ජිවන ගමන යන්න හරිම පාර හොයා ගත්තද?

July 8, 2018
4,566
Have you found the correct path for life?
ජිවිතේ කියන්නේ ගමනක්. දිග ගමනක්. අපි මේ ඒ ගමන තමයි ටික ටික යන්නේ. විවිධ හැලහැප්පීම්, බාධක, අභියෝග, නවාතැන් පහු කර කර අපි මේ ජිවන ගමන යනවා. ඒ වගේම තමයි ඒ ගමන ලේසි පහසු එකකුත් නෙවෙයි. ඒ නිසාම ඒ ගමන තව දුර යන්න බෑ කියල හිතෙන අය මඟින් තමන්ගේ ජිවන ගමන ඉවර කරනවා. හැබැයි මේ හැම දේම විඳගෙන අමාරුවෙන් හරි ගමනේ අවසානයට ලං වුණොත් ඔයා දිනුම්.

කාන්තාවකගේ ජිවන ගමනට බලාපොරොත්තුවක්, අරමුණක්, යා යුතු ඉලක්කයක් නැහැ කියන්නේ හරියට නූල කැඩිච්ච සරුංගලයක් වගේ. ජිවිතේට කිසිම පදනමක් නැහැ, ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැහැ. මොන වෙලාවක හරි කොතැනක හරි ඇද වැටෙන්න පුළුවන්. ඔයා කැමතිද ඔයාගේ ජීවිතෙත් ඒ විදියට අරමුණක් නැතුව ඔහේ පාවෙලා ගිහින් අන්තිමට විනාශ වෙලා යන්න. නැහැනේ.

අපි අතින් වැරදි වෙනවා, අතපසුවීම් වෙනවා, පසුතැවීම් වෙනවා. ඒත් එහෙමයි කියලා වැදගත් කමක් නැති දේවල් නිසා ඔයාගේ ජිවිතේ ආපස්සට යන්න ඕන වෙන්නේ නැහැ. අමහර විට ඔයා නව යොවුන් වියේ ඉන්න කෙනෙක්, එහෙමත් නැත්තම් තරුණ අවදිය පහු කරමින් ඉන්න තරුණියක් එහෙමත් නැත්තන් දරුවෝ ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ කිසිම දෙයක් මේකෙදි බාධාවක් නෙවෙයි.

ඔයා හිතන්න මේ ඔයාගේ පළමු සහ හොඳම දවස කියලා. ඔයා අතින් වුනු වැරදි, අඩුපාඩු වලට හේතු වුනේ මොනවද කියලා හොඳින් හිතන්න.ඒ වැරදි ජිවිතේ ආයේ පාරක් නොවෙන විදියට වැඩ කරන්න අදිටන් කර ගන්න. එතකොට අලුත් ඉලක්කයක් එක්ක ඔයාගේ ජීවිතේම වෙනසක් කරන්න පුළුවන් විදියට පටන් ගන්න ඔයාට පුළුවන් වෙයි.

අපි බලාපොරොත්තු වෙන අපිට ඕන කරන හැම දේම ඒ විදියටම අපිට ලැබෙන්නේ නැහැ. හිමි වීම් අහිමි වීම් එක්ක තමයි ජිවිත් ගලාගෙන යන්නේ.ඒවා විඳ දරා ගන්න වගේම ජිවිතේ වෙන වෙනස් වීම් වලට මුහුණ දෙන්න තරම් ඔයා ශක්තිමත් විය යුතුයි. එහෙම නැතුව ඒ අහිමි වීම් එක්කම ඔයා කඩා වැටුනොත් ඔයාගේ ජිවිතේ ඉදිරි අනාගතයක් ගැන කවදාවත් හිතන්න බැහැ. ජයග්‍රහණයක්, දියුණුවක් කවදාවත් ලබන්න බැහැ.

ජිවිතයට එන අභියෝග වලින් පැනලා යනවට වඩා ඒවාට මුහුණ දෙන එක කොයි තරම් වැදගත්ද කියන එක ඔයා තේරුම් ගන්න ඕන. ඒ නිසා ජිවිතේ යම් තැනක වැරදුනා නම්, ඔයා ඇද වැටුනා නම්, ඔයා තවමත් එතනම නම් දැන් නැගිටින්න, ශක්තිය ගන්න, ජිවිතේ බින්දුවටම වැටුණු කෙනෙකුට ජිවිත පහසුවෙනම දිනන්න පුළුවන්. අද සමාජයේ ඉහලම තල වල ඉන්නේ එහෙම කඩා වැටීම් වෙලා නැවත නැගිටපු අය.

එක ඉලක්කයකින් ඔයාව පරාජය වුනාට ජිවිතයට තව කොයිතරම් නම් ඉලක්ක, අරමුණු තියෙනවාද? මුලින්ම ඔයා ඔයාව හරි හැටි හඳුනා ගන්න ඕන. ඊළඟට ඔයා ඔයාව දකින්න කමැති කොහොමද කියලා හිතන්න, ඊට පස්සේ ඔයාව දකින්න කැමති විදියට ඔයාව වෙනස් කරන්න පටන් ගන්න. මේක ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවන්. ඒත් කිසිම මහන්සියක් නැතුව පහසුවෙන්ම දෙයක් දිනා ගන්නවාට වඩා අපහසුවෙන්, අමාරුවෙන් ළගා කර ගන්න දේවල් වල වටිනාකම ගොඩාක් වැඩියි.

ඒ නිසා එක ඉලක්කයක් වැරදුනොත්, ජිවිතේ එක තැනකදී ඇද වැටුනොත් එතැනින්ම ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම අත හරින්න එපා. ඔයාම ඔයාව අවලංගු කාසියක් ගානට දාන්න එපා. ඒ වෙනුවට තවත් ඉලක්කයක් ඇති කර ගන්න. එය සපුරා ගන්න අවශ්‍ය ගමන යන්න. ඔයාගේ අනාගතේ තියෙන්නේ ඔයා අතේමයි.

තවත් කෙනෙක්ට ඔයාගේ අනාගතේ ගොඩනගන්න බැහැ කියන එක හොදින් මතක තියා ගෙන දැන් වැටුණු තැනින් නැගිටින්න. තෝරා ගත්ත පාරේ සීරුවට යන්න, හෙමින් යන්න. මොකද ඉක්මන් කොටයි කියනවනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 927 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:06 AM
Script:/article/927/have-you-found-the-correct-path-for-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:07 AM
Script:/article/927/have-you-found-the-correct-path-for-life.html