ඉක්මනට බර අඩුකර ගන්න try කරන හැමෝටම ඉක්මනටම අමතක වෙන වැදගත් කාරණා

May 24, 2017
10,425
15 tips to lose weight
අපි දන්න කියන දකින හැමෝම වගේ උත්සහ කරන්නේ බර අඩුකර ගන්න. මේ නිසා මේ අය නොකරන දෙයක් නැති තරම්. නමුත් ඉතිං මේ බර අඩුකර ගන්න උත්සහ කරන හැමෝටම වගේ වැදගත් කාරණාවන් ගොඩක් අමතක වෙනවා. මේ නිසා වෙන්නේ මේ අයගේ බර අඩුකර ගන්න සිහිනය එන්න එන්නම කල් යන එක. අද අපි ඔබට කියන්නේ බර අඩුකර ගන්න උත්සහ කරන ඔබ දැනගත යුතුම වැදගත් කාරණාවන් කිහිපයක් ගැන.

1. ඔබ වේලකට ලබාගන්න ආහාර ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.

2. ඔබේ ශරීරයට අවශ්‍ය තරම් ආහාර ලබාගන්න මනසට අවශ්‍ය තරම් නොවෙයි.

3. ඉක්මනින් බර අඩුකර ගන්න උත්සහ කරන්න එපා. පියවරෙන් පියවර ක්‍රමානුකුලව බර අඩුකර ගන්න.

4. ශරීරයට හිතකර සහ අහිතකර ආහාර හදුනාගන්න.

5. කෙදි සහිත ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න. එය ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරනවා වගේම ඔබේ ශරීරයට අහිතකර දේවල් ශරීරයෙන් ඉවත් කරන්න උපකාර වෙනවා.

6. දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. ආහාර ලබා ගැනීමෙන් විනාඩි 20 කට පසුව ජලය පානය කරන්න පුරුදු වෙන්න.

7. නිවසට ක්ෂණික ආහාර රැගෙන ඒමත් ඒවා ආහාරයට ගැනීමත් නතර කරන්න.

8. ඔබ දිනකට ආහාර ලබාගත යුතු වෙලාවල් සහ ලබාගත යුතු ආහාර පිළිබදව සටහනක් සකස් කර ගන්න. එය දැඩිව අනුගමනය කරන්න.

9. නිතරම නර්තනයේ යෙදෙන්න. මෙය ඔබට සැහැල්ලුවෙන් සිටීමට සහ නිරෝගීව සිටීමට උදවු වෙනවා.

10. රුපවාහිනිය සහ පරිගණකය භාවිතා කරන අතරතුර ආහාර ගන්න එපා.

11. හෙමින් ආහාර අනුභව කරන්න. ඔබ කන දේවල් ගැන අවදානයෙන් ඉන්න. ආහාර කොටස් අඩුම තරමේ 10 වතාවක් වත් සපන්න.

12. පැය 7 ත් 9 ත් අතර කාලයක හොද නින්දක් ලබාගන්න.

13. බර අඩුකර ගැනීම ගැන සදහන් වෙන දේවල් කියවන්න බලන්න. ඒවගේ තියෙන වැදගත් දේවල් අනුගමනය කරන්න.

14. ආහාර වේල් මග හරවා ගන්න එපා. මේ නිසා වෙන්නේ ඔබ ඊලග අවස්ථාවේ වැඩිපුර ආහාර ලබා ගැනීමයි.

15. ඔබ ඔබවම නිතර උනන්දු කරවන්න ඔබේ ඉලක්කය වෙත යාමට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 288 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:13 AM
Script:/article/288/15-tips-to-lose-weight.html
Referer:http://hadakari.com/article/1472/how-to-have-long-eye-lashes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:14 AM
Script:/article/288/15-tips-to-lose-weight.html
Referer:http://hadakari.com/article/1472/how-to-have-long-eye-lashes.html