මොන සැප සම්පත් දුන්නත් දරුවන් මෙහෙම හැසිරෙන්නේ ඇයි?

August 9, 2020
13,743
Why children go in wrong path?
දරුවන් ගැන කිව්වාම අපි හිතන්නේ අපේ පාලනය යටතේ සිටින කන්න බොන්න අඳින්න අඩුවක් නැතුව සපුරා දිය යුතු පිරිසක් විදිහටයි. ඒ වගේම හොඳින් අධ්‍යාපනය ලබා දුන් විට දරුවන්ගේ අනාගතය ගොඩ නගා ගැනීමෙන් පසුව ඔවුන් සම්පූර්ණ චරිතයක් විදිහට අනාගතයට මුහුණ දෙන හැකියාව ඇති පිරිසක් බවට පත් වීමෙන් පසුව දෙමව්පියන් තෘප්තිමත් චරිත බවට පත් වෙනවා.මේ ආකල්පය දෙමාපියන්ට නිවරැදි වුනත් දරුවන්ගේ මනස බාල කාලයේ පටන්ම බොහොම නිරවුල්ව තබා ගැනීමත් ඉතාම වැදගත්.

අපට නොපෙනුනනාට දරුවන්ගේ මනසටත් විවිධ හැඟීම් දැනීම් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් බොහෝ විට පරාජිත සිතුවිලිවලින් යුක්ත වෙන්නත් ඉඩ තිබෙනවා. එහෙම නම් දරුවෙකුගේ මනස බොහොම නිදහස්ව නිරවුල්ව තැබිය යුත්තේ ඇයි...?

ආතතිය නැති දරුවෙක්

අද කාලයේ වැඩිහිටියන්ට පමණක් නොවෙයි, පුංචි දරුවන් අතරත් ආතතිය ඉතාම ඉහලින් තිබෙනවා. බාල කාලයේදී දරුවා ලබන අත්දැකීම් නිසා ඔවුන් තුළ ආතතිමය තත්වයන් ඇති වෙනවා. මව පියාගේ ආදරය අඩු වීම, වෙන්වීම වැනි අපට මතුපිටින් නොපෙනෙන බොහෝ දේ දරුවාගේ ආතතිමය තත්වයන්ට බලපාන්න පුලුවනි. ඒ නිසා දරුවන්ගේ මනස බොහොම නිරවුල්ව තබන්න වැඩිහිටියන් උනන්දු වීම වැදගත්. මේ අන්දමින් දරුවාගේ මනස නීරෝගීව තබනන් නම් දරුවාට දැනෙන්න ආදරය කරන්න.

ඒ වගේම දරුවා ආරක්ෂිතයි කියන මානසිකත්වය ඔවුන්ගේ මනසේ ගොඩ නැගීම ඉතාම වැදගත්. ඔබ විසින් දරුවා මොන තරම් ආරක්ෂා කළත් තමා සුරක්ෂිතයි යන සිතුවිල්ල දරුවා වෙත නැත්නම් ඉතාම පහසුවෙන් ඔවුන් ආතතියට පත් වීමට ඉඩ තිබෙනවා. දරුවා වෙනුවෙන් දක්වන අවධානයත් ඉතා වැදගත්. දෙමව්පියන් විදිහට දරුවාට අවධානයක් නැති විට තමා නොවැදගත්ය යන සිතුවිල්ලෙන් දරුවා පීඩා විදිනවා. මව හෝ පියා දෙදෙනාම හෝ එක් අයෙකු හෝ පැය 24ම ඔහු සමඟ නිවසේ සිටියත් දරුවා සමඟ ඵලදායී සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති නම් එය දරුවාගේ මනසට උදව්වක් කරන්නේ නෑ. මේ මානසික පීඩාව නිසාම දරුවා තුළ ආතතිමය තත්වයක් ඇති වෙනවා.


අධ්‍යාපනයට වාසි

දරුවන්ගේ අධ්‍යාපනය ගැන අද දෙමව්පියන් බොහොම උනන්දුයි. උසස් පාසලක්, උසස් අධ්‍යාපනයක්, අතොරක් නැති උපකාරක පංති, ඉගෙණුම් ද්‍රව්‍ය.. මේ සියල්ල සම්පාදනය කළත් ඉගෙණුමට අවශ්‍ය නිරවුල් මනසක් නැත්නම් දරුවාගේ අධ්‍යායාපනය සාර්ථකව කර ගෙන යෑම අපහසුයි. සමහර විට ඔබ මේ විදිහට චෝදනා කරන්නත් පුලුවනි. “මොනවාද අඩු.. හැමදේම තියෙනවා.. වියදම් කරනවා සීමාවක් නැහැ.. ඒත් කිසිම ප්‍රතිඵලයක් නැහැ.” සමහර විට දරුවා මහන්සි වුනත් ප්‍රතිඵල නැති විය හැකියි. ඒ වගේම සමහර විට පොතට පතට කිසිම අනන්දුවක් නැති වෙනන් පුලුවනි. අධ්‍යාපනයේ වටිනාකම දැන දැනත් , අනාගතය ගොඩ නගා ගැනීමට නම් ඉගෙනුම අවශ්‍ය බව දැනගෙනත් එවුන් මේ තත්වයට පත් වෙන්නේ දරුවාගේ මනස නිරවුල් නැති නිසා එහෙම නැත්නම් මානසික ලෙසින් සතුටක් නැති නිසාම වෙන්න පුලුවනි.


