හෘද්‍යාබාධ ඇතිවීමේ අවධානමක් ඇතිකරන ඔබගේ දෛනික පුරුදු

September 9, 2021
5,290
Everyday Habits That May Lead to Heart Attack
හදිසි හෘද්‍යාබාධයක් එසේ නොමැති නම් හෘදවස්තුව ආශ්‍රිත යම් රෝගී තත්ත්වයන් ඇතිවන්නේ හෘද මාංශ පේශීන් සඳහා ප්‍රමාණවත් පරිදි රුධිරය නොලැබී යාම හේතුවෙනි. රුධිර ප්‍රවාහය යථා තත්ත්වයට පත්කිරීමට අදාල ප්‍රථිකාර නිසි පරිදි නොලැබීමෙන් එමගින් සිදුවන හානිය වැඩිවනවා. බොහෝමයක් හෘදය ආශ්‍රිත රෝග සඳහා විවිධ වූ හේතූන් බලපාන අතර ඇතැම් හේතූන් හා සාධක ඔබගේ පාලනයෙන් තොරයි. නමුත් ඔබ මොහොතකටවත් සිතුවාද ඔබගේ දෛනික ජීවිතයේ ඇතැම් පුරුදු භයානක හෘද රෝග තත්ත්වයන් සඳහා හේතු වන බව..

ඔබගේ ආහාර රටාව
දිනපතා අධික මේදය සහ පිශ්ඨය, සීනි අඩංගු ආහාර රටාවකට ඔබ පුරුදු වි සිටීම මගින් කල්යත්ම හෘද්‍යාබාධ ඇතිවීමේ අවධානමක් ඇති කරනවා.. එමනිසා හැකි සෑම විටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම සහ හුරුවීම මගින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබා ගැනීමට ඔබට හැකියි.

ව්‍යායාමයෙන් වැළකීම
හෘද රෝගයන් ගෙන් ආරක්ශාවීම සඳහා ඔබට ඇති එක් විශ්වාසදායීම පිළිවෙතක් වන්නේ නිසි ව්‍යායාම් රටාවක් අනුගමනය කිරීමයි. ව්‍යායාමයන් ගෙන් බැහැර වීම තරබාරුව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා මගපාදන අතර දිනපතා ව්‍යායාම් හි නිරත වීම මගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. සතියකට විනාඩි 150ක පමණ කාලයක් ශරීරය වෙහෙසෙන ආකාරයේ ව්‍යායාම් හි නිරත වීම සුදුසු බව විශේෂඥ මතයයි.

මත්පැන් පානය
ඉඳහිට වයින් වීදුරුවක් බියර් වීදුරුවක් පානය කිරීමේන් ඔබගේ ශරීර සෞඛ්‍යට දැඩි බලපෑමක් එල්ල නොවුණත් දිනපතා මත්පැන් පානයට හුරුවීම ඔබගේ ශරීර සෞඛ්‍යයට විශේෂ‍යෙන් හෘද සෞඛ්‍ය තත්ත්වය සඳහා අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. අධික රුධිර පීඩනය සහ ඇල්කොහොල් අඩංගු පානයන් හි ඇති ඉහල කැලරි ප්‍රමාණය මගින් අහිතකර කොලෙස්ට්‍රොල් නිපදවන අතර එමගින් හෘද රෝග ඇතිවීමේ අවධානම ඉහළ දමනවා.

දැඩි ආතතිය
දෛනික ජීවිතයේදි අප විවිධ පීඩනයන් සඳහා මුහුණ දෙනවා.. විශේෂයෙන් රැකියා ස්ථානයේදි, මගතොටදී, අධ්‍යාපන කටයුතු හෝ පුද්ගලික ජීවිතයේදී විවිධ පීඩාවන් සඳහා මුහුන දීමට සිදුවුවත්න දිගුකාලිනව ආතති තත්ත්වයට මුහුණදීමේන් ඔබගේ අධි රුධිර පීඩන තත්ත්වයන්ට ගොදුරු වීමේ අවධානම වැඩි වන අතර එය සෘජුවම හෘද්‍යාබාධ තත්ත්වයන් ඇතිවීම සඳහා හේතු වනවා. එමනිසා ඔබ අනිවාර්‍යෙන් මානසික ආතතිය දුරු කරගැනීමට උත්සාහ ගත යුතුයි.

