මේද සහිත අක්මාවට හේතුව කුමක්ද; මෙම තත්වය කළමනාකරණය කිරීමට නොකළ යුතු දේවල්

July 8, 2019
7,314
The reason for fatty liver
ලෝක අක්මා දිනය යනුවෙන් ලොව පුරා මිනිසුන් දිනයක් වෙන්කර ගෙන සමරනු ලබනවා. වාර්ෂික සැමරුමෙහි අරමුණ වන්නේ ශරීරයේ ඇති මෙම තීරණාත්මක ඉන්ද්‍රිය පිළිබඳව දැනුවත් කිරීම සහ එය රැකබලා ගන්නා ආකාරයයි. අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. මිනිස් සිරුරේ ජීව ක්‍රියාවලීන් ගණනාවකටම අක්මාවේ දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. අද හැඩකාරී අපි ඔයාට මේද සහිත අක්මාවට නොකළ යුතුය දෑ පිළිබද මේ ලිපියෙන් කියලා දෙනවා.

අක්මාවේ සුමට ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන පීඩා ගණනාවක් ඇති අතර හෙපටයිටිස්, සිරෝසිස්, අක්මා පිළිකා, පිත්තාශයේ ගල් මෙන්ම මේද සහිත අක්මා රෝගද ඊට ඇතුලත්ය. අක්මාවේ කාර්යය වන්නේ ආහාර හා ඖෂධ ගබඩා කිරීම මෙන්ම රුධිරය හරහා විෂ ද්‍රව්‍ය පිට කිරීම මගින් ශරීරය විෂබීජහරණය කිරීමයි. අක්මාවේ ප්‍රධාන කාර්යය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ලැබෙන රුධිරය පෙරීම සහ කැපීම් හා තුවාල අතරතුර රුධිරය කැටි ගැසීම සඳහා ප්‍රෝටීන් නිපදවීම සිදු වෙනවා. මිට අමතර අක්මාවේ කාර්යයන්,
- කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ වල පරිවෘත්තියට දායක වේ
- දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ
- රුධිරය ගබඩා කර තබන අවයවයක් ලෙස ක්‍රියා කරයි
- දේහයේ විෂහරණ අවයවය ලෙස ක්‍රියා කරයි
- කලලයේ හෝ භ්රුණයේ අක්මාව රතු රුධිරාණු නිපදවයි
- ඇතැම් ඛනිජ ද්‍රව්‍ය ගබඩා කරයි
- රුධිර ප්ලැස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කරයි
- ඇතැම් හෝමෝන අක්‍රිය කරයි
- පිත සංස්ලේෂණය සහ ශ්‍රාවය සිදු කරයි

මේද අක්මා රෝගය යනු කුමක්ද?

මේද අක්මා රෝග ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. මෙම තත්වය අක්මාව තුළ මේදය සමුච්චය වීමට හේතු වේ. මේද අක්මා රෝග වර්ග දෙකක් තිබේ. එනම් මධ්‍යසාර හා මධ්‍යසාර නොවන මේද අක්මා රෝග නම් වේ. මද්‍යසාර මේද අක්මා රෝගයට හේතු වන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීමයි. මධ්‍යසාර නොවන මේද අක්මා රෝගයට හේතුව නොදන්නා කරුණකි. මත්පැන් නොවන මේද අක්මා රෝගයේ පොදු අවදානම් සාධක අතර තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව සහ රුධිරයේ කොලෙස්ටරෝල් ඉහළ මට්ටමක පැවතීම යන කාරණා පෙන්නුම් කරයි. නිදන්ගත මේද අක්මාව පුද්ගලයෙකුගේ ජීවිතයට බලපාන අතර සාමාන්‍යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැත, එමගින් රෝගය වඩාත් භයානක වේ.

මද්‍යසාර නොවන මේද අක්මා රෝග හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ විය හැකිය. මේද අක්මා රෝගයේ  රෝගියාගේ තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කිරීම ඉතා වැදගත් වන අතර ආහාර හා පෝෂණය පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. මේද අක්මා රෝග වර්ග දෙකම මේද සෛල වෙනුවට ආදේශ කරන නිරෝගී අක්මා සෛල වලට බලපාන බවයි. මේද අක්මාව පාලනය කිරීම සඳහා කළ යුතු හා නොකළ යුතු දේ යෝජනා කිහිපයක් පහත වේ.

මත්පැන් පානය නොකරන්න
මේද අක්මාව ඇති රෝගීන් මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය. නිදන්ගත මේද අක්මා රෝගයෙන් පෙළෙන අයට මත්පැන් සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීම වැදගත්ය.

ප්‍රමාණවත් ප්‍රෝටීන් පරිභෝජනය කරන්න
රෝගී අක්මාවක ප්‍රෝටීන් පරිවෘත්තීය ක්‍රියාවලියට බලපාන බව වෛද්‍ය දත්ත පවසයි. එමනිසා, මේද අක්මා රෝග ඇති පුද්ගලයින් ඔවුන්ගේ ආහාර වේලෙහි ප්‍රමාණවත් ප්‍රෝටීන පරිභෝජනය කිරීම වැදගත් වේ.

මේදය සම්පූර්ණයෙන් ඉවත් නොකරන්න
මේද අක්මා රෝගීන් බොහෝ දෙනෙක් මේදය බහුල ආහාර ඔවුන්ගේ ආහාරයෙන් ඉවත් කිරීමට නැඹුරු වෙති. කෙසේ වෙතත්, රෝගීන් ඔවුන්ගේ වයස සහ බර සඳහා සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි.

සීනි පලතුරු යුෂ පානය නොකරන්න
සීනි සහිත පළතුරු යුෂ මෙන්ම අධික සීනි සහිත ආහාර සහ බීම වලින් වැළකී සිටින ලෙස වෛද්‍ය දත්ත මගීන් රෝගීන්ට උපදෙස් ලබා දෙනවා. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1367 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:47 AM
Script:/article/1367/the-reason-for-fatty-liver.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:47 AM
Script:/article/1367/the-reason-for-fatty-liver.html