ප්‍රිතිමත් දරුවෙක්

මානසික ලෙසින් යහපත් දරුවා නිතරම ප්‍රිතිමත්ව ජීවත් වෙනවා. ඔවුන්ගේ සතුටට ලොකු දේවල් අවශ්‍ය නැහැ. අතීතයේ දරුවන්ට අද වගේ විචිත්‍ර, විසිතුරු රටාවන් නැති වුනත් එවුන් කොස් කොළ තොප්පියෙන්, කුරුම්බා ඇට්ටි මැෂිමෙන් බොහොම සතුටු ජීවිතයක් ගත කලා. ඇලේ දොලේ පැන නාන්න, ගහකින් ගෙඩියක් කඩා ගෙන කන්න තිබුනාම ඒ ඔවුන්ගේ සතුටයි. මීට ප්‍රදානම හේතුව ඒ යුගයේ දරුවන් මානසිකව ඉතාම සහනශීලී ජීවිතයක් ගත කළ නිසාම එවුන් ලද දෙයින් සතුටට පත් වෙන බොහොම ප්‍රිතිමත් දරුවන් විදිහට ජීවිතය ගොඩ නගා ගත්තා. දරුවාගේ මනස නිරෝගි නම් සහතික වශයෙන්ම ඔහු ප්‍රිතිමත් දරුවෙක්.


මිතුරන් සිටිනවා

මානසිකව නිරෝගි දරුවන් සමාජ ඇසුර ප්‍රිය කරනවා. ඔවුන් හුදෙකලා වීමට කැමැති නැහැ. ඒත් මානසිකව සහනශීලී මනසක් නැති දරුවන් නිතරම හුදෙකලාව ජීවත්වීමට උත්සාහ දරන රටාවක් තිබෙනවා. ඒ නිසා ඔබේ දරුවා මානසිකව නිරෝගී නම් සමාජ ඇසුරට බලයෙන් ඇතුලු කිරීම අවශ්‍ය නැහැ.


නීති ගරුකයි.. ආචාරශිලියි

මානසික සහනයෙන් කාලය ගෙවන දරුවා සමාජය තුළ විශාල අභිමානයක් ගොඩ නගා ගැනීමට කැමැතියි. ඒ නිසා ඔවුන් නිතරම ආචාරශිලීව කටයුතු කිරීමට වගේම නීති ගරුකව තමන්ගේ ජීවිතය හසුරුවා ගන්නවා. එයින් දරුවා විශාල තෘප්තියක් ලබනවා. හොඳ දරුවෙක් යන සම්මානය අගය කිරීමත් මානසිකව නිරවුල් මනසකින් කාලය ගෙවන දරුවෙකුගේ ගති පැවැතුම් අතර දක්නට ලැබෙන ලක්ෂණයක්.


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමක් නැහැ

දරුවන් මතට යොමු වෙන්නේත් ඔවුන්ගේ මනසේ තිබෙන කුමන හෝ අඩුවක් සපුරා ගැනීමටයි. මේ අඩුපාඩුව ඔබ දෙමව්පියන් විදිහට දකින්නේ නැහැ. කන්න, බොන්න, අඳින්න පළඳින්න තිබුනත් දරුවාගේ මනසේ කුමන හෝ අඩුවක් තිබෙනවා. මතට ඇබ්බැහි වුන බොහෝ දරුවන්ගේ පසුවිපරම් කිරීමේදී තේරුම් යන්නේ ඔවුන්ට පවුලෙන් ලැබෙන ප්‍රතිචාර තුළ තිබුන යම් යම් අඩු පාඩු මේ තත්වයට හේතු වුන බවයි. පවුලේ විතැන්වීම් පිරිමසා ගැනීමට දරුවන් මතට යොමු වෙන ප්‍රවනතාවය ඇති වෙන්නේ ඔවුන්ගේ මානසික තත්වයේ පවත්නා හිස්කමට විකල්පයක් විදිහටයි.

එසේනම්... දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ මනස නිරෝගිව පවත්වා ගැනීමටත් වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1757 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:23:26 PM
Script:/article/1757/why-children-go-in-wrong-path.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:23:26 PM
Script:/article/1757/why-children-go-in-wrong-path.html