ඔයා දරුවෙක් හදන්න ඇත්තට ම සූදානම්ද?

October 10, 2020
6,339
Are you really ready to have a child?
විවාහ වුණාට පස්සේ තමන්ගේ ජීවිතය සම්පූර්ණ කර ගැනීම සඳහා බොහෝ අඹු සැමියන් ඊළඟට  සිහින මවන්නේ ආදරණීය දරු පැටියෙක් ගැනයි. වර්තමානයේදී නවීන විද්‍යාව හරහා ඔයාගේ ශරීරය දරුවෙක් ලබන්න සුදානම් ද කියලා පරීක්ෂා කරන්නට බොහෝ ක්‍රම තිබුණත්, ඔයා සහ ඔයාගේ සැමියා දරුවෙක් හදන්න මානසිකව සූදානම් ද කියලා හොයාගන්න සාර්ථක ක්‍රමයක් නැහැ. හැබැයි ඔබ දෙදෙනාම ළදරුවෙක් සඳහා සෑම අතකින්ම සූදානම් ද කියලා සොයා ගන්න පුලුවන් සරලම ක්‍රමය තමයි ඔයා ඔයාගෙන්ම මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් අහන එක. ඒ මෙහෙමයි...

දරුවෙක් ලැබීමට පෙර ඔයා සොයා බැලිය යුතු සාධක :

ඔයාට දරුවෙක් අවශ්‍ය ඇයි?
දරුවෙක් ලැබීමේ අත්දැකීම ගැන දරුවන් ඉන්න සෑම දෙමව්පියෙක්ම පාහේ සුන්දර අත්දැකීමක් ලෙස අපිට විස්තර කරනවා. ඒ වගේම දරුවෙක් හදන්න තීරණය කරනවා නම් ඇත්තටම දරුවෙක් ලැබීමට අදාළ වෙන විවිධ හේතු මිනිස්සුන්ට තියෙනවා. නමුත් දරුවෙක් ලැබීමට කලින් සලකා බලන්න ඕනේ සාධක රාශියක් තිබෙනවා. 

- මුලින්ම ඔයාගේ මූල්‍යමය තත්ත්වය ගැන පරීක්ෂාවක් කරන්න ඕනේ.
- ඔයා දරුවෙක් හදන්න මානසිකව ද සූදානම් වෙන්න ඕනේ. මොකද දෙමාපියභාවය කියන්නේ විශාල වගකීමක්, ඒ නිසා ඔයාට ඒ පීඩනය පාලනය කරගන්න පුලුවන් ද කියලා ඔයාගෙන්ම අහලා බලන්න.
- ඔබ දෙදෙනා අතර සාර්ථක සම්බන්ධතාවයක් නොමැති අවස්ථාවක දරුවෙක් ලැබීමෙන් ඒ ආතතිය වැඩි වෙන්න පුලුවන්. ඒ වගේම සම්බන්ධතාවය අවුල් ජාලාවක් කරන්නත් පුලුවන්.
- ඔබ දෙදෙනා අතර ආදරණිය සම්බන්ධතා නැති වුණත් දරුවෙක් ලැබීමෙන් පස්සේ අලුත් දෙමාපියන් විදිහට සම්බන්ධතාවය නැවත ගොඩ නැඟෙන්නත් ඉඩ තියනවා. ඒත් ඒක ධනාත්මක වෙනසක් බවට හුරු කරගන්න නම් දෙදෙනාටම ඉවසීම තියෙන්න ඕනේ.
- හැගීම් වලට වහල් වෙලා දරුවෙක් හදන්න එපා.
- දරුවෙක් ලැබීමෙන් පස්සේ පිටත ලෝකය සමග ගනුදෙනු කරන්න වෙනවා. ඔයා සහ ඔයාගේ සැමියා යන දෙදෙනාම වාඩි වෙලා මෙම වෙනස ගැන සාකච්ඡා කරලා දෙදෙනාම ඒ සඳහා සූදානම් ද කියලා තීරණය කරන්න.
- දරුවෙක් ලැබීමෙන් පස්සේ නැවත රැකියාවට පැමිණීම සිතන තරම් පහසු වෙන්නේ නැහැ. ඉතිං වැඩ කරන කාන්තාවන් ඒක දැනගන්නම ඕනේ. එසේම ඔවුන් මාතෘ නිවාඩු හෝ රැකියා විරහිතව සිටින විට නිවසේ වියදම් ද ඉතාමත් සැර වෙනවා. දරුවෙක් ලැබීමට පෙර සිටම මෙම වියදම් ගණනය කරලා ඉතිරි කිරීම කරන්නත් සැලසුම් කරන්න.
- ඔයාට තවමත් යම් සැකයක් තියනවා නම් ඒ ගැන හොඳ උපදේශකයෙකුගෙන් විමසන්න.

ළදරුවෙකු ලැබීමෙන් පසු ඔබ ජීවිතයට සූදානම්ද?

දරුවෙක් මේ ලෝකෙට බිහි කළාට පස්සේ තාත්තා කෙනෙක්ට මුලින්ම වෙන්නේ ඔහු මතට අලුත් වියහියදම් පැටවෙන එකයි. දරු ප්‍රසූතියට පෙර සහ පසුව රෝහල් බිල්පත්, ළදරුවාට ඇඳුම්, ඩයපර්ස්, තොටිල්ලක්, සෙල්ලම් බඩු, ළදරු ආහාර හා ළදරු බෙහෙත් වගේ අලුත් දේවල් ගන්න මුදල් අවශ්‍ය වෙනවා. දරු ප්‍රසූතියේ වර්ගය අනුව මවට පවා බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්.

දෙවනුව, ළදරුවා ඔබ දෙදෙනාගේ ජීවිතය උඩු යටිකුරු කරනවා. ඔවුන් මුළු රාත්‍රියේම අඩනවා, දරුවන් සමග පිටත ඇවිදින්න යනකොට  විශේෂ ප්‍රවාහන ක්‍රමයක් ඕනේ වෙනවා. දරුවාගේ පස්සෙන්ම ඉඳිමින් එයාව රැක බලා ගැනීමට අවශ්‍ය වනවා. ඔබ දෙදෙනාටම අවශ්‍ය තරම් නින්දක් නොලැබීමෙන් විශාල පීඩනයක් පවා ඇති වෙන්න පුලුවන්.

ළදරුවෙක් රැකබලා ගැනීම කියන්නේ පොඩ්ඩා සමඟ සෙල්ලම් කිරීම හා විහිලු කිරීම වගේ හුරුබුහුටි දේවල් කිරීම පමණක් ම නෙමෙයි. ඔයාගේ කලයෙන් වැඩිම ප්‍රමාණයක් වැය වන්නේ එයාව රැකබලා ගැනීමට සහ එයාගේ අවශ්‍යතා සපුරාලීම සඳහායි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1867 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:25:04 PM
Script:/article/1867/are-you-really-ready-to-have-a-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:25:04 PM
Script:/article/1867/are-you-really-ready-to-have-a-child.html