කස්තුරි කහ ගැන ඔබ නොදත් දේ

December 27, 2017
40,718
Things you didn't know about curcumin
අපේ මුහුණ හැමදාම වයසට නොයා තරුණ කාලේ වගේම ලස්සනට තියා ගන්න, හිරු
එළියෙන් සමට වෙන හානිය අවම කර ගන්න, සම දීප්තිමත් කර ගන්න ඒ වගේම
පොතු කබර, එක්සීමා වගේ සමේ හට ගන්නා රෝග අවම කර ගන්න, කොටින්ම
කීවොත් ඔබේ ලස්සන වැඩි කරන්න පුළුවන් ඖෂධයක් ගැන ඔබ අහල තිබෙනවද?
එහෙනම් අද දැන ගන්න ඉන්දියානු හැඩකාරියන්ගේ සදා නොවෙනස් රූපයේ රහස තමයි කස්තුරි කහ. කස්තුරි කහ ඔබේ සමට යොදාගෙන ඔබත් රූමතියක් වෙන පිළිවෙල ගැන අපි කියා දෙනවා. ඇත්තටම ඔබ කස්තුරි කහ වල ඇති කර්කියුමින් වල විස්මිත ගුණ ගැන දන්නේ නැති නිසා තමයි මේ ඔසුව සහ එය මුසු කොට හදා ඇති නිෂ්පාදන මෙතක් කාලයක් භාවිතාවට ගන්න නැතුව ඇත්තේ. නමුත් මේ ගැන දැන ගන්න දැන් කාලේ හරි.

සමේ තරුණකම රැකගන්න දැන්ම ඉඳලා සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඔබේ මුහුණේ සම වයසට යාම සමග වෙනස්කම් වලට භාජනය වෙනවා. සමේ රැලි
මතු වෙනවා. මෙලනින් වර්ණකය තැන් තැන් වල එකතු වෙලා ලප හැදෙනවා. (Pigmentation) සම වියලි මලානික බවක් ගන්නවා. සමේ මැරුණ සම ඉවත් වීමේ
ක්‍රියාවලිය මන්දගාමී වන්නේ සම අලුතින් හැදීමේ වේගය අඩු වීමත් සමගයි. අද අපි
ඉන්න පරිසරේ එදා අපේ අම්මලා අත්තම්මලා මුහුණ දුන්න පරිසරේට වඩා වෙනස්. දුම, දුහුවිල්ල, උණුසුම වැඩියි. ඒ වගේම අපි මේක්-අප් භාවිතා කරනවා. කාර්යාලයට යද්දී දවස පුරාම AC එකට සම වියලෙනවා. රාත්‍රියට ෆෑන් දානවා. අපි කන්නේ රසායන බහුල ආහාර. එන්න එන්නම ඕසෝන් වියන සිදුරු වීමත් සමග හිරු එළියේ ඇති UV කිරණ විෂ සහිත වෙලා. මේ සේරම දේවල් අපේ සම වයසට යවන ක්‍රියාවලිය ඉක්මන් කරනවා. නිසි සැලකිල්ල නොදක්වා සිටියොත් ඉතාම ඉක්මනින් වයස්ගත වීමේ සලකුණු අපේ මුහුණේ හට ගන්න පුලුවන්.

මුහුණේ වයසට යාම පාලනය කරන රූපලාවන්‍ය සත්කාර පටන් ගත යුත්තේ තරුණ
වියේ සිටයි. වයසට ගිහින් සම හානි වුනාම මොනවත් කරන්න බැහැ. ඉන්දියාවේ
ලලනාවන් අතීතයේ සිටම රූමත් සහ සුන්දර සමක් අයිති කර ගත්තා. ලොව පුරා
පර්යේෂකයන් මේ ගැන උනන්දු වෙලා ඉන්දියානු ලලනාවන්ගේ ආහාර රටා ජන ජීවිතය
ගැන අධ්‍යයනය කළා. එහිදී ඔවුන් සොයා ගත්තා ඔවුන්ගේ ජීවිතයේ අංගයක් වුන
කස්තුරි කහ මේ වෙනස ඇති කර ඇති බව. ඉතින් නොයෙක් ආකාර පර්යේෂණයන්ට
මේ ඔසුව ලක් කළා. ඉන්දියානු ඉතිහාසයේ අවුරුදු 4,000 ක් තරම් පැරණි අතීතයකට
කස්තුරි කහ දිව යනවා. එහි අඩංගු Curcumin කර්කියුමින් කියන සංඝටකය තමයි මේ
ඔබේ සමට දිව ඔසුවක් ලෙසින් ක්‍රියා කරන්නේ.

කස්තුරි කහ වල අඩංගු මැජික් සංඝටකය කර්කියුමින්

කස්තුරි කහ වල අඩංගු ප්‍රතිබැක්ටීරියා කාරක, ප්‍රතිවෛරස කාරක ශරීරයට ඉතාම
හිතකරයි. එය පිළිකා සෛල සමග පවා සටන් කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය
ශක්තිමත් කරනවා. ඒ මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් කරනවා. ඒ වගේම කර්කියුමින් මගින් සන්ධි වල වේදනා පවා සමනය කිරීමට උදවු කරන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ප්‍රතිඔක්සිකාරක හෙවත් antioxidants ශරීරයේ සෛල වයසට යාම පාලනය කරනවා. හදවතේ රුධිර ගමනය යහපත් අතට ගෙන එන්නට කස්තුරි කහ සමත්. අපි ඔබට කියා දෙන්න හදන්නේ මේ සේරම ගුණ වගේම ඔබේ සම කස්තුරි කහ මගින් රැක බලා ගන්නේ කොහොම කියලයි.

කස්තුරි කහ කෙලින්ම යොදාගෙන කළ හැකි සත්කාර තිබෙනවා. එහි ඇති දැඩි වර්ණය නිසා එය තරමක් පරිස්සමෙන් කළ යුතුයි. ඒ වගේම ඔබේ කාර්ය බහුල තාවය එක්ක නොකඩවා සත්කාර පිළියෙළ කිරීම ගැටළුවක් වෙන්න පුළුවන්. විද්‍යාවේ තාක්ෂණයේ පිහිට අපිට ලැබෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. කස්තුරි කහ අඩංගු නිෂ්පාදන ඔබේ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් වෙළඳපොලෙන් ලබා ගැනීම කරන්නත් පුළුවන්. කොහොම වුනත් මේ ඔසුව ඔබේ සමට කරන සේවය ඇහුවහම ඔබටත් ඕනේ වේවි කොයි ආකාරයෙන් හරි කස්තුරි කහ ඔබේ රූපලාවන්‍ය සත්කාර ගොන්නට ඇතුලත් කර ගැනීමට. මතක තියා ගන්න හැම විටම ඔලිවු තෙල්, කස්තුරි කහ , කෝමාරිකා වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති රූපලාවන්‍ය නිෂ්පාදන පමණක් ඔබේ ජීවිතේට ලං කර ගන්න.

පර්යේෂකයන් විසින් තහවුරු කළ කර්කියුමින් වල ප්‍රතිලාභ

1) හිරු එලියට හානි වූ සම යථා තත්වයට පත් කරයි

කොතරම් ප්‍රවේශම් වුනත් අපේ රටවල ඇති අධික සූර්ය තාපයට අපේ සම හානි
වෙනවා. වෙලාවට පෙරම සම මහලු වෙන්නත් ලොකුම හේතුව මෙන්න මේකයි. ඒ
වගේම හිරු එලිය නිසා සම පිළිස්සෙනවා. දුර්වර්ණ වෙනවා. තැන තැන ලප මතු
වෙනවා. නහය එක පාටක්, කම්මුල එක පාටක්. මේ තත්වය ඔබට ලැබුන මුහුණේ
සුන්දරත්වය වැඩි කරන්නේ නැහැ. එය විනාශ කරනවා.

හිරු එලියට නිරාවරණය වෙන සමට ඇති හොඳම ප්‍රතිකාරය තමයි කස්තුරි කහ. එහි
ඇති කර්කියුමින් ඉක්මනින් සම නැවත පිළිසකර කරනවා. ඒ වගේමයි නිතරම ක්සතුරි
කහ ඔබේ සමේ අලේප කරද්දී හිරු එලියට සම හානි වීමත් වලකිනවා. මේවා
පර්යේෂණ මගින් තහවුරු වුන ගුණාංග.

2) ඔබේ සම වයසට යාම පාලනය කරයි

කෙළවරක් නැති දුම , දුහුවිල්ල, පරිසර දූෂණය, වායු සමාන යන්ත්‍ර එක්ක ජීවත් වන
අපේ සම ඉතාම ඉක්මනින් වයසට යාමේ ක්‍රියාවලියට නතු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් දැන්ම සම වයස් ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන්නට සුදුසු පියවර අප විසින් ගත යුතුයි. වාසනාවට ඉන්දියානු ලඳුන් නම් ඒ දේ ඔවුනගේ ජීවිතේට එක් කර ගත්තා.

කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. එමගින් ඔබේ
සමේ සෛල අලුත්වැඩියා වීමේ ක්‍රියාවලිය ඉක්මන් කරනවා. ඒ නිසා වයස් ගත වීම
සමග ඇති වෙන රැලි, මෙලනින් ලප, වියලි සම ආදී ලක්ෂණ ඇති වීම පමා කරනවා.
මේ කස්තුරි කහ සතිය දෙවතාවක් වගේ අලේප කිරීම ප්‍රමාණවත්. ඉන්දියානු ලඳුන් නම්
හැමදාම උදේට කස්තුරි කහ වතුරෙන් මුහුණ හෝදනවා. පුදුමයක් නැහැ නේද ඔවුන්ගේ සම මෙතරම්ම සුන්දර වීම?

3) ඔබේ සමේ කුරුලෑ සහ තෙල් ගතිය පාලනය කරයි

ඔබත් අධික තෙල් සහිත සමකින් සහ එම නිසා හට ගන්නා කුරුලෑ වලින් පීඩා විඳින
කෙනෙක්ද? එහෙනම් කස්තුරි කහ කියන්නේ ඔබටත් හොඳ උත්තරයක්. කස්තුරි කහ
වල අඩංගු කර්කියුමින් ස්වභාවිකව සමේ තෙල් ගතිය පාලනය කරනවා. එහි අඩංගු
මේද අම්ල මගින් සමේ තතමනය රකින නිසා එම ක්‍රියාවලිය සිදු වෙන බව පැවසෙනවා.

4) සමේ වර්ණය වැඩි දියුණු කර සම දීප්තිමත් කරයි

නිකමට වත් හිතුවද ඉන්දියානු ළඳුන්ගේ සම ඔච්චර පැහැපත් සහ දීප්තිමත් වෙන්නේ
ඇයි කියල? ඔවුන් කස්තුරි කහ භාවිතා කරන නිසයි. ඔබේ සමේ වර්ණය වැඩි කිරීමටත් සම දීප්තිමත් කිරීමටත් කස්තුරි කහ වල ඇති කර්කියුමින් සමත් වෙනවා. ඉන්දියානු යෞවනියන් දිනපතාම සිය මුහුණ කස්තුරි කහ වතුරෙන් හෝදනවා. ඔවුන්ගේ සමේ ඇති පැහැපත් බවට සහ දීප්තිමත් බවට හේතුව එය බව සඳහන්.

5) සමේ රෝග වලට හොඳ ඔසුවක්

කස්තුරි කහ කියන්නේ පොතු කබර, දද, කුෂ්ට වගේ සමේ රෝග වලටත් හොඳ
ඔසුවක්. ඒ මගින් සමේ සියලුම රෝග සුවපත් කරනවා. මෙහි ඇති ඖශධීය ගුණාංග
නිසා ආයුර්වේදයේ බහුලවම කස්තුරි කහ යොදා ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 593 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:48 AM
Script:/article/593/things-you-didnt-know-about-curcumin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/593/things-you-didnt-know-about-curcumin.html