හදවත් රෝග ඇති වීමේ ඉහල අවදානමක් ඇති මේ තත්ත්වයන්ගෙන් වැළකී ජීවිතය රැක ගන්න

November 30, 2017
6,090
Avoid the risk of heart attach
වර්තමානයේ බොහෝ දෙනෙක් ඉතා තරුණ වයසේදීම අවාසනාවන්ත විදිහට විවිධ බෝ නොවන රෝග වලට ගොදුරු වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. හදවත් රෝග වැළඳීම නිසා මිය යන පිරිස අතරට දිනෙන් දින වැඩි පිරිසක් එකතු වෙනවා. ආහාර රටාවේ සහ ජිවන රටාවේ ඇති වැරදි නිසා ගොඩාක් දෙනෙක් තමා විසින්ම තමන්ගේ ජීවිතය අනතුරේ හෙළනවා. හෘදයාබාධ ඇති වීමේ අවදානම වැඩි කරන මේ තත්ත්වයන් ගැන දැනුවත් වී සිටීමෙන් ඔබේ ජීවිතය අනතුරේ හෙළන්නේ නැතිව රැක ගන්න පුළුවන්.

උදෑසන කාලයේදී හෘදයාබාධ ඇති වීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ කියන්නේ උදෑසම අවදි වීමත් සමඟ. නින්දට පත් වීමත් සමඟ අපේ රුධිර පීඩනය පහල මට්ටමකට පත් වෙනවා. උදෑසන පිබිදීමත් එක්ක පහල වැටි තිබුණු රුධිර පීඩන මට්ටම ඉහල යනවා. ඒ වගේම හෝමෝන වල ක්‍රියාරීත්වය නිසා ඒ වගේ වේලාවකදී හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නින්දෙන් ඇහැරුණු ගමන්ම ක්‍රියාකාරී වෙන්නවට වඩා මද වෙලාවක් ඇඳේ ඉඳලම කලබලයකින් තොරව දවස පටන් ගන්න.

ඒ වගේම ව්‍යායාම සඳහා යොමු වීමේදී එක වරම ශරීරය වෙහෙස කරවන ව්‍යායාම වල නිරත වෙන්න එපා. ක්‍රම ක්‍රමයෙන් සිරුර උණුසුම් කරන ව්‍යායාම වලින් ආරම්භ කරන්න. එහෙම නොවුනොත් හදවතේ ස්පන්දනය වැඩි වෙලා හෘදයාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම කරද්දී වගේම ශරීරයට අධික ලෙස වෙහෙස ගෙන දෙන ක්‍රියාකාරකම් වලිනුත් පරිස්සම් වෙන්න. ඕනම දෙයක් දරා ගැනීමට හැකි තරමට කරන්න.

හදිසි කෝපය හෘදයාබාධ වලට තවත් හේතුවක්. හදිසි කෝපය හෘදයාබාධ ඇති වීමේ අවදානම කිහිප ගුණයකින්ම ඉහල නංවනවා. ඒ නිසා කෝපය පාලනය කර ගැනීමේ හැකියාව හා ඉවසීම පුරුදු කර ගන්න එක නම් ගොඩාක් වැදගත්. සිත සන්සුන් කරවන දේවල් වල නිරත වීම මඟින් කෝපය පාලනය කර ගන්න හා හදිසි තත්ත්වයට මුහුණ දීමේ හැකියාව, දරා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගන්න.

අධික සිතල නිසා ඇති වන නහර තද වීම, අවහිර වීම, සහ හදවතට ඔක්සිජන් සැපයුම අඩාල වීම නිසාත් හෘදයාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අධික සිතල කාලයන් වලදී සිරුරේ උණුසුම ආරක්ෂා කර ගන්න කටයුතු කල යුතුයි. සිරුර උණුසුම් කරන ව්‍යායාම සහ ඒ සඳහා සුදුසු ඇඳුම් භාවිතයත් ඉතා වැදගත්.

මානසික ආතතිය අවම කර ගන්න. මානසික ආතතිය හෘදයාබාධ ඇති කරවන්න මුල් වෙන තවත් අහිතකර තත්ත්වයක්. දීර්ඝ කාලීනව මානසික ආතතියෙන් පිඬා විඳීම ඔබගේ ශරීර සෞඛ්‍යට කිසි සේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා මනසට අවශ්‍ය විවේකය ලබා දෙන්නත් අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 551 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:41:19 AM
Script:/article/551/avoid-the-risk-of-heart-attach.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:41:19 AM
Script:/article/551/avoid-the-risk-of-heart-attach.html