තරහ පාලනය කරගන්නේ කො‍හොමද?

May 12, 2017
11,425
How to control your anger
කාන්තාවන් හැමදාමත් කැමති ලස්සනට තරුණ බව රැකගෙන ඉන්නනේ. හැබැයි ඉතින් තියන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අයට තරහ ටිකක් පාලනය කරගන්න අමාරුයි. වැඩිපුර තරහ ගන්න අය ඉක්මනට වයසට යනවා කියන කතාව නිකන් කටට ආවට කියපු කතාවක් නෙවෙයි ඇත්තටම. මොකද අපිට තරහ යන අවස්ථා වලදී අපේ ශරීරයේ රසායනික වෙනස්වීම් විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. මේ දේවල් නිසා අපේ ශරීරයට වගේම මනසටත් වෙන්නේ විශාල හානියක්. ඒ නිසා අපේ ලස්සන වගේම හොද මානසිකත්වයත් ඉක්මනින්ම පිරිහෙනවා. මේ නිසා ඇත්තටම කාන්තාවක් තරහ පාලනය කරගන්න එක බොහොම වැදගත් දෙයක්. මේ උපදෙස් වලට අනුව ඔබට පුළුවන් හොදින් ඔබේ තරහ පාලනය කරගන්න.

1. හික්මීම පුරුදු පුහුණු කරන්න

බොහෝ අවස්ථාවල ඔබට තරහ යන්න බලපාන හෙතුවක් තමයි ඉවසීමක් නැතිකම. මේ නිසා ඔබ මුලින්ම කරන්න ඕනේ ඉවසීම පුරුදු පුහුණු කරන එක. මේ වැඩේ ඔබට කරන්න පුළුවන් ඔබේම උත්සාහයෙන් විතරයි. ඒ නිසා ඔබට තරහ යන අවස්ථාවලදී ඔබේ හැගීම් පාලනය කරගෙන සන්සුන් වෙන්න උත්සහ කරන්න.

2. 10 සිට 1 ට ගණන් කරන්න

තරහ පාලනය කරගන්න මේ වැඩේ කරන්න කියලා බොහෝ දෙනෙක් කියනවා ඔබ සමහර විට අසා ඇති. මෙයින් කරන්නේ ඔබේ පාලනයෙන් මිදුන ඔබේ මනස නැවත සන්සුන් කරගන්න අවශ්‍ය වටපිටාව ඔබට සකස් කර දීමයි. මෙය ඇත්තටම ඔබේ ආවේගයන් පාලනය කරගන්න උපයෝගී කරගන්න පුළුවන් හොද ක්‍රමයක්. මෙයින් ඉක්මනින්ම ඔබේ මනස පාලනය කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා

3. ඔබට තරහ ඇතිවෙන දේවල් වලින් ඈත් වෙන්න

යම් අවස්ථාවක ඔබට තරහ යන බව දැනෙනවානම් එම ස්ථානයේ හෝ පුද්ගලයන් සමග තව දුරටත් නොසිට ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වී ඔබේ අවධානය ඔබ කැමති වෙනත් කාර්යකට යොදවන්න. එවිට ඔබට හැකිවේවි තරමක් දුරට ඔබේ තරහව පාලනය කරගන්න.

4. සිනහව තරහ පාලනය කරගන්න උදවු කරගන්න

සිතන්න ඔබට තරහ යන අවස්ථාවක් තිබෙනවා කියා. එම අවස්ථාවන් වල ඔබට පුළුවන් නම් සිනාසෙන්න උත්සහ කරන්න ඔබට පුළුවන් තරහ සිතුවිලි පාලනය කරගන්න. මොකද ඔබේ අවධානය එවිට සම්පුර්ණයෙන්ම යොමුවෙන්නේ සිනාසීම පිලිබදවයි. එවිට ඔබේ මනසත් එයට ප්‍රතිචාර දක්වන්න ඔබට සහය වෙනවා.

5. වතුර පානය කරන්න

එය ඔබට උදවු වෙනවා තරහ ගිය විට ඔබේ ශරීරයේ උණුසුම පාලනය කරමින් ඔබේ තරහව පාලනය කරන්න. මේ නිසා සිසිල් වතුර වීදුරුවක් ඔබට තරහ ගිය අවස්ථාවක පානය කිරීම ඔබට විශාල සහනයක් ගෙනදේවි.

6. තරහව ඔබට අහිමි කරන දේවල් ගැන මෙනෙහි කරන්න

තරහව අපිට නැතිකරන්නේ අපේ ශරීරයේ නිරෝගිකම මානසික සතුට වගේම සමහර විට අපේ ආදරණිය පුද්ගලයන්. ඒ වගේම තරහව නිසා අපිට ලැබෙන දෙයක් නැහැ. මේ නිසා මේ දේවල් ගැන අවබෝධයෙන් සිතීම ඔබට උදවු වේවි ඔබේ තරහව පාලනය කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 271 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:00 PM
Script:/article/271/how-to-control-your-anger.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 4:32:00 PM
Script:/article/271/how-to-control-your-anger.html