දුම්පානය
වෛද්‍ය විද්‍යාවට අනුව හෘද රෝග ඇතිවීම සඳහා වන ප්‍රමුඛතම අවධානම සාධකය වන්නේ දුම්පානය කිරීමයි. හෘද රෝග ඇතිවීමෙන් වන මරණයන් 3න් 1ක් ම සඳහා දුම්පානය හේතු වනවා. විශේෂයෙන් සිගරට් දුමෙහි අන්තර්ගත කාබන් මොනොක්සයිඩ් (Carbon monoxide) මගින් ඔබගේ රතු රුශිර සෛලයන් හි අඩංගු ඔක්සිජන් ප්‍රතිශතය අඩු කරන අතර එය ඔබගේ හෘද සෞඛ්‍ය සඳහා දැඩි අහිතකර තත්ත්වයක්. එමෙන්ම දුම්පානය මගින් රුධිර ධමනිවල කොලෙස්ට්‍රෝල් ඇතිවීම වේගවත් කිරීමට හේතුවන අතර එය දැඩි අවධානම් හෘද රෝග තත්ත්වයන් සඳහා සෘජුවම බලපානු ලබනවා.. එම නිසා දුම් පානයෙන් ඈත් වීම හෘද රෝග වළක්වා ගැනීමට ඇති එක් සාර්ථක විසඳුමක් බවයි විශේෂඥයින්ගේ මතය.

මත්ද්‍රව්‍ය භාවිතය
කොකේන් වැනි මත්ද්‍රව්‍ය මෙන්ම amphetamines අඩංගු ඖෂධ භාවිතය හේතුවෙන් කිරීටක ධමනි ආශ්‍රිත රෝගාබාධ යන් ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.

හෘද ආබාධයක ඇතිවන රෝග ලක්ශණ මොනවාද..

හදිසි හෘද්‍යාබාධයාකදී ජිවිතය ගලවා ගැනීමට ඔබ එහි රෝග ලක්ශණ දැන සිටීම වැදගත් වනවා.. එමගින් ඔබගේ හෝ සමීපතමයෙකුගේ දිව් බේරා ගැනීමට ඇතැම් විට ඔබට හැකියාව ලැබීමට පුලුවන්.. හෘද්‍යාබාධයාක ලක්ශණ වන්නේ..

- පපුවේ වේදනාව සහ අසහනය
මෙහිදි පපුවේ මැද හෝ වම් පසට වන්නට ඇතිවන වේදනාව මිනිත්තු කිහිපයක් පැවති හොඳවි නැවත ඇතිවීම සිදුවනවා.
- ශරිරය අප්‍රාණික හෝ ක්ලාන්ත ස්වභාවයක් දැනීම
- බෙල්ල සහ හක්ක ආශ්‍රිත වේදනාවක් දැනීම
- එක් අතක හෝ උරහිසේ ඇතිවන වේදනවා
- හුස්ම ගැනීමේ අපහසුතාවය

ඉහත රෝග ලක්ශණ ඇතිවුවහොත් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීමෙන් අවධානම් තත්ත්වය මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා..

දෛනික ජිවිතයේ දි අපගේ ඇතැම් පුරුදු වල ඇති අවධානම් තත්ත්වය හඳුනාගෙන ඒවා මගහැරීම දිගුකාලයක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි සාර්ථකම රහසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2063 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:11 AM
Script:/article/2063/everyday-habits-that-may-lead-to-heart-attack.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:45:12 AM
Script:/article/2063/everyday-habits-that-may-lead-to-heart-attack.html