ඔබේ සමට සහ හිසකෙස් වලට කෝමාරිකා ආශිර්වාදයක් වීමට හේතු 5ක්

June 24, 2021
9,708
5 reasons aloe vera to be a blessing
ශතවර්ශ ගණනාවක් ඈත අතීතයේ සිට කෝමාරිකා සම සහ හිසකෙස් සඳහා රැකවරණය ලබාදෙන මායාකාරි ශාකයක් ලෙසයි සලකනු ලැබූයේ.. අතීතයේ පුරාණ ඊජිප්තුවරු විසින් අමරණීය ශාකයක් ලෙසද හඳුන්වනු ලැබූ කෝමාරිකා නූතනයෙදීද විවිධ වූ පර්‍යේෂණ සඳහා යොදාගනු ලබනවා. කෝමාරිකා වල විටමින් ඒ, සී, ඊ, බී 12 සහ ස්වාභාවික ඛනිජ ලවණ මගින් සම මත සිදුවන තුවාලයක සිට සම වයසට යාම දක්වා වූ ගැටළු වලට ප්‍රතිකාර කි‍රීමට යොදාගනු ලබනවා..

1. සම වියළීම සහ වයසට යාම

කෝමාරිකා ජෙල් වල ඇති ඇමයිනෝ අම්ල සමට තෙතමනය ලබාදෙන ස්වභාවික මොයිස්චරයිසින් එකක් ලෙස ක්‍රියාකාරි වී සම රැළි වැටීම වළකනු ලබනවා. වියළි දේශගුණයේ හටගන්නා කෝමාරිකා ශාක‍යේ පත්‍ර තුල ජලය ගබඩා කරගනු ලබනවා.. කෝමාරිකා වල ඇති ඇමයිනෝ අම්ල හා කාබෝහයිඩ්‍රේට් සංයෝග එකිනෙක ක්‍රියාකාරි වී සම වියළීම වැලැක්වීම සඳහා අපූරු හයිඩ්‍රෙටින් (hydratin) කාරකයක් සාදනු ලබනවා.
එපමනක් නොව කෝමාරිකා වල අඩංගු විටමින් සී සහ ඊ සහ බීටා කැරොටින් බහුල ශාක ජෙල් මගින් සම වයසට යාම වළකා සමට පෝෂ්‍යදායී පෙනුමක් ලබා දෙනවා..

2. සම මත ඇතිවන තුවාල ඉක්මනින් සුව වීමට

අතීතයේ සිටම සමමත ඇතිවන තුවාල සඳහා ප්‍රතිකාරකයක් ලෙස යොදා ගන්නා කෝමාරිකාහි ස්වාහාවික කොලජන් අඩංගු වී ඇති අතර සමමත් සිදුවන තුවාල සඳහා ප්‍රථිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා..එමෙන්ම කෝමාරිකා වල අඩංගු ලුපෙයෝල් සමඟ සී-ග්ලූකෝසයිල් (C-glucosyl along with lupeol) මගින් ද සමේ ඇති පිළිස්සුම් තුවාල සඳහා සහනය ගෙන දෙනවා.

3.හිසකෙස් වැටීම පාලනය කිරීම

කෝමාරිකා වල අඩංගු ප්‍රෝටිලයිටික් එන්සයිම (proteolytic enzymes) මගින් හිස්කබලේ ඇති මිය ගිය සෛල අළුත්වැඩියා කරන අතරම ස්ව්භාවික කන්ඩිෂනර් එකක් ලෙස සැලෙකෙන කෝමාරිකා ජෙල් හිස්කෙස් ආලේප කිරීමෙන් ඔබටත් දිදුලන සිනිදු කෙස්කලඹක් ලබාගත හැකියි. එමෙන්ම හිස කැසීම වළක්වා හිසකෙස් වර්ධනයට උපකාරි වනවා.

4. දත් කුහර සහ විදුරුමස් රෝග සඳහා ප්‍රථිකාරකයක් ලෙස

දත්කුහර සහ මැලියම් සඳහා ප්‍රතිකාර කිරීම්ට උදව් වනවා වගේම කෝමාරිකා වල අඩංගු ඇන්ත්‍රක්විනෝන් සංයෝග (anthraquinone compounds ) මගින් දත් කැක්කුම සහ ඉදිමීම අඩු කර ගත හැකි වනවා. එසේම කෝමාරිකා වල අඩංගු විටමින් සී මගින් විදුරුමස් තුළින් ලේ ගැලීම වළක්වාලනු ලබනවා.

5 . සම හිරු කිරණින් ආරක්ෂා කරනවා

කෝමරිකා විකිරණශීලී කිරණ මගින් හානි වූ සම නැවත යථා තත්ත්වයට පත්වීමට උපකාර වනවා. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් පාරජම්බුල කිරණ මගින් ඇතිවන හානිකර බලපෑම් අවම කරනවා . එබැවින්, කෝමාරිකා ජෙල් සම මත ආලේප කිරීමෙන් හිරු කිරණ මගින් මුහුණේ සෛලවලට වන හානි වලින් ආරක්ෂා කර සමේ ව්‍යුහාත්මක අඛණ්ඩතාව (maintain the structural integrity) පවත්වා ගැනීමට උපකාරී වනවා.

දැන් ඔබට පෙනී යනවා ඇති කෝමාරිකා ඔබගේ සුන්දරත්වය වැඩිකර ගැනීමට උපකාරී වන ආකාර.. ඇත්ත වශයෙන්ම කෝමාරිකා කියන්නේ එදිනෙදා ජීවිතයේ අපිට තිබෙන බොහෝමයක් රූපලාවන්‍ය ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට භාවිතා කරන්න පුළුවන් මැජික් ශාකයක් නොවේද..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1998 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:52 AM
Script:/article/1998/5-reasons-aloe-vera-to-be-a-blessing.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:53 AM
Script:/article/1998/5-reasons-aloe-vera-to-be-a-blessing.html