ඔබගේ ගර්භනී භාවය මුලික අවදියේදීම දැන ගත හැකි ලක්ෂණ

January 19, 2017
15,027
5 Early Signs of Pregnancy
බොහෝ කාන්තාවන් ගබ්සාවක් සිදුවන තුරුම දැන ගන්නේ නැහැ ඔවුන් ගර්භනීව සිටි බව. මේ නිසා අද අපි ඔබට කියන්න යන්නේ ඔබට මූලික අවදියේම ගර්භනී භාවය හදුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් ගැන. මේ ලක්ෂණ බොහෝ විට සුළුවෙන් දක්නට ලැබෙන අතර ඇතැම් විට ඔබ ඒවා සාමාන්‍ය කාරනා ලෙස සලකා නොසලකා සිටියාද විය හැකියි. කෙසේ වෙතත් මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් කාන්තාවන් තුලින් දැක ගත හැකිය

1. පියයුරු මෘදු වීම
ගර්භනී සමයේ මුලික අවදියේදී කාන්තාවන්ගේ පියයුරු මෘදු බාවයට බාවයට පත් වනවා.එසේම ඔබ පියයුරු ඇල්ලු විට ඒවා රිදුම් දෙනවා , තනපුඩුව තරමක් විශාල වනවා සේම තද පැහැයක් ගනු ලබනවා. ඒ වගේම පියයුරුව වටා විහිදුනු ශිරාවන් නිල් පැහැයෙන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා.

2. ලිංගික ප්‍රේරණය වැඩි වීම
ගර්භනී බව ක්‍රමානුකුලව ශරීරය වෙනස් කරනු ලබනවා. විශේෂයෙන් හෝර්මෝන සහ ලේ ගමනාගමනය වැඩි වීම නිසා ශරීරයේ පහල අවයව වල සංවේදී භාවය වැඩි වනවා.මේ නිසාවෙන් මෙම අවදියේදී කාන්තාවන්ගේ ලිංගික ප්‍රේරණය වැඩි වනවා.

3. නිතර මුත්‍රා කිරීම
ගර්භනී කාලයේදී සිරුර වැඩි දියර ප්‍රමාණයක් දර සිටිනවා වගේම වකුගඩු වෙනදට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් දක්වනු ලබනවා.එසේම මොලය මගින් නිපදවන හෝර්මෝන මගින් ශ්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශයට වැඩිපුර ලේ ගමන් කරවීම සිදු කිරීමත් , වර්ධනය වන කළලය මගින් ගර්භාෂය මත ඇති කරන පීඩනය යන කාරණා නිසා ගර්භනී මවකට මුල් අවදියේදී නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවනවා.

4. සම මත අදුරු පැහැ පැල්ලම් මතු වීම
හෝර්මෝන මට්ටම ඉහලයෑම, හිරු එලියට සම වැඩි සංවේදී බවක් දැක්වීම , සමේ වර්ණක වල වෙනස් වීම වැනි හේතු නිසා 50% ක් පමණ ගර්භනී කාන්තාවන්ගේ සම මතුපිට අදුරු පැහැ කුඩා පැල්ලම් ඇති වනවා.

5. නිතර ඇතිවන හිසරදය
හෝර්මෝන සහ ලේ මට්ටම වැඩි වීම ශරීරයේ රසායනික මට්ටම වෙනස් වීම වැනි කරන නිසා ගර්භනී අවදියේදී නිතර හිසරදය හට ගනු ලබනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 2 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:49:17 PM
Script:/article/2/5-early-signs-of-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:49:18 PM
Script:/article/2/5-early-signs-of-pregnancy.html