රතුළූණු 250g (තීරු කපාගන්න)
බොම්බයි ළූණු 250g (සිහින්ව ලියාගන්න)
කුඩු කරගත් උම්බලකඩ කුඩු 100g
මිරිස් කුඩු මේස හැඳි 3ක්
කුරුඳුපොතු කුඩා කැබැල්ලක්
සියඹලා 50g
කරාඹුනැටි 6ක්
කරදමුංගු කිහිපයක්
සුදු ළූණු බික් 5ක් (තලාගන්න)
ඉඟුරු කුඩා කැබැල්ලක් (තලාගන්න)
දෙහි බෑයක්
පොල් තෙල් මේස හැඳි 10ක්
කරපිංචා කුඩා ඉත්තක් (කැබලි කඩා ගන්න)
සීනි මේස හැඳි 6ක්
ලුණු ස්වල්පයක්
පළමුව ළූණු වර්ග දෙකම දුඹුරු වනතෙක් බැදගෙන තෙල් බේරෙන්නට පත්තර පිටුවක දමන්න. තෙල් මේස හැඳි 1/2 ක් රත්කර කරදමුංගු, කරාඹුනැටි, කරපිංචා, රම්පෙ තෙම්පරාදු කර මිරිස් කුඩු එකතුකරන්න. උම්බලකඩ කුඩු, බැදගත් ළූණූ, සියඹලා හා ලුණු දමා විනාඩි 2 ක් පිසගන්න. ඉන්පසු සීනි මිශ්‍රකර ළිපෙන් ඉවත්කර ගන්න.