සම රැළිවැටීම වලක්වන විශ්මිත ක්‍රම 8ක්

April 20, 2017
17,342
Home Remedies for Wrinkles
සෑම කාන්තාවක්ම තමන්ගේ රෑපය ලස්සනට තියාගන්න වෙහෙසනෙවා. සැලකිලිමත් වෙනවා. නොයෙක් දේවල් ඒ වෙනුවෙන් කරනවා. විශේෂයෙන් තරැණ බව රුක ගැනීම සඳහා වෙහෙස වෙනවා.

වයසට යන විට සම රුළි වැටීම ස්වාභාවිකයි. සාමාන්යයයි. සම තුනී වෙනවා. රුලි වැටීම නිසා සම එල්ලා වැටෙනවා. මුහුණ, අත්වල සම රුළි වැටීම බොහෝ දෙනාට ඇති ලොකුම ගැටලුවක්. ඒ වගේම වෙනත් හේතු නිසාත් සම රුළි වැටෙන්න පුළුවන්. හිරැ එළියට නිරාවරණය වීම, ඖෂධ භාවිතය, මානසික ආතතිය, සිරැරේ බර අඩු වීම, විටමින් E අඩු වීම, දුම්පානය වගේ දේවල් නිසාත් ජානමය හේතු නිසාත් සම රුළි වැටිය හැකියි. මේ කොයි හේතුව නිසා සම රුළි වැටුණත් එය කාන්තාවකගේ ලස්සනට බාධාවක්. ගෙදරදිම පහසුවන් කළ හැකි මේ සත්කාරවලින් සම රුළි වැටීම අවම කර සමට පැහැපත් බවක් ගෙන දෙනවා.

ජලය පානය

සම රුළි වැටීමට හොඳම ප්‍රතිකාරය ජලයයි. හොඳින් ජලය පානය කිරීමෙන් රුළි වැටීම අවම කරගත හැකියි. දිනකට ලීටර් දෙකක් වත් ජලය පානය කිරීමෙන් සුන්දර සමක් ලබා ගත හැකියි.

ලෙමන් සත්කාරය

මෙය ආලේපයක්. යෝගට් හැන්දක්, මී පැණි හැන්දක්, විටමින් E සහ ලෙමන් යුෂ තේ හැන්දක් බැගින් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. එම ආලේපය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක්වත් කරන්න.

කැරට් සත්කාරය

කැරට් ගෙඩි දෙකක් හොඳින් සෝදා තම්බාගන්න. පසුව එම කැරට් ගෙඩි දෙක හොඳින් පොඩි කරන්න. එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. මුහුණට ප්‍රාණවත් බවක් ලැබේවි. මුහුණ රුළි වැටීමට හොඳ පිළියමකි.

ආමන්ඩ් සත්කාරය

රැව රුක ගැනීමට ආමන්ඩ් වලට විශේෂ හැකියාවක් තිබෙනවා. ආමන්ඩ් ඇට කිහිපයක් කිරි ටිකක පොඟවා රුයක් තබන්න. පසුදා උදෑසනට එම ආමන්ඩ් ඇට ග්‍රයින්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න. එයින් ඝනකම ඇති පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මුහුණ පිරිසුදු වතුරින් සෝදා හරින්න. දිනපතා කිරීම වඩා සුදුසුයි. ප්‍රතිඵලදායකයි.

ඔලිව් තෙල් සත්කාරය

ඔලිව් තෙල් ස්වල්පයක් යොදා මුහුණ හොඳින් සම්බාහනය කරන්න. එමගින් සමට තෙතමනය ලැබේ. එවිට මුහුණේ ඇති සෛල අලුත්වැඩියා වී පැහැපත් පෙනුමක් ලැබේ. මෙම ඔලිව් තෙල් සත්කාරය දිනපතා කළ හැකිය.

කෝමාරිකා සත්කාරය

කෝමාරිකා රෑපලාවන්ය සඳහා බහුලව යොදා ගන්නා ශාක වර්ගයකි. එය පිරිසුදු කාරකයකි. කෝමාරිකා පත්‍ර වල ජෙලි ස්වභාවයක් ඇත. එම ජෙලි සූරා වෙන් කරගෙන සමේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. සමට පැහැපත් බවක් ඇතිවේ.

කෙසෙල් සත්කාරය

මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් අවශ්ය වේ. එම කෙසල් ගෙඩි හොඳින් පොඩි කර පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක සමේ රුලි වැටුණු තැන්වල ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. කදිම පිළියමක්.

ඉඟුරැ සත්කාරය

මෙය පහසුවෙන් කළ හැකි සත්කාරයකි. මී පැණි මේස හැන්දකට ගාන ලද ඉඟුරැ ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන කෑමට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 227 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:07:29 AM
Script:/article/227/home-remedies-for-wrinkles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:07:30 AM
Script:/article/227/home-remedies-for-wrinkles.html