එකක් කරන්න ගිහින් වැඩේ දෙක කරගන්න කාන්තාවන්ගේ එක තැන හිත හැමතැනම යන්නේ මෙහෙමයි

March 17, 2017
6,029
What Do Women Really Want?
කාන්තාවන් කරන කියන සමහර දේවල් ඇත්තටම වෙලාවකට හොදටම හිනායන දේවල්. මේ නිසා තමයි පිරිමි වෙලාවකට කාන්තාවන්ට විහිලු කරන්නේ මොළේ තියෙන්නේ හැදිමිටේ කියලා. එත් ඉතින් මේ කියන දේවල් නම් බහුතරයක් කාන්තාවන් අතින් නිතරම වගේ සිදුවෙනවා. කොහොම උනත් සමහර පිරිමි උදවියත් මේ වගේ හිනායන දේවල් නොකරනවම නෙවෙයි. නමුත් මේ දේවල් ටික වැඩිපුරම සිද්ධ වෙන්නේ නම් කාන්තාවන්ට. කාන්තාවන් බොහොම බැරෑරුම් විදිහට හිතනවා යමක් කරන්න ගියහම. නමුත් ඔවුන් වෙලාවකට කරන්නේ ඔවුන් හිතපු දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මේ තමයි ඒ විදිහට කාන්තාවන් කරන සහ කාන්තාවන්ට වෙන වැඩ.

1. කාන්තාවන් හදිසියේ යමක් මිලදී ගන්න සුපිරි වෙළදසැලකට ගිය විට

ඔවුන් සිතනවා ඔවුන් මිලදීගන්න යන දේ ගැන හරියටම දන්නා නිසා ඉක්මනින් යන්න පුළුවන් වගේම බඩු දමාගෙන යන කරත්තයක් ඔවුන්ට උවමනා නැතිබව. නමුත් අවසානයේ වෙන්නේ ඔවුන් දකින දකින දේවල් මිළට ගැනීමයි. වෙලාවකට බලනකොට ඔවුන්ට ගන්න ආව බඩුවත් අමතක වෙලා. මේ වැඩේ නම් super market එකකට යන බහුතරයක් කාන්තාවන්ට වෙන වැඩක්.

2. ඔවුන් කාළගුණය ගැන හිතලා ඇදුමක් ඇන්ද විට

කාන්තාවක් අලුත් ඇදුමක් මිලදීගත් විට වඩාත් කැමති හොද කාලගුණයක් තියන දවසක එය අදින්න. ඔවුන් කාලගුණය ගැන හිතලා බලලා එය ඇන්දත් සමහර විට එදා දවස වහිනවා. බොහෝවිට කාන්තාවන්ට මේ වගේ අවස්ථාවන්ට මුහුණදෙන්න සිදුවෙනවා.

3. වැදගත් කාන්තාවක් ලෙස පිරිසක් ඉදිරියේ හැසිරෙනවා කියා සිතූ විට

බොහෝ කාන්තාවන් යම් උත්සවයකට හෝ පිරිසක් සිටින ස්ථානයකට යන්නට පෙර සිතනවා බොහොම පිළිවෙලට හැසිරෙනවා කියා. නමුත් අවසානයේ වෙන්නේ ඇයගේ මිතුරියන් එම ස්ථානයේදී හමු උනොත් වැදගත් කම් සියල්ල අමතක කර මිතුරියන් සමග නිදහසේ හැසිරීමයි. මේ වෙලාවට ඔවුන්ට ගානක්වත් නැහැ අනිත් අය ඔවුන් ගැන මොන විදිහට හිතුවත්.

4. තමන් කිසිවෙකුට යටත් නොවී සිටිනවා යැයි සිතූ විට

සමහර ගෑනු ළමයි හිතනවා ඔවුන්ට ඔවුන්ගේ ජිවිතේ ගැන තනිව තීරණ ගත හැකි නිසා ඔවුන් කාටවත් යටත්ව සිටීම තව දුරටත් නොකළයුතු දෙයක් බව. නමුත් අවසානයේ වෙන්නේ දෙමවුපියන් හෝ සැමියා කතාකළ විට නිකම්ම ඔවුන් කියන දේවල් වලට මොවුන් එකග වීමයි. මේ නිසා බහුතරයක් කාන්තාවන් කතාවට කොච්චර කිවුවත් හිතුවත් ඔවුන්ට ස්වාධීන වෙන්න බැහැ.

5. ගෙදර නිතරම පිළිවෙලට පිරිසිදුවට තියාගන්නවා යැයි සිතුවාට

බොහෝ කාන්තාවන් නිවස පිළිවෙලකට අස්පස් කරගත් පසු හිතන්නේ නැවත අපිළිවෙල වෙන්න නොදී පිළිවෙලකට තබා ගන්නා බවයි. නමුත් වෙන්නේ දවසක් දෙකක් යන විට නැවතත් නිවස තිබුන විදිහටම අපිළිවෙල වීමයි.


6. යමක් අනිවාර්යෙන්ම කරනවා යයි සිතාගත් විට

කාන්තාවන් සිතනවා පසුදා උදෑසනම අවදිවී තමන් ව්‍යායාම කරනවා, යමෙක් හමුවෙන්න යනවා, උයනවා මේ වගේ දේවල් කරනවා කියා. නමුත් අවසානයේ ඔවුන් කරන්නේ ඒ සියල්ල අමතක කර හොදින් නිදාගැනීමයි.


7. කාන්තාවන් තමන්ගේ හැගීම් පාලනය කරගන්නවා යැයි සිතාගත් විට

කාන්තාවන් කියන්නේ තමන්ගේ හැගීම් එතරම් සාර්ථක ලෙස සගවාගෙන සිටිය හැකි පිරිසක් නොවෙයි. ඔවුන් කෙතරම් සිතුවත් තමන්ගේ හැගීම් පාලනය කරගන්නවා කියා අවසානයේ ඔවුන් හැගීම්බර වෙනවා වගේම තමන්ගේ ඉවසීම අමතක කර තරහ වැනි හැගීම් පිටකරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 131 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:01 AM
Script:/article/131/what-do-women-really-want.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:02 AM
Script:/article/131/what-do-women-really-want.html