කුකුල් මස් 250g
බිත්තර 2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
තක්කාලි ගෙඩි 1ක්
වතුර කෝප්ප 1ක්
කරපිංචා කොල 4-5ක්
අබ ඇට තේ හැදි 1/2ක්
ඉගුරු,සුදු ළූණූ තේ හැදි 2ක්
ලුණු පදමට
තෙල් මේස හැදි 2ක්
මුලින්ම ලුණු, මිරිස් කුඩු හැදි 1ක්, කහ සහ වතුර දමා මස් ටික මදවේලාවක් තම්බාගෙන මස් කැබැලි වලට ඉරාගන්න. අනතුරුව තෙල් රත්කර අබ ඇට දමා පුපුරන විට සිහින්ව කපාගත් ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා එකතු කර රන්වන් පැහැ වනවිට ඉතිරි වු කුලුබඩු සියල්ල දමා මිශ්‍ර කරගන්න.
දැන් තක්කාලි හා කලින් මස් තම්බාගත් වතුර එයට දමා මදක් හින්දන්න. දැන් ඉරාගත්ත මස් කවලම් කර මද වේලාවකින් බිත්තර කවලම් කරන්න. හොදින් හැන්දෙන් බිත්තර කුඩාවට කැඩෙන ලෙස කවලම් කරන්න. පදමට ලුණුත් එකතු කරගන්න.
ඔබට මෙය පාන් සමග, රොටී සමග, බත් එක්ක හෝ ඕනෑම ආහරයක් සමඟ කන්න පුලුවන්. කටගැස්මකටත් හොදයි.