12 දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
තම්බා ගත් ලොකු බිත්තර 6
මැයෝනෙස් සෝස් තේ හැඳි 1
ලුණු රස පදමට
චිලි පේස්ට් තේ හැඳි 1/4
නැවුම් දෙහි යුෂ තේ හැඳි 3/4
කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොල තේ හැඳි 1
අඹරාගත් සූදුරු තේ හැඳි 1/4
තුනපහ කුඩු තේ හැඳි 1/4
පොත්ත සහිතව තම්බා ගත් මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් 16
සැරසීමට කොත්තමල්ලි කොල
සාදන ක්‍රමය :
1. බිත්තර දෙකට කපා ගෙන, කහ මදය ඉවත් කර වෙනත් බඳුනකට දමන්න.
2. බිත්තර කහ මද වලට මැයෝනෙස්, ලුණු, චිලි පේස්ට්, දෙහි යුෂ, කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොල, සූදුරු සහ තුනපහ දමා හොඳින් පොඩි කර ගන්න. (මෑෂ් කරන්න.)
3. ඉස්සන් 4 දෙනෙක් පිරිසිදු කර කුඩාවට කපාගෙන කහ මද මිශ්‍රණයට දමා කලවම් කරන්න.
4. මිශ්‍රණය පයිපින් බෑගයකට දමා බිත්තර සුදු මදයට පයිප් කරන්න.
5. ඒ මත ඉස්සෙක් සහ කොත්තමල්ලි කොලයක් තබා පිලිගන්වන්න.
6. පයිපින් බෑගයක් නොමැති නම් ප්ලාස්ටික් සැන්ඩ්විච් බෑගයක් ගෙන එහි එක් කොණක් කපා භාවිතා කළ හැකිය.