කාන්තාවකගේ අත් බෑගයේ මේ දේවල් නම් අනිවාර්යෙන්ම තිබිය යුතුයි

May 1, 2017
13,469
8 Things That Every Girl Should Carry in Her Handbag
කතාවට නම් කියන්නේ කාන්තාවන්ගේ අත් බෑගයේ නැති දෙයක් නෑ කියලා. නමුත් ඉතින් අවශ්‍ය වෙලාවට බැලුවම ඕනේ කරන කිසිම දෙයක් නෑ. කාන්තාවක් කියන්නේ ටිකක් වගකීමෙන් වැඩ කරන්න ඕනේ කෙනෙක්. මේ නිසා හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා කාන්තාවකගේ අත් බෑගයේ තිබිය යුතු. ඒ නිසා මතක් කරලා මේ දේවල් ටික අදම ඔබේ අත් බෑගයට දමාගන්න.

1. වේදනා නාශකයක්

අපි නිවසින් බැහැරට ගිය පසු මොන වෙලාවක අපිට හිසරදයක් හැදෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ වෙලාවට වේදනා නාශක හොයන්න කඩවල් වලට යන්න උනොත් ඔබ තවත් අපහසුතාවයට පත් වෙනවා. නමුත් ඔබේ අත් බෑගයේ වේදනා නාශක පෙති තිබෙනවා නම් ඔබට පහසුවෙන්ම ඒවා භාවිතා කල හැකියි.

2. සනීපාරක්ෂක තුවා කිහිපයක්

කාන්තාවක් ලෙස මෙය ඔබට හදිසි අවස්ථාවකදී ඉතා වැදගත්. ඒ වගේම ඔබට තවත් කාන්තාවකට උපකාර කල හැකියි ඔබ සතුව සනීපාරක්ෂක තුවා තිබෙනවා නම්.

3.යම් මුදල් ප්‍රමාණයක්

අද අපිට ඕනෑම තැනකට බැංකු කාඩ් මගින් ගෙවීම් සිදුකල හැකි වුනත් යම් මුදල් ප්‍රමාණයක් ඔබේ අත් බෑගයේ තිබීම ඉතා වැදගත්. මොකද ඕනෑම අවස්ථාවක ඔබට ඒ මුදල් අවශ්‍ය වෙන්න පුළුවන්.

4. headphone එක

අපි නිවසින් ගිය විට සමහර අවස්ථා එලබෙනවා ඔබට තනිව යම් අයෙකු පැමිණෙන තුරු රැදී සිටීමට සිදුවෙන. මේ වෙලාවට ඔබට පුළුවන් headphone එක ඔබේ දුරකතනයට සම්බන්ධ කරගෙන ගීතයකට සවන් දෙන්න.

5. ඉදිකටුවක්, නූල් බෝලයක් සහ කුඩා කතුරක්

ඔබ නිවසින් බැහැරට ගිය අවස්ථාවකදී හදිසියේ ඔබේ ඇදුමට යමක් සිදු උනොත් මේ දේවල් ඔබ ලග තිබෙන එක ඉතා ප්‍රයෝජනවත්.

6. විෂබීජ නාශකයක්

ඔබ පිටතට ගිය පසු විවිධ විෂබීජ ඔබේ සිරුරේ තැවරෙනවා. ඒ වගේම ඔබ කඩවල් වලින් මිලදී ගන්න විවිධ ආහාර වර්ග ආහාරයට ගන්නවා. මේ වෙලාවට ඔබ අත් පිරිසිදු කර ගත්තේ නැත්නම් විෂබීජ විශාල ප්‍රමාණයක් ඔබේ සිරුරට ඇතුළු වෙනවා. මේ වෙලාවට ඔබට පුළුවන් මේ විෂබීජ නාශකය භාවිතා කරන්න.

7. Sunglasses

මෙය ඔබේ අත් බයේ තිබුනොත් අධික හිරු එළිය පවතින අවස්ථා වල ඔබට අපහසුවක් නැතිව පිටතදී ඔබේ කටයුතු ටික සිදු කරගන්න පුළුවන්.

8. නිවසේ යතුරක්

මෙයත් ඔබට ඕනෑම අවස්ථාවක අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම නිවසේ යතුරක් ඔබේ අත් බෑගයේ දමාගෙන තබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 252 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:55 AM
Script:/article/252/8-things-that-every-girl-should-carry-in-her-handbag.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:56 AM
Script:/article/252/8-things-that-every-girl-should-carry-in-her-handbag.html