගෙන පිඟානක අතුරන්න.

06. සදා ගත් කහ මද මිශ්‍රණය බැදගත් සිදුමද වලට පුරවන්න.

07. කැමති නම් සැරසීමට මිරිස් කුඩු ටිකක්, පාස්ලි කොල හෝ සිහින්ව කපාගත් කරපින්චා කොල ටිකක් උඩින් ඉසින්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1280 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:04 AM
Script:/article/1280/devilled-egg-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:05 AM
Script:/article/1280/devilled-egg-recipe.html