පිසගත් බාස්මති බත් 500g ක් පමන
ගෝවා මල් 300gක්
ගිතෙල් මේස හැදි 5ක්
එනසාල් ඇට 3ක්
කරාඹු නැටි 3ක්
කුරුදු පොතු කෑල්ලක්
ලොකු ළුණූ ගෙඩි 2ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
අමු මිරිස් කරල් 2ක්
ඉගුරු, සුදු ළුණූ paste තේ හැදි 1ක්
තක්කාලි ගෙඩි 1ක්
ලුණු පදමට
වතුර ස්වල්පයක්
මුලින්ම ගිතෙල් මේස හැදි 2ක් රත්කර එයට කුලුබඩු සියල්ල (මිරිස් කුඩු හැර) ඉගුරු, සුදු ළුණූ, සිහින්ව කපාගත් ලොකු ළුණූ, අමු මිරිස්, තක්කාලී එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. ගිතෙල් නැත්තම් බටර් හරි තෙල් හරි උනත් කමක් නැහැ. තෙල් නම් මේස හැදි 6ක් ගන්න එපා. හැදි 3ක් පමන ගන්න. ඉන්පසුව එය රන්වන් පැහැවන විට ලිපෙන් ඉවත් කර වතුර ඉතා ස්වල්පයක් දමා හොදින් අඹරාගන්න. ඉතිරි වු ගිතෙල් වලින් තව මේස හැදි 2ක් රත් කර එයට තම්බාගත් ගෝවා මල්, මිරිස්කුඩු, ලුණු, අමු මිරිස් දමා තෙම්පරදු කරගන්න. දැන් එයට කලින් අඹරාගත් paste එක කවලම් කරන්න. ඉතිරි වු ගිතෙල් මේස හැදි 2ත් එකතු කරගෙන මද වේලාවක් පිස ගන්න. අවසානයේ බත් එකතු කරගෙන හොදින් කවලම් කරගන්න.
** ගෝවා මල් විනාඩි 3ක් පමන ලුණු ස්වල්පයක් දමා තම්බාගන්න.
** චිකන් කියුබ් එකක් එක්කරගෙන තව රසවත් කරගන්න පුලුවන්.