පිරිමි හිතන විදිහයි, ගැහැණු අපි හිතන විදිහයි හරිම වෙනස් නේ. අනේ අපොයි කියලා අපි දුක් වෙන කාරනා ගැන, ෂා පට්ටයි කියල පිරිමි සතුටු වෙන්නේ ඒ නිසානේ. මතකද ඔබට, ගැහැණු අපි දුක්වෙන වද වෙන ශරීර අංග කිහිපයකට පිරිමින් කෙල හලාගෙන ආශා කරන හැටි ගැන කලින් දවසක් කතා කළා? අද ඔන්න එහි දෙවෙනි කොටස තමයි මේ විදිහට ලියන්නේ. ඔබත් මේ දේවල් වල අයිතිකාරියක් නම්, අදින් පස්සේ දුක් වෙන්න එපා.
06. ඉනේ පිටුපස පහලින් පිහිටන dimples වගේ පිහිටන වල ගැසීම්
උසට සරිලන ශරීර බරක් ඇති යුවතියන්ට තමයි මේ ලක්ෂණය ගොඩක් වෙලාවට පිහිටන්නේ. ඉනේ පිටුපස පහල කොටසේ, dimples දෙකක් ආකාරයට පිහිටන වල ගැසීම්, පිරිමින්ව පිස්සු වට්ටනවා. ඒ වගේම ඒ වගේ කාන්තාවන්ට පිරිමින් හරිම ඉක්මනින් ආකර්ෂණය වෙනවා. මේ දවස් වල කොටට බ්ලවුස් අඳින එක ෆැෂන් එකක් වෙලානේ. එහෙම වෙලාවක, ඒක නිරාවරණය වෙනවා කියල කලබල වෙන්න එපා. ඇත්තටම එහෙම පිහිටන එක ලස්සනක්.
07. පළල් කලව
මහත, පිරුණු කලවා පිහිටීම ගොඩාක් කාන්තාවන් අපහසුතාවයට පත් කරනවා. හරිහැටි ඇඳුමක් තොර ගන්න බෑ ඒ නිසා වෙලාවකට. විශේෂයෙන් කලිසම් තොර ගනිද්දී ලොකු අපහසුතාවයකට මුහුන දෙනවා නේද? කලවා ප්‍රදේශය හරිම විශාලයි කියලා? හැබැයි අපි ඒ ගැන එහෙම දුක් වුනාට පිරිමින් නම් හරිම සතුටුයි. ඔවුන් ආකර්ෂණය වෙන ලක්ෂණයක් එක. ඉතින් අදින් පස්සේ කලවා මහතයි කියලා කොටට අඳින්න එහෙම මැලි වෙන්න එපා.
08. රතු මුහුණ
ගොඩක් ගැහැණු ළමයින්ගේ පෙන්න තියෙන ලක්ෂණයක් මේක. පිරිසක් එක්ක ගැටෙද්දී, විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් හා කටයුතු කරද්දී නොදැනුවත්වම ඔවුන්ගේ මුහුණ රතු වෙනවා. එහෙම වෙන්නේ ඉතින් රුධිර ගමනාගමනය වේගවත් වෙන නිසා. මෙහෙම මුහුණ රතු කෙල්ලන්ටත් පිරිමි හරි ආසලු. එහෙම අය දැක්කහම, පිරිමි හිතක ආදරය උතුරලා යනවා කියලයි කියන්නේ.
09. ගැඹුරු කටහඬ
ගොඩාක් කාන්තාවන්ට පිහිටන්නේ හරිම තියුණු කටහඬ. නමුත් කලාතුරකින් ගැඹුරු කටහඬකට හිමිකම් තියන කාන්තාවෝත් ඉන්නවනේ. එහෙම වෙලාවට ඒ කාන්තාවෝ ගොඩක් දුකට පත් වෙනවා. අනේ මගේ කටහඬ කිසිම ලාලිත්‍යයක් නෑ. හරිම ගැඹුරුනේ කියලා. හැබැයි ඒ වගේ කටහඬකට පිරිමි නම් ආකර්ෂණය වෙන්නේ හරිම අමුතු විදිහට. ගැඹුරු කාන්තා කටහඬකට ඔවුන්ට වත් හිතා ගන්න බැරි, ගුප්ත ආකර්ෂණයක් තියෙනවාලු.
10. සවාභාවික සුවඳ
කාන්තාවකගේ ශරීරයෙන් ස්වභාවයෙන්ම වහනය වන සුවඳට පිරිමින් හරියට ආකර්ෂණය වෙනවලු. සම මතුපිටට ශ්‍රාවය වෙන එස්ටර මගින් තමයි එහෙම සවභාවික සුවඳ ඇති කරන්නේ. ඒක කාන්තාවගෙන් කාන්තාවට ආවේනිකයි. ඒ සුවඳට පිරිමි හරිම කැමතිලු.
පිරිමි පිස්සු වට්ටන කාන්තා ශරීර අංග 01