රෙදි සෝදද්දී ඔබ මේ ගැන දැන සිටියද?

April 12, 2017
8,875
How to Wash Your Clothes
කාන්තාවකට ගෙදර දොර වැඩ මග අරින්නම බෑනේ. ගෙදර දොර වැඩ කරනකොට පරිස්සම ගැනත් හිතන්න ඕන. විශේෂයෙන් රෙදි ගැන විශේෂ අවධානයක් තියෙන්න ඕන. රෙද්දක් හෝදන්නේ කොහොමද? වේලන්නෙ කොහොමද? රෙදි මදින්නෙ කොහොමද? කියලා දැනගෙන ඉන්න ඕන. හරියට රෙදි ටික හෝදලා වේලලා මැදලා තිබ්බොත් රෙදි වැඩි කලක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හොද පෙනුමකින් තියාගන්නත් පුළුවන්. දැන් ඔබට හිතෙයි තියෙන වැඩ මදිවට රෙදි හෝදන පිළිවෙළ ගැනත් මතක තියාගන්න වෙලානෙ කියලා. නෑ. කලබල වෙන්න දෙයක් නෑ. බොහෝ වෙලාවට බොහෝ දෙනා අදින්නේ වෙළද පොළෙන් මිලදී ගන්න ඇදුම්නේ. ඉතින් ඒ ඇදුම්වල දක්වලා තියෙනවා මේ කරැණු ටික. හැබැයි සංකේතවලින්.

ඇදුමක ලේබලයේ රෙදි වර්ගය ගැන සදහන් වෙනවා. කපු, පොලියෙස්ටර් හෝ රෙදි මිශ්‍රව ඇති ප්‍රමාණයන් ගැන ඉන් වටහා ගන්න හැකියි. ඇඳුම් විලාසිතා, රෙදිවල ස්වභාවය, වර්ණ ගන්වා ඇති ආකාරය වෙනස්කම් රුසක් ඇඳුම්වල තිබෙනවා. ඒ නිසයි සංකේත ගැන අවබෝධයකින් යුතුව ඇඳුම් ටික සෝදලා වේලලා මැදලා ගන්න ඕන.

Hand wash normal ඇදුමක මෙහෙම දක්වා ඇත්නම් ඒ කියන්නේ ඒ ඇදුම හෝදන්න ඕන අතින් පමණයි. රෙදි සෝදන යන්ත්‍රයට දැමීම සුදුසු නෑ. එහෙම වුණොත් ඇදුමේ පෙනුමට හා කල්පැවැත්මට හානි සිදුවිය හැකියි. සමහර වටිනාකමින් වැඩි ඇදුම් කිසිසේත්ම සේදීමට සුදුසු නැති බවට සදහන් වෙනවා. එවැනි ඇඳුම් පිරිසුදු කළ යුත්තේ ඩ්‍රයික්ලීන් කරලා. නිවසේදී ඇදුම් ඩ්‍රයික්ලීන් කරගත නොහැකියි. ඒ සදහා ලොන්ඩරියකට යා යුතු වෙනවා. ඒත් සමහර ඇදුම් ඩ්‍රයික්ලීන් කිරීමත් සුදුසු නෑ.

රෙදි හෝදලා ඉවර වුණාට පස්සේ වතුර ටික අයින් කරන්න හොදහැටි අඹරලා මිරිකනවා. ටී ෂර්ට් වැනි සමහර රෙදි එහෙම මිරිකුවාම ඇදුමේ හැඩය වෙනස් වෙනවා. එවැනි ඇඳුම් සෝදලා මිරිකන්න එපා කියලා Do not wring යනුවෙන් ඇඳුමේම සඳහන් වෙනවා. සමහර ඇදුම්වල ලයින් (Line) ඩ්‍රයි කියලා සදහන් වෙනවා. ඒ කියන්නේ වැලේ දාලා රෙදි වේලන්න එපා කියන එක. එහෙම සදහන් කර ඇති ඇදුම් හැඟරයකට දමා වේලන්න.

සෝදලා වේලාගත්ත ඇඳුම් මදින එකත් පරෙස්සමින් කරන්න ඕන. ඒකටත් උපදෙස් ඇඳුමේම සඳහන් වෙනවා. සමහර ඇඳුම් මදින්න ඕන අඩු රස්නෙන්. සමහර ඒවා තද රස්නයට ඔරොත්තු දෙනවා. Iron low heat යනුවෙන් සඳහන් වෙනවා නම් මදින්න ඕන අඩු රස්නයනක් යටතේ. තද රස්නෙන් මැද්දාම ඇඳුම පිළිසෙන්නට හැකියි වගේම දිලිසෙන රෙදි වර්ගයකින් නිමවා ඇත්නම් ඒ දිලිසෙන ස්වභාවය නැති වෙන්න පුළුවන්. ඇඳුම් අවපැහැ වෙන්න පුළුවන්.

රෙදි සෝදන විට අනුගමනය කළ යුතු දේවල් එක එක ඇඳුමට වෙනස්. එහෙම වුණත් ඒ ඒ රෙදි ගැන අවබෝධයකින් කටයුතු කළොත් රෙදි දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔබටම හිතෙනවා ඇති.

How to Wash Your Clothes

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 210 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:13 AM
Script:/article/210/how-to-wash-your-clothes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:13 AM
Script:/article/210/how-to-wash-your-clothes